Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට අපහාසෙට කියනවා නෙවේ එවුන්ට ඔය point 2 කිසි වැඩකට නැ. Rent එක $2500 කියන්නේ මහ ලොකු ගාණක් නෙවේ මෙහෙ හෙන ගාණක් උනාට. Unlimited internet නම් India වලත් තියෙනව.

    itng eka tama kuwe ban mudukkwaka inne kiyala India wala :yes: :(

    rent eka echara loku ganak neme unata apita nam oyta wada be.. ubala wage rich ne api
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    itng eka tama kuwe ban mudukkwaka inne kiyala India wala :yes: :(

    rent eka echara loku ganak neme unata apita nam oyta wada be.. ubala wage rich ne api

    මට නම් කොහොමත් සල්ලි නැ. එහෙම දේකට නෙවේ කිව්වේ. ඔය උබට කියලා තියෙන එක වැරදි කියලා පෙන්නන ඔය point 2 weak වැඩි කියලා කියන්න හැදුවේ. නැතුව වෙන මොකුත් නෙවේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට නම් කොහොමත් සල්ලි නැ. එහෙම දේකට නෙවේ කිව්වේ. ඔය උබට කියලා තියෙන එක වැරදි කියලා පෙන්නන ඔය point 2 weak වැඩි කියලා කියන්න හැදුවේ. නැතුව වෙන මොකුත් නෙවේ.

    ok. dan mokdaman denna one uttare. ubata hitata sanasimak labennama:(
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    දැන් මෙතන හැමෝම කියන්වනේ අවදානම් පලාත් වන බස්නහිර, නුවර,යාපනේ අරින්නෙ නෑ කියලා, හැබැයි පුටෝ බැරි වෙලා හරි ඒ පලාත් ටික ආන්ඩුවෙන් ඇරියොත් ඒවත් සාදාරනීකරනය කරගෙන පුක දෙන්න නම් ලෑස්ති වෙන්න එපා. කට්ටියගෙ හැසිරීම බලාගන්න පුලුවන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,490
    113
    එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

    මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

    කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

    දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.

    රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.

    – aruna

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/ඇදිරි-නීතිය-ඉවත්-කරන්න-යෝ/
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    412 Mpbs my internet speed Test. :lol: and unlimited data :rofl: my rent for the month $2500. yes im in mudukkuwaka. :dull:

    :lol:වෙන රටවල ඉතිං රෙන්ට් ඵක ඔය ගණන් තමා..උඹට ඕව මැජික්ද?internet speed ඵකත් දාල.:lol:..412Mpbs..:lol:හුට්ටො අපිට තියෙන්නේ 1000Mpbs..:P
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් සතියක කාලයක් කොළඹ මැනින් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර ඇත.
    ඇතිවන ගැටලු මගහරවා ගෙන එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් සකස් කර ඇත.

    ඒ හේතුවෙන්;

    1. දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද,

    2. මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පළතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ.

    3.තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ.

    4.මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පළතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොවිඩ් 19 වසංගතය නිසා දැනට ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන නැවතත්
    අප්‍රේල් මස 20න් පසු ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් ඊට සරිළන පරිදි පොදු ප්‍රවාහණ

    සේවාවන් පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න සම්බන්ධව අද (17) දින විශේෂ සාකච්ඡාවක්
    ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙයි.

    අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා
    ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල නිලධාරින් සහභාගි විය.

    ඒ් අනුවමෙම මස 20 දායින් පසුව නැවතත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීමට රජය
    තීරණය කළහොත් පොදු ප්‍රවාහණ සේවාවල දී මහජන ආරක්ෂාව උදෙසා පහත සඳහන් තීරණ ගෙන තිබෙයි.

    • සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබා දෙන උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම

    • සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම හා කිසියම් පුද්ගලයෙක් උණ,
    කැස්ස හා ප්‍රතිශ්‍යාව සහිත නම් වහාම එම පුද්ගලයා සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම.

    • මගී ප්‍රවාහණ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීම.

    • දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම. ඒ අනුව දුම්රිය මැඳිරි තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ
    ගැසීම, දුම්රිය ස්ථානවල හෝ මැඳිරිවල වෙළඳාම් කිරීම හා සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් වන
    අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම.

    • සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් පරිදි දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ
    පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම වැනි සෞඛ්‍ය නිර්දේශ
    අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම.

    • සැම දුම්රිය ස්ථාන, මැඳිරි මෙන්ම බස් රථ අඩු තරමින් දින දෙකකට වරක්වත් විෂබීජානුහරණය කිරීම
    හා ඊට අවශ්‍ය විෂබීජ නාශක ද්‍රව්‍ය ඛනිජතෙල් සංස්ථාව මගින් ලබා දීම.

    • අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් නොවන නොවන කිසිදු අයෙක් දුම්රිය හෝ බස් රථවලට ඇතුළත් කර
    නොගැනීම. ඇතැම් පුද්ගලයින් නෑගමන් යාම වැනි දෑවලට පෙළඹිය හැකි බැවින් එවැනි අය සඳහා
    ප්‍රවාහණ පහසුකම් නොසැපයීම.

    • ලබන සඳුදා 20 දින මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සකස් කරනු ලබන වැඩ පිළිවෙළ
    අමාත්‍යවරයා සමග ලබන බදාදා 22 දින සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයට එම වැඩ පිලිවෙළ දැනුම්
    දීමට නියමිතය.

    • එමෙන්ම සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යනු ලබන්නේ ලාභ ඉපයීමේ
    පරමාර්ථයෙන් නොව මහජන සේවාවන් පවත්වාගෙන යාම හා අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම
    සඳහා පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

    ඒ් අනුව රජය විසින් ලබා දෙන උපදෙස් පරිදි මගීන්ට කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කළ හැකි පරිදි
    මෙන්ම කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීම සඳහා රජය විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය ලබා
    දෙමින් පොදු ප්‍රවාහණ සේවය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට
    උපදෙස් ලබාදී ඇත.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol:වෙන රටවල ඉතිං රෙන්ට් ඵක ඔය ගණන් තමා..උඹට ඕව මැජික්ද?internet speed ඵකත් දාල.:lol:..412Mpbs..:lol:හුට්ටො අපිට තියෙන්නේ 1000Mpbs..:P

    ok
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසයෙන් සුවය ලබා යථා තත්ත්වයට පත්වූ රෝගීන් 116 කට නැවතත් එම වෛරසය සක්‍රීය වී ඇති බව දකුණු කොරියානු රජය විසින් පවසා තිබේ. පුවතත් සමඟ ලොව පුරා ජනතාව බොහෝ කලබලයට පත්ව තිබෙන අයුරු දක්නට ලැබේ. ඊට හේතුව නැවතත් නව කොරෝනා වෛරසයෙන්
    ධනාත්මක ප්‍රතිඵල ලැබූ රෝගීන් තවමත් සුවය ලබා ඇති බවට වාර්තා වී නොමැති වීමයි. කෙසේ වෙතත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරංචි මාර්ග පවසයි.
    සැබැවින්ම නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට නැවතත් එම වෛරසය වැළදීමේ අවදානමක් තිබේ ද? මෙම ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ නැවත වෛරසය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව එරට රජය විසින් වාර්තා කිරීමත් සමගිනි.

    දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ද පසුගිය දිනෙක පැවැත්වීමට එරට රජය තීරණය කර තිබුණි. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවක් සිදු කෙරෙන අතර ඔවුන්ට උණ වැළඳී ඇත්නම් වෙනම ඡන්ද ස්ථානයකට ගෙන යාමට එරට රජය කටයුතු කරන ලදි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි කොවිඩ් 19 වෙතින් සුවය ලැබූ පසු ඔවුන් අවම වශයෙන් යම් කාලයක් ඒ සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත යුතුයි. නමුත් නව කොරෝනා වෛරසය දෙවන වරටත් ආසාදනය වීමේ බරපතළ අවදානමක් තිබියදී දකුණු කොරියාව මෙවන් මැතිවරණයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොහෝ විද්වතුන් පවසා තිබේ.

    දෙවනවර රෝගය වැළදීම ගැන පරීක්ෂණ සිදුවෙද්දී එය පරීක්ෂණ වල දෝෂ නිසා සිදුවීද යන සැකයද පැනනැගී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීම සඳහා අදාල සාම්පල ලබා ගන්නා ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමට සියළු රාජ්‍යයන් වගබලා ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟ නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්ට සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

    කෙසේ වෙතත් දකුණු කොරියාවෙන් වාර්තා වූ දෙවන වරටත් සක්‍රීය වන රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවා යද්දී මෙම වෛරසය වැළදී ඇති පුද්ගලයන්ට මේ ආකාරයෙන් එය දෙවන වරටත් වැළඳෙන්නේ නම් එයින් අදහස් වන්නේ අප බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවට බලධාරීන්ගේ අදහස් පළව තිබේ.

    මේ වන විටත් ලොව බොහෝ රටවල් මෙම සමාජ දුරස්ථ භාවය පිළිබඳව අවධානය යොමුකර තිබේ. නමුත් ඇතැම් රාජ්‍යයන් මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන බව පෙනේ. කෙසේ වෙතත් දකුණු කොරියානු සිද්ධියෙන් සමාජ දුරස්ථ භාවය රැකනොගැනීමේ ගැටලු මතුකර තිබේ.
    මුලින්ම කොරෝනා තත්වය අහවරවූ බවට වාර්තා කළ චීනයේද මෙවන් තත්ව මතු විය.
    කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට දකුණු කොරියාව මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම දෙවන වරටත් නව කොරෝනා ආසාදනය වූ ආසාදිතයන් පිළිබඳව වාර්තා වී තිබේ. එබැවින් මෙම නව කොරෝනා වෛරසය සුළු වශයෙන් නොතකා දැඩි අවධානයකින් යුතුව ආරක්ෂාකාරීව ඊට මුහුණ දීමට සියලු රාජ්‍යයන් වගබලා ගැනීම අතිශයින් වැදගත් වේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    පසුගියදා කොරෝනා ආසාදනයවූ බවට වාර්තාවූ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇයගේ පුතු මීට ටික දිනකට පෙර සිට මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ
    ව්‍යාපාරයක් සිදු කර තිබී ඇති බව පොලිසිය සොයාගෙන තිබේ.
    කොරෝනා වෛරසය ආසාධනය වූ මෙම කාන්තාවගේ පුත්‍රයා අලෙවි කිරීම සදහා මුහුණු ආවරණ

    සපයා තිබී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ ෆාමසියකටය.
    ඒ ගැන සොයා බැලූ පොලිසිය වහාම එම ෆාමසියේ අලෙවි කටයුතු නතර කරන ලෙස දන්වා ඇති අතර වෙනත් ඖෂධ අලෙවියද නවතා ෆාමසිය වසා තැබීමට කොහුවල පොලීසිය විසින් ඊයේ (16) පියවර ගෙන ඇත.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව මෙම ෆාමසිය තුළ තිබූ මුහුණු ආවරණ සියල්ල විනාශකොට දැමීමටද පියවර ගෙන තිබුණි.
    කෙසේ වෙතත් ෆාමසි හිමියා දන්වා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයා ලබා දුන් ආවරණ තමන් මේ දක්වා අලෙවි කරේ නැති බවයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

    විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාර්තු මස අගභාගයේ දී මෙම වැඩසටහන විදේශ සබඳතා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලදි.

    ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    මොවුන්ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග කලාපයේ පදිංචි පුද්ගලයින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,205
    72,386
    113
    මාලඹේ
    දැන් මෙතන හැමෝම කියන්වනේ අවදානම් පලාත් වන බස්නහිර, නුවර,යාපනේ අරින්නෙ නෑ කියලා, හැබැයි පුටෝ බැරි වෙලා හරි ඒ පලාත් ටික ආන්ඩුවෙන් ඇරියොත් ඒවත් සාදාරනීකරනය කරගෙන පුක දෙන්න නම් ලෑස්ති වෙන්න එපා. කට්ටියගෙ හැසිරීම බලාගන්න පුලුවන්

    උබ ට දේශපාලනය කරන්න ඕනේ නම් වෙනම thread එකක් අරගෙන දේශපාලනය කථා කරපං . මෙතැන පුක දෙන්නේ නැතුව:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,705
    98,741
    113
    කොරෝනා වෛරසයෙන් සුවය ලබා යථා තත්ත්වයට පත්වූ රෝගීන් 116 කට නැවතත් එම වෛරසය සක්‍රීය වී ඇති බව දකුණු කොරියානු රජය විසින් පවසා තිබේ. පුවතත් සමඟ ලොව පුරා ජනතාව බොහෝ කලබලයට පත්ව තිබෙන අයුරු දක්නට ලැබේ. ඊට හේතුව නැවතත් නව කොරෝනා වෛරසයෙන්
    ධනාත්මක ප්‍රතිඵල ලැබූ රෝගීන් තවමත් සුවය ලබා ඇති බවට වාර්තා වී නොමැති වීමයි. කෙසේ වෙතත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරංචි මාර්ග පවසයි.
    සැබැවින්ම නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට නැවතත් එම වෛරසය වැළදීමේ අවදානමක් තිබේ ද? මෙම ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ නැවත වෛරසය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව එරට රජය විසින් වාර්තා කිරීමත් සමගිනි.

    දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ද පසුගිය දිනෙක පැවැත්වීමට එරට රජය තීරණය කර තිබුණි. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවක් සිදු කෙරෙන අතර ඔවුන්ට උණ වැළඳී ඇත්නම් වෙනම ඡන්ද ස්ථානයකට ගෙන යාමට එරට රජය කටයුතු කරන ලදි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි කොවිඩ් 19 වෙතින් සුවය ලැබූ පසු ඔවුන් අවම වශයෙන් යම් කාලයක් ඒ සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත යුතුයි. නමුත් නව කොරෝනා වෛරසය දෙවන වරටත් ආසාදනය වීමේ බරපතළ අවදානමක් තිබියදී දකුණු කොරියාව මෙවන් මැතිවරණයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොහෝ විද්වතුන් පවසා තිබේ.

    දෙවනවර රෝගය වැළදීම ගැන පරීක්ෂණ සිදුවෙද්දී එය පරීක්ෂණ වල දෝෂ නිසා සිදුවීද යන සැකයද පැනනැගී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීම සඳහා අදාල සාම්පල ලබා ගන්නා ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමට සියළු රාජ්‍යයන් වගබලා ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟ නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්ට සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

    කෙසේ වෙතත් දකුණු කොරියාවෙන් වාර්තා වූ දෙවන වරටත් සක්‍රීය වන රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවා යද්දී මෙම වෛරසය වැළදී ඇති පුද්ගලයන්ට මේ ආකාරයෙන් එය දෙවන වරටත් වැළඳෙන්නේ නම් එයින් අදහස් වන්නේ අප බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවට බලධාරීන්ගේ අදහස් පළව තිබේ.

    මේ වන විටත් ලොව බොහෝ රටවල් මෙම සමාජ දුරස්ථ භාවය පිළිබඳව අවධානය යොමුකර තිබේ. නමුත් ඇතැම් රාජ්‍යයන් මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන බව පෙනේ. කෙසේ වෙතත් දකුණු කොරියානු සිද්ධියෙන් සමාජ දුරස්ථ භාවය රැකනොගැනීමේ ගැටලු මතුකර තිබේ.
    මුලින්ම කොරෝනා තත්වය අහවරවූ බවට වාර්තා කළ චීනයේද මෙවන් තත්ව මතු විය.
    කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට දකුණු කොරියාව මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම දෙවන වරටත් නව කොරෝනා ආසාදනය වූ ආසාදිතයන් පිළිබඳව වාර්තා වී තිබේ. එබැවින් මෙම නව කොරෝනා වෛරසය සුළු වශයෙන් නොතකා දැඩි අවධානයකින් යුතුව ආරක්ෂාකාරීව ඊට මුහුණ දීමට සියලු රාජ්‍යයන් වගබලා ගැනීම අතිශයින් වැදගත් වේ.
    ජන්දෙට බය ගූ ඇන් පී ජෙවීපී පොන්න බල්ලෙක් වෙන්න ආසද උබටත්. :(:(
     
    Status
    Not open for further replies.