Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,073
    8,077
    113
    M-Town
    ⭕🔥 එලූ කොරෝනා දැලට පිටින් හමු වූ පිලියන්දල සහ බොරැලැස්ගමුව ආසාදිතයින් දෙදෙනා .. 😨

    නිරෝධායන ක්‍රියාවලියට පිටින් බොරලස්ගමුවෙන් තවත් ආසාදිතයෙන් හමුවෙයි..

    ඊයේ දිනයේදී කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් බොරැලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලා..

    එම රෝගීන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් පිටතදී හමුවූ පුද්ගලයින් බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

    මෙලෙස හමුවූ එක් රෝගියෙක් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙක් ලෙස හඳුනාගත් අතර ඔහුට වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.

    මෙම මාළු ව්‍යාපාරිකයා මාළු අලෙවි කිරීම් සඳහා ස්ථාන රැසකට ගොස් ඇති බවත් ඔහු ඇසුරු කළ පුද්ගලයින් සමබන්ධයෙන් විමර්ශනය කරන බවට යුධ හමුදාපතිවරයා පැවසුවා.

    එමෙන්ම බොරැලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වු අනෙක් කොරෝනා ආසාධිත පුද්ගලයාට එම වෛරසය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී සම්ප්‍රේෂණය වූ බවට සැක පළ කරන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

    මෙම රෝගියා රුධිර පාරවිලනය කිරිම සඳහා කොට්ටාව ප්‍රදේශයේ පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට සතියට දින 03ක කාලයක් යන අතර මෙරටින් වාර්තා වූ 114 වන කොරෝනා ආසාධිතයා එම රෝහලට පැමිණි බවට හෙළිව ඇති බව ඔහු සඳහන් කර සිටියා.

    මේ වන විට බොරැලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    මේ අතර පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමත් සමග පවුල් 15 කට අයත් පුද්ගලයින් 71ක් දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කර සිටියා.

    ‪එමෙන්ම නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 100ක් වනවා. ‬

    මේ වන විට රෝහල් ගතව සිටින මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 202ක් වන අතර වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 07ක් වනවා.

    මේ දක්වා මෙරට වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309 ක් වනවා.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ⭕🔥 එලූ කොරෝනා දැලට පිටින් හමු වූ පිලියන්දල සහ බොරැලැස්ගමුව ආසාදිතයින් දෙදෙනා .. 😨

    නිරෝධායන ක්‍රියාවලියට පිටින් බොරලස්ගමුවෙන් තවත් ආසාදිතයෙන් හමුවෙයි..

    ඊයේ දිනයේදී කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් බොරැලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලා..

    එම රෝගීන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් පිටතදී හමුවූ පුද්ගලයින් බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

    මෙලෙස හමුවූ එක් රෝගියෙක් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙක් ලෙස හඳුනාගත් අතර ඔහුට වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.

    මෙම මාළු ව්‍යාපාරිකයා මාළු අලෙවි කිරීම් සඳහා ස්ථාන රැසකට ගොස් ඇති බවත් ඔහු ඇසුරු කළ පුද්ගලයින් සමබන්ධයෙන් විමර්ශනය කරන බවට යුධ හමුදාපතිවරයා පැවසුවා.

    එමෙන්ම බොරැලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වු අනෙක් කොරෝනා ආසාධිත පුද්ගලයාට එම වෛරසය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී සම්ප්‍රේෂණය වූ බවට සැක පළ කරන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

    මෙම රෝගියා රුධිර පාරවිලනය කිරිම සඳහා කොට්ටාව ප්‍රදේශයේ පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට සතියට දින 03ක කාලයක් යන අතර මෙරටින් වාර්තා වූ 114 වන කොරෝනා ආසාධිතයා එම රෝහලට පැමිණි බවට හෙළිව ඇති බව ඔහු සඳහන් කර සිටියා.

    මේ වන විට බොරැලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    මේ අතර පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමත් සමග පවුල් 15 කට අයත් පුද්ගලයින් 71ක් දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කර සිටියා.

    ‪එමෙන්ම නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 100ක් වනවා. ‬

    මේ වන විට රෝහල් ගතව සිටින මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 202ක් වන අතර වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 07ක් වනවා.

    මේ දක්වා මෙරට වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309 ක් වනවා.


    කලින්ම කිව්වා ට්‍රෙස් කිරිල්ලල 100%ක් සාර්ථක නැ කියලා.මෙකේ උන් බැන්නා කුහක කමට කියනවා කියලා. ඇත්ත කතාව, මිනිස්සු යන්ත්‍ර නෙවෙයි, ගන්න තිරණ හා ගණනයකිරිම් 100%ක් නිවැරදි නැ. අනික මේ වගේ ට්‍රෙසින් එකකදි එකතැනකින් නෙවෙයි තිරණ ගන්නේ. ලොකු ප්‍රොසෙස් එකක්. වරදින්න තියන ඉඩ වැඩියි. අපිට වඩා ලොකු ඉන්ටලිජන් තියන රටවල් ටෙුස් නොකර ටෙස්ට් ටෙස්ට් ඇන්ඩ් ටෙස්ට් ස්ට්‍රැටජියට ගියේ ඇයි කියලා නිකං හිතන්න.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    බටහිර රටවල් කිහිපයක් follow කරපු අදූරදර්ශී මෝඩ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරන්න ලැජ්ජ නැතුව ලියපු පල් හෑල්ලක්. මේ වගේම දරුණු අවස්ථා වල රජයන් මොනව හරි කරල පවත්වගෙන යන්න ඕනෙ නිසා කොහොම හරි ආර්ථිකය පවත්වගෙන ගියා. ආණ්ඩුවට ආර්ථිකය බේරගන්න ඕනෙ නං ඇමරිකාව බ්‍රිතාන්‍යය වගේ මිනිස්සුන්ව බිල්ලට දෙන්නෙ නැතුව බේරගන්න ක්‍රම තියෙනව. ලෝක යුද්ධයක් ඇතිවුනා නං ඔය මොන තර්කයක්වත් නෑ නිකංම ඒ drastic measures අගේට ගන්නව. මේකෙ මිනිස්සුන්ගෙ ද්වේශය යොමු කරන්න සතුරෙක් නෑනෙ. ඉතිං මේ වගේ හෑලි වලිං මිනිස්සු අන්දල මරණයට දක්කනව.
    හරියටම සනාථ වෙලා නැතත්
    දැන් කියනවනේ corona හැදුනත් immune වෙන්නේ නැහැ කියල .
    ventilators වලට සම්බන්ද කරන අයගෙනුත් 70% මැරෙනවලු .
    දැන් ලංකාවත් ඔය කිව්ව රටවල් දෙකේ strategy එකට තමයි යන්න හදන්නේ .
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe tama karanne Serological tests da?

    NAAT test nedda tama? Godak ratwal karanne nam NAAT accuracy eka wediy
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හොයාගන්න එකයි අත්තේ ඔක්කම මට දන්න ආමාරු නා.නිවුස් බලපන් වල බල බල එන්නෙ නතුව

    කේන්ති නොගනින් යාපයියා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,229
    72,411
    113
    මාලඹේ
    fb-img-1587459791522.jpg


    🐟 මාලු බෙදාහැරීම සිදුකළ ලොරි රථයයි මේ කහතුඩුව වෑතර පොල්ගස්ඕවිට ඔබ මෙම රථයෙන් මිළදී ගැනීමක් කරානම් ඔහු ඇසුරු කළානම් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්න 🙏
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    Lankawe tama karanne Serological tests da?

    NAAT test nedda tama? Godak ratwal karanne nam NAAT accuracy eka wediy

    Serological tests කියන්නේ ඇන්ටිබොඩි ටෙස්ට් කරන එකනේ
    එක ලංකාවේ කරන්නේ නැහැ
    NAAT test වලට තමා PCR අයත් වෙන්නෙ
    වැරදිනම නිවැරදි කරන්න.
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ටිකක් දිගයි කැමතිනම් කියවපන් .



    ලෝකය මේ මොහොතේ "ට්‍රොලී ප්‍රොබ්ලම්" (Trolley problem) එකකට මුහුණ දී සිටින බව ඔබ දන්නවාද?...

    "ට්‍රොලී ප්‍රොබ්ලම්"
    =====================

    අපි මේ කථා කරන්න යන ට්‍රොලී ප්‍රොබ්ලම් එක කියන්නෙ "තෝට් එක්ස්පෙරිමන්ට්" එකක් හෙවත් සිංහලෙන් කිව්වොත් "චිත්ත පරීක්ෂාවක්"....චිත්ත පරීක්ෂාවක් කියන්නෙ කිසියම් සිද්ධියක් සිදුවේයැයි කල්පිතයක් ගොඩ නගලා, ඒ සිද්ධි දාමය දිගේ ඉදිරියට සිදුවෙන්න පුලුවන් සිදුවීම් ගැන සිත මෙහෙයවලා, අර කල්පිතය ප්‍රවාදයක් බවට පෝෂණය කරන එක....

    මේ ට්‍රොලී ප්‍රොබ්ලම් කියන්නෙ "එතික්ස්" හෙවත් සදාචාරය ගැන කෙරෙන චිත්ත පරීක්ෂාවක්....ඒකෙ තියෙන්නෙ මෙහෙම දෙයක්....

    ඔන්න රේල්වේ යාඩ් එකකින් බ්‍රේක් බුරුල් වෙච්ච කෝච්චි පෙට්ටියක් වේගෙන් රේල් පාර දිගේ ඇදිලා යනවා.....අර කෝච්චි එනකොට ලීවර් ඇදලා, පීලි මාරු කරන ඩෑල් එක ඉන්නෙ.....අන්න ඒ ඩෑල් එක ස්විච් රූම් එකට දුවනකොට පොර දකිනවා, මේ කෝච්චි පෙට්ටිය දැන් යමින් තියෙන පීල්ලෙ ඉස්සරහ හරියෙ මිනිස්සු පස් දෙනෙක්ව රේල් පීලි දෙකට තියලා ගැටගහලා ඉන්නවා....අර හොලිවුඩ් ෆිල්ම් වල එහෙම වෙන්නෙ.....අන්න ඒ වගේ......කෝච්චි පෙට්ටිය මේ පීල්ල දිගේ දිගටම ගියොත්, අර පස්දෙනාගෙ ඇඟ උඩින් යනවා.....එතකොට ඒ පස් දෙනා මිය යනවා.....

    ඉතින් පොර ටාර් ගාලා ඒ කෝච්චි පෙට්ටිය ඉතිරි වෙලා තියෙන අනිත් ට්‍රැක් එකට මාරු කරන්න ස්විච් ලීවර් එකට අත තියනකොට දකිනවා, ඒ අනිත් පීල්ලෙත් පල්ලෙහා හරියෙ එක මනුස්සයෙක්ව රේල් පීලි දෙක උඩ හාන්සි කරවලා ගැට ගහලා තියෙනවා......

    දැන් මෙයා මොකක් කරන එකද සදාචාර සම්පන්න වෙන්නෙ?....

    1. මුකුත් නොකර ඉන්නවා.....එතකොට කෝච්චි පෙට්ටිය දැන් මේ තියෙන පීල්ල දිගේ පහළට ගිහින් අර පස් දෙනා යටකරගෙන යනවා.....ඒක ඉතින් කොහොමත් වෙන්න ගිය දේ නොවැ.....

    2. ලීවර් එක ඇදලා පෙට්ටිය අර අනිත් පීල්ලට දානවා.... එතකොට පස් දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා....හැබැයි ඒ වෙනුවෙන් අර පීල්ලෙ බැඳලා දාලා හිටපු තනි පුද්ගලයාගේ ජීවිතේ නැති වෙනවා.....අර 5 දෙනාගේ ජීවිතය වෙනුවෙන්, අර තනි පුද්ගලයාගේ මරණය කියන්නෙ කදිම හුවමාරුවක් බව තීරණය කරපු කෙනා බවට ට්‍රැක් එක ස්විච් කරපු කෙනා පත්වෙනවා......එන්න එතැන් සිට ඒ ක්‍රියාවේ "එතික්ස්" විවිධ මානයන්ගෙන් ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා....

    මේ තෝට් එක්ස්පෙරිමන්ට් එක යුරෝපයේ බොහෝ කාළයක් තිස්සේ විවිධ ස්වරූප වලින් පැවතියා.....නමුත් එය මේ වත්මන් ස්වරූපයෙන් ලොවට හඳුන්වා දුන්නෙ ඉංග්‍රීසි ජාතික දාර්ශණිකවරියක් වන ෆිලිපා ෆූට් විසින්.....ඇය විසින් සංවාදයට ගත්තු මේ සිද්ධියේ එතික්ස් පසුව පැමිණි විවිධ දාර්ශණිකයන් සහ ගණිතඥයන් විසින්, මෙහිම වෙනස් තත්වයන් නිර්මාණය කර සාකච්ඡාවට ගත්තා....

    එහෙම මේ තෝට් එක්ස්පෙරිමන්ට් එක තව වැඩි දියුණු කරපු එක අවස්ථාවක් තමයි මේකෙම "ෆැට් මෑන්" තියරි කියන්නෙ.....එතනදි වෙන්නේ, අර කෝච්චි පෙට්ටිය ඒ පීලි දෙකේ හන්දියට කළින්, පාලමක් යටින් යනවා.... ඒ පාලම උඩ ඉන්නවා කම්මැලි මහත අසත්පුරුෂ ගති තියෙන මිනිහෙක්....ඒ මිනිහා පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා රේල්වේ කම්පැනියෙ සේවකයෙක්....එයාට පුලුවන් අර මිනිහාව රේල් පාලමෙන් පහළට දමන්න....එවිට ඔහු අර කෝච්චි පෙට්ටිය එන මඟට වැටෙනවා....වැටුණාම, කෝච්චි පෙට්ටිය ඒ මහත මිනිසාගේ ඇඟේ වැදී නැවතීමෙන් ඔහු මරණයට පත්වෙනවා.....නමුත් අර පල්ලෙහා පීලි දෙකේ ඉන්න හය දෙනාගෙම ජීවිත බේරෙනවා.....කුසීත, ආහාර ගිජු, අසත් පුරුෂ මිනිහෙක්ගෙ ජීවිතය සාමාන්‍ය හය දෙනෙක්ගෙ ජීවිත වලට කදිම හුවමාරුවක්ද?.....නැත්නම් ඒකත් ජීවිතයක් නිසා, ඔහුගේ මරණය අප තීරණය නොකළ යුතුද?.....

    මේ අවස්ථාවේදී ලෝකය මුහුණ දී සිටින ට්‍රොලී ප්‍රොබ්ලම් එක මොකක්ද?...

    ================================================================

    1. නව කොරෝනා 2019 වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට සෝෂල් ඩිස්ටන්සින්, ඇඳිරි නීතිය, ලිමිටඩ් ලොක් ඩවුන්, ටෝටල් ලොක් ඩවුන් වගේ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන, මේ රෝගයෙන් මිය යාමට නියමිත ප්‍රතිශක්තීකරණය දුර්වල කොටස්, වැඩිහිටියන් හැකිතාක් බේරාගෙන, ඒ වෙනුවෙන් ආර්ථිකයට බොහෝ කළකට ගොඩ ආ නොහැකි බරපතල හානි කරගන්නවාද?.....කරගෙන එමඟින් කොවිඩ් නිසා "වක්‍රව" සිදුවිය හැකි මරණ රාශියකට මඟ පාදනවාද?.... ( රැකියා අහිමිවීම නිසා සිය දිවි නසාගැනීම්...ව්‍යාපාර අඩාල වීම නිසා සිය දිවි නසා ගැනීම්.....ආදායම් අහිමිවීම නිසා කුසගින්න, මන්දපෝෂණය ආදිය හේතුවෙන් මිය යාම....ඔය වගේ )

    2. නැත්නම් කෝවිඩ් - 19 ආසාදනය පාලනයට කිසිවක් නොකර, රටවල් විවෘත කර දමා ආර්ථිකය ඉදිරියට ගෙනයනවාද?.... මෙහිදී කෝවිඩ් - 19 ආසාදනයට ලක්වන සියළු දෙනා මිය යන්නේ නැති අතර, සාතිශය බහුතරයට රෝග ලක්ෂණවත් නොපෙන්වයි.....මිය යන්නේ සුළු ප්‍රතිශතයකි.... නමුත්, ඒ රෝග කාරකයේ ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ නිසා, රෝගීන් ගණන ඝාතීයව වර්ධනය වීමෙන් ලක්ෂ ගණනක් බවට පත්වන්නට යන්නේ සුළු කාළයකි... එවිට එයින් අසාධ්‍යවන අයගේ සුළු ප්‍රතිශතයද වේගයෙන් ලොකු සංඛ්‍යාවක් බවට පත්වීම නිසා, සෞඛ්‍ය පහසුකම් මදිවීමෙන් ඔවුන්ද, ඒ පහසුකම් ඇවැසිව සිටි වෙනත් ආසාදන නිසා අසාධ්‍ය තත්වයට පත්ව සිටින රෝගීන්ද මිය යාමෙන්, මරණ ගණනද සෑහෙන කම්පාකරවන සුළු අගයක් වීමට මුහුණ දෙනවාද?....

    "ට්‍රොලී ප්‍රොබ්ලම්" - ලූප් හෙවත් ගැටය සහිත ගැටලුව
    ============================================

    ඔය කියන ට්‍රොලී ප්‍රොබ්ලම් එකේ මෙන්න මෙහෙම අවස්ථාවකුත් චිත්ත පරීක්ෂාවට ගන්නවා....

    අපි හිතමු අර රේල් පාරවල් දෙක අර මිනිස්සු බැඳලා ඉන්න හරියෙන් ටිකක් එහාට ගියාම එකට සම්බන්ධ වෙනවා.... එක රේල් පාරක් බවට පත්වෙනවා....එතකොට අර ට්‍රැක් එක ස්විච් නොකර, මොකුත්ම නොකර ඉඳලා අර පස්දෙනා යටවෙන්න දුන්නත්, කෝච්චි පෙට්ටිය ඔවුන්වත් තලාගෙන ඉස්සරහට ගිහින්, ට්‍රැක් දෙක එකට සම්බන්ධවෙන තැනින් අනිත් ට්‍රැක් එක දිගේ ඇවිත්, ඒ ඉන්න තනි පුද්ගලයාත් යට කරනවා.....එතකොට ඔවුන් හය දෙනාගෙම මරණය සිදුවෙනවා......ඒ වගේම අර පස් දෙනා බේරන්න හිතාගෙන පෙට්ටිය තනි පුද්ගලයා ඉන්න පීල්ලට දැම්මත්, ඒකම අනිත් පැත්තට වෙනවා.....එතකොටත් හය දෙනාම මරණයට පත්වෙනවා.....

    මේ කොවිඩ් - 19 ගැටලුවෙත් එහෙම සිනාරියෝ එකකුත් තියෙනවා.......ලෝකයේ ආණ්ඩු සමාජයේ මේ ආසාදනයෙන් මිය යා හැකි පිරිස්, හෙවත් "වල්නරබල් ගෲප්ස්" බේරන්න හිතාගෙන සියල්ල වහගෙන හිටියොත්, ඒ වල්නරබල් ගෘප්ස් වල අයත් එසේ වසාගෙන සිටීමේ අහිතකර ආර්ථික ප්‍රතිපල නිසා මිය යනවා.... කොහොමත් ඔවුන් ඉදිරි වසර කිහිපය තුළ වෙනත් ස්වභාවික හේතුන් නිසා මිය යනවා.....ඒකෙන් නොමැරිය යුතු අනෙක් අයත් ආර්ථික අර්බුදය නිසා, මම අර ඉහත කී විදියට මිය යනවා.....

    අර පිරිස බිල්ලට දීලා, ආර්ථිකය බේරගන්න රටවල් ඇරියොත්, අර කියන පිරිස විශාල වශයෙන් මිය යාම නිසා ඇතිවන සමාජ ඛේදවාචකයෙන් ආර්ථිකයටත් කොහොමත් හානියක් වෙනවා....

    ඔන්න "ලූප්" එක හෙවත් ගැටය.....

    දැන් මේ ලූප් එකටත් "ෆැට්මෑන්" වේරියන්ට් එකක් තියෙනවා.....

    අපි හිතමු ඔය ට්‍රැක් දෙක ජොයින් වෙන ලූප් එකක් තිබ්බා කියලා.....ඒත් අර තනියෙන් ගැට ගහලා ඉන්න මනුස්සයා හොඳටම මහත මනුස්සයෙක් නම්, ඔය කෝච්චි පෙට්ටිය ඔහුගේ ඇඟේ වැදී නවතිනවා.....එසේ නැවතීමෙන් ට්‍රැක් එක වටේ ගොස් ඇවිත් අනෙක් පස්දෙනා මැරී යන එක නවතිනවා.....එහෙම නම් අර තනි පුද්ගලයාගේ මරණය තීන්දු කරන එක කමක් නැද්ද?.....

    ඒ වගේ, කොවිඩ් - 19 න් මිය යෑමට වැඩිම සම්භාවිතාවක් තියෙන අය කොහොමත් ඉදිරි වසර කිහිපය තුළ ඔවුන්ගේ වයස නිසා හෝ ඌණ ප්‍රතිශක්තිය නිසා වෙනත් රෝගී තත්වයකින් හෝ මිය යන බැවින්, ඔවුන්ගේ ජීවිත දීලා, අනෙක් අය ආර්ථිකමය වශයෙන්, සාමාජීය වශයෙන් ආරක්ෂා කර ගන්න එක කරන්න පුලුවන් වෙයි....?....එතකොට ඒක හරිද?....

    මෙන්න මේ තමයි, මේ ලෝකය දැන් මුහුණ දීලා තියෙන ට්‍රොලී ප්‍රොබ්ලම් එකේ සංකීර්ණත්වය.....ආර්ථිකය බේරගන්න කටයුතු කළොත්, වල්නරබල් ගෘප් එක මැරෙනවා......ඒ අයව බේරගන්න කටයුතු කළොත්, ආර්ථිකය වැටිලා කොහොමත් විශාල පිරිසක් සෘජුව සහ වක්‍රව මැරෙනවා.....මෙතනදි මිනිසාගේ "එතිකල් ෆවුන්ඩේෂන්" එකට මොකද වෙන්නෙ?.....කොයි විදියද එතිකල්....?....එතික්ස් ගැන බලන්න ඕනද?.....මේක තමයි අපේ ජීවිත කාළවල අප මුහුණ දී සිටින ලොකුම එතිකල් ප්‍රොබ්ලම් එක....



    :confused::confused:

    ලන්කාවේ එකෙක්වත් මැරෙන්නෙ නෑ, මොකද බැලින්නම් එදා දුම් රිය රියදුරන් ස්ට්‍රියික් කරලා. මුන් ඉතින් ස්ට්‍රියික් ගැනන් කලින් කියන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: IKL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    ටිකක් දිගයි කැමතිනම් කියවපන් .


    කෝච්චි පෙට්ටියෙ නන් ගියා නන් ගියා නැත්තන් නෑ. මෙතන ඔහොම කේස් එකක් නෑ කොරෝන හැදිල ඔය කියන සුලු ප්‍රතිශතමද මැරෙන්නෙ කියල උබටත් ප්‍රශ්නයක් තියෙන්න ඕනි. හැම රජයම කොලේ වහල සෙල්ලම් කරන්නෙ එක එකාගෙ බේරිල්ලට. ඔය කියන දත්ත අන්තිමට උන්ටවත් ශුවර් නෑ.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැතර ජයසිරි කියන බේකරිය ලග ලැල්ලෙන් මාලු ගත්ත අයව හොයනවාලුුු. කිරිාය් ඉන්නානම් පල..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    :confused::confused:

    ලන්කාවේ එකෙක්වත් මැරෙන්නෙ නෑ, මොකද බැලින්නම් එදා දුම් රිය රියදුරන් ස්ට්‍රියික් කරලා. මුන් ඉතින් ස්ට්‍රියික් ගැනන් කලින් කියන්නෙ නෑනෙ
    පක් බිච්:rofl::rofl::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Serological tests කියන්නේ ඇන්ටිබොඩි ටෙස්ට් කරන එකනේ
    එක ලංකාවේ කරන්නේ නැහැ
    NAAT test වලට තමා PCR අයත් වෙන්නෙ
    වැරදිනම නිවැරදි කරන්න.

    I think you are correct.

    I saw this news. ,

    Chinese study finds up to 30% of coronavirus patients hardly develop ANY antibodies against the infection - raising concerns many who recover from COVID-19 are not immune


    https://www.dailymail.co.uk/health/...y-develop-antibodies.html?ito=social-facebook

    mehema unoth nam Serological Test hariyanne.
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Lankawe tama karanne Serological tests da?

    NAAT test nedda tama? Godak ratwal karanne nam NAAT accuracy eka wediy

    We don,t do serology bro..we never did.. v do rRT PCR... a kind of NAAT.. which is recomended by WHO..

    Serological tests කියන්නේ ඇන්ටිබොඩි ටෙස්ට් කරන එකනේ
    එක ලංකාවේ කරන්නේ නැහැ
    NAAT test වලට තමා PCR අයත් වෙන්නෙ
    වැරදිනම නිවැරදි කරන්න.

    Yeah.. :yes:..
    Kind of...
     
    Status
    Not open for further replies.