Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් බුරන්ඩ ඇවිල්ල පල්වෙලා තවත් කියවන්ඩ එපා බන්.. :lol::lol::lol: ආණ්ඩුවෙන් ඕව ඉල්ල නෙමේ නිකන් දෙන ඒව ..අපි කරන්නෙ PCR කියල තිරනයක් දැනටම අරන් ඉවරයි.. නිකන් දෙන එකේ ටෙස්ට් කරයි රැන්ඩම් ..dhanagena බුරපන් :P:P

    Hamadema negative dakinne.... GUNP un tamai :yes::yes:

    :P
    විහිළුවට ඉරෝසන්ව අවුස්සන්න කිව්වෙ :baffled:
    ඔය ඇවිස්සිලා ඉන්නෙ :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    :P



    :yes: like how west distributes democracy free of charge :baffled:
    though it costs them billions of dollars for those democracy sprouting bombs. world is lucky their people are generous and kind unlike chinese. :yes:
    අඩෝ උබ මේවා මේ සීරියස්ද කියන්නේ . :eek::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    විහිළුවට ඉරෝසන්ව අවුස්සන්න කිව්වෙ :baffled:
    ඔය ඇවිස්සිලා ඉන්නෙ :P

    බාගෙට කියවල බුරා පැනල , පල් උනාම ඔහොමවත් කියපන් :lol::lol::lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ගතවු පැය 24 ට ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී න.
    Seems like people still hiding
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මේව කිව්වෙ? :oo:
    උබ කියන්නේ සුද්දෝ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දුන්නේ නැත්තන් සිංහලු හෙන ආතල් එකේ ඉදිවී කියලද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මේව කට කහනවට කියපුව නෙමේ- දැන් තේරෙනවනෙ අගේ"

     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News !!!

    අවදානම් දිස්ත්‍රික්කවල ඖෂධ බෙදාහැරීම අන්තර් ජාලය හා දුරකතන ඇනවුම් මගින්, සෙසු දිස්ත්‍රික්කවල ඖෂධ අලෙවිහල් පෙරවරු 9 සිට 2 දක්වා විවෘතයි - අග්‍රාමාත්‍ය කාර්යාලය
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    ගතවු පැය 24 ට ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී න.
    Seems like people still hiding

    Shit uba kata ariya neda paraya :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EVPStEGU4AQLtJ7
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියන්නේ සුද්දෝ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දුන්නේ නැත්තන් සිංහලු හෙන ආතල් එකේ ඉදිවී කියලද ?

    ලංකාව ගැන නෙමේ ලෝකය ගැනම කිව්වෙ :yes: ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමේ මුලු ලිබරල් වාදයම බලෙන් ලෝකෙ පුරා පතුරුවන එක කරන්නෙ. චීනෙ මේකෙ තනිකරම අනික් පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන රටවල් තියෙනව වැඩ නොකරන රටවල් තියෙනව.
    බටහිර ලිබරල් වාදයෙන් අන්ද වෙලා ඉන්නෙ. ආගම් වාදයෙන් අන්ධ වුන මනුස්සයෙක් තමන්ගෙ ආගම විශ්වාස නොකරන අයට ඇතිවෙන සේරම ප්‍රශ්න වලට මුල තමන්ගෙ ආගම විශ්වාස නොකිරීම කියල දකිනව වගේ බටහිර දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැති රටවල් වල සේරම ප්‍රශ්න වලට මුල ප්‍රජාතන්ත්‍රවාදය නැති කම කියල
    ඒක එයාලගෙ සංස්කෘතියෙන්ම එන දෙයක්. ඉස්සර දෙවියන්ගෙන් අන්ද වුනා. දැන් ලිබරල් වාදයෙන් අන්ද වෙලා
    චිනය මේකෙ තනිකර අනික් පැත්ත. තමන්ගෙ ideology වෙන රටවල් වලට පටවන්නෑ ideology වලිං මිදිල යථාර්තවාදීව ලෝකය දකින්න පුලුවන්
    ඒකයි බටහිර චීනෙ නගර වහද්දි ඒක චීනෙ ඒකාධිපති පාලනය නිසයි ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසයි තමා ඔහෙම නගර වහගෙන මිනිස්සුන්ගෙ මානව හිමිකම් නැති කරගෙන වෛරස පාලනය කරන්න වුනේ කියල හිතන්නෙ. ඒ නිසාමයි චීනෙ මරණ අඩුවෙද්දි ඒක පිළිගන්න බැරි. කොහොමද ලෝකෙ එකම හරි ආගම වුන අපේ ආගම (liberalism) අදහන්නෙ නැති මිථ්‍යාදෘශ්ඨිකයො ටිකක් අපිට වඩා සාර්ථක වෙන්නෙ? ඒක වෙන්න බැරි දෙයක්. :no: ඒ මිථ්‍යා දෘශ්ඨිකයන්ට වුන දේ අපිට කවදාවත් වෙන්නෙ නෑ. ලෝකෙ එකම සත්‍යය හොඳම ආගම අපේ ගාව. ඒ නිසා අපි චීනෙට විහිලු කරමු.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    "මේව කට කහනවට කියපුව නෙමේ- දැන් තේරෙනවනෙ අගේ"



    :yes::yes::yes::yes::yes::yes::yes: TFS





    ඔහොම ගෑම්මක් තිබ්බා යුද් ධේ දවස් වල. ඊට පස්සේ මහින්ද ලොක්කා ඒක චොර කලා . හිටන් සහ පොන්සියෝ ආණ්ඩුව එහෙම හෑගීමක් නෑත්තටම නෑති කරලා දෑම්මා සින්හලයන්ගේ... උපන් රටටත් දෙමාපියන්ටත් ඈල්මක් ආදරයක් නෑති මිනිස්සු ඉන්න රටක් කොහේ ගොඩ ගන්නද
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    wijayagrahanaye kiribath kaallak heta aniddama kanna puluwan weida thun man handiyata gihin :P
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගම්පහ දිස්ත‍්‍රික්කය වසා දැමේ..
    අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි 15000ක පමණ පිරිසක් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝඩිං ආශ්‍රිතව සිටින බවයි. නිදහස් වෙළද කළාප වලට බාහිරව වෙනත් කර්මාන්ත ශාලා , වැඩ බිම් හා මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් මෙලෙස දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව මෙහිදී හෙලි විය. කටුනායක හා සීදූව බල ප්‍රදේශ වල පමණක් 5000 කට අධික පිරිසක් සිටින බව පොලිසිය මෙහිදී අනාවරණය කළේය. සෞඛ්‍ය අංශ අවධාරණය කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමටනම් අත්‍යවශ්‍ය හේතුන් හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුදගලයන් වෙනත් දිස්ත්‍රික්ක වලට යැවිම හා වෙනත් දිස්ත්‍රික්කවලින් ගම්පහට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ පිරිසට සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන්ට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකස් විය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල එකගතාවය ලැබුණ වහාම ඔවුන් ගම්බිම් වලට පිටත් කර හැරීමටත් එතෙක් ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩ පිළිවෙල සදහා ලබා දී ඇති ඇදිරි නීති බල පත්‍ර අවභාවිතා කිරීමේ සිද්ධින් පිළිබදව ද කමිටුවේ විශේෂ අවධානය යොමු විය. පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත් 7191ක් ලබා දී ඇති බවයි. ඇදිරි නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 2718 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 349ක් හා යතුරු පැදි 410ක් පොලිස් භාරයට ගත් බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කලේය. මෙම ඇදිරි නීති බල පත්‍ර නැවත විමර්ෂණය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදි පෙන්වා දුන්නේය.

    ඒ අනුව දිස්ත්‍රික් කමිටුව තීරණය කලේ දැනට අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දී ඇති ඇදිරි නීති බලපත්‍ර යලි විමර්ෂණයකට ලක් කිරීමටයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පත් කර ඇති ප්‍රාදේශිය කමිටුව මගින් මෙම ඇදිරි නීති බලපත්‍ර විමර්ෂණය කිරීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන බවට හා එම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට තහවුරු වන අයගේ බලපත්‍ර අහෝසි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.
     
    Status
    Not open for further replies.