උබ කියන්නේ සුද්දෝ ලංකාවට ප්රජාතන්ත්රවාදය හදුන්වා දුන්නේ නැත්තන් සිංහලු හෙන ආතල් එකේ ඉදිවී කියලද ?
ලංකාව ගැන නෙමේ ලෝකය ගැනම කිව්වෙ

ප්රජාතන්ත්රවාදය විතරක් නෙමේ මුලු ලිබරල් වාදයම බලෙන් ලෝකෙ පුරා පතුරුවන එක කරන්නෙ. චීනෙ මේකෙ තනිකරම අනික් පැත්ත. ප්රජාතන්ත්රවාදය වැඩ කරන රටවල් තියෙනව වැඩ නොකරන රටවල් තියෙනව.
බටහිර ලිබරල් වාදයෙන් අන්ද වෙලා ඉන්නෙ. ආගම් වාදයෙන් අන්ධ වුන මනුස්සයෙක් තමන්ගෙ ආගම විශ්වාස නොකරන අයට ඇතිවෙන සේරම ප්‍රශ්න වලට මුල තමන්ගෙ ආගම විශ්වාස නොකිරීම කියල දකිනව වගේ බටහිර දකින්නෙ ප්රජාතන්ත්රවාදය එහෙම නැති රටවල් වල සේරම ප්‍රශ්න වලට මුල ප්රජාතන්ත්රවාදය නැති කම කියල
ඒක එයාලගෙ සංස්කෘතියෙන්ම එන දෙයක්. ඉස්සර දෙවියන්ගෙන් අන්ද වුනා. දැන් ලිබරල් වාදයෙන් අන්ද වෙලා
චිනය මේකෙ තනිකර අනික් පැත්ත. තමන්ගෙ ideology වෙන රටවල් වලට පටවන්නෑ ideology වලිං මිදිල යථාර්තවාදීව ලෝකය දකින්න පුලුවන්
ඒකයි බටහිර චීනෙ නගර වහද්දි ඒක චීනෙ ඒකාධිපති පාලනය නිසයි ප්රජාතන්ත්රවාදය නැති නිසයි තමා ඔහෙම නගර වහගෙන මිනිස්සුන්ගෙ මානව හිමිකම් නැති කරගෙන වෛරස පාලනය කරන්න වුනේ කියල හිතන්නෙ. ඒ නිසාමයි චීනෙ මරණ අඩුවෙද්දි ඒක පිළිගන්න බැරි. කොහොමද ලෝකෙ එකම හරි ආගම වුන අපේ ආගම (liberalism) අදහන්නෙ නැති මිථ්යාදෘශ්ඨිකයො ටිකක් අපිට වඩා සාර්ථක වෙන්නෙ? ඒක වෙන්න බැරි දෙයක්.

ඒ මිථ්‍යා දෘශ්ඨිකයන්ට වුන දේ අපිට කවදාවත් වෙන්නෙ නෑ. ලෝකෙ එකම සත්‍යය හොඳම ආගම අපේ ගාව. ඒ නිසා අපි චීනෙට විහිලු කරමු.