Coronavirus (Covid19) Megathread #6

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’


    නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ලොව නන්දෙසින් දිනපතා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන ඉකුත් බ්‍රහස්පතින්දා 1,81,000 ඉක්මවූ බව මෙම නව අනතුරු ඇඟවීම කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.

    ජූනි 16 වැනිදා සිට ජූනි 20 වැනිදා දක්වා ගත වූ දින පහකට ආසන්න කාලයේදී ගෝලීය වශයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,15,000ඉක්මවීය.

    පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය ආසාදිතයන්ගේ ගණන 1,81,232ක් වූ අතර සිකුරාදා (19) 1,43,073 දෙනකු වාර්තා විය. සෙනසුරාදා (20) දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,38,980ක් විය.

    ‘‘දෙනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්’’ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

    නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම දැනුම් දීම සඳහා දින කිහිපයකට වරක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

    ‘‘ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

    Source
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,443
    6,077
    113
    Sri Lanka’s COVID-19 relief loan schemes hit by credit risks

    The island’s relief allocation which includes cash disbursements to households is estimated at less than 0.5 percent of GDP (compared to India 10%, Thailand 9.6%, Vietnam 3.5% and the Philippines 3.1%).

    Sri Lanka government debt as a percentage of gross domestic is also the highest amongst these counties at 89% (India 72%, Vietnam 43%, Thailand 10% and the Philippines 39%).

    Sri-Lanka-COVID-19-Relief-vs-peers-300x169.jpg



    Sri Lanka, however, has put the burden of credit relief on banks and new money creation with no fiscal or credit risk support.

    High debt levels of the government may be the reason.

    “Long periods of putting off tough (fiscal) reforms has come to haunt us because now we don’t have the fiscal space to deal with the economic challenges caused by the pandemic,” said Anushka Wijesinha, an economist and an independent director at a bank addressing a recent webinar hosted by the Ceylon Chamber of Commerce.

    According to the Ceylon Chamber of Commerce, Sri Lanka requires an economic relief package of about 2.5 – 3 percent of GDP.
    Sri Lanka Exporters Association President Rehan Lakhany told EconomyNext that loan applications of many of SME members had been rejected by banks. Harpo Gunaratne, President of the Colombo Collective Restaurant Association said his members faced similar problems. It was announced that hotels and travel agencies would get five-year loans at 4 percent to pay up to 20,000 rupees per month per employee for up to six months,” Guneratne said.

    https://economynext.com/sri-lankas-covid-19-relief-loan-schemes-hit-by-credit-risks-71163/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage batch1 langin ashre karana set1 10kagen witara 3k ma me yr wenkanma gedara idan weda... tawa unta chande end wenkan gedara idan weda....mobitel1kek innawa porata nam weda
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,151
    2
    10,776
    113
    Home Sweet Home
    anna ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කෙරේ

    office next month full staff enna kiyayi da :unsure: ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර


    බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත.

    MeOFfXB.jpg


    ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත යැයි ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය ඒ බව ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් මෙම ඖෂධය වයිරස ආසාදිත රෝගීන්ට දිය යුත්තේ සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඉන්දීය වෛද්‍ය බලධාරීහු ද පවසා ඇත.

    ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ පහ ඉක්මවා ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේදී ආසාදිතයන් 18,522ක් වාර්තා වූ අතර ඉරිදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ආසාදිතයන් 19,906ක් වාර්තා විය.

    නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ තවමත් සොයාගෙන නැත. වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය නිවේදනය කළේය.

    ‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය.

    වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධය ඔසු සැල්වලින් ලබාගත හැකිය. වෛද්‍යවරු ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්ව සඳහා ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය නිර්දේශ කරති. වෛද්‍යවරු අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’නිර්දේශ කරති.

    බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 5,000ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ලබාදුන් අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟ එම ඖෂධය භාවිතයෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කළ හැකි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු තීරණය කළහ.

    මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවිත බේරාගැනීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට හැකි වූ බව එහිදි තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට භාවිතයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ද ඉන්පසුව ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට එය ලබා දීම සුදුසු යැයි එහිදි නිර්දේශ විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා ‍වාර්තා කර තිබිණි.

    ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය දිය යුත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට පමණක් යැයි ප්‍රකාශ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත.

    Lankadeepa
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පොලොන්නරුව වැලිකන්දේන් හා ලංකාපුරේන් කොරොනා ආසාදිතයින් 3 දෙනෙකු හමුවේ.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි
    FB_IMG_1594476187317.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා : දරුවාගේ පංතියේ සිසුන් 70ක් නිරෝධායනයට

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

    එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

    මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇත. එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව ඇති බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

    මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 230 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හමුදාපතිවරයා කියා සිටියා.

    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක පසුවන බව හමුදාපතිවරයා කියා සිටියා.

    කොරෝනා වෛරසය ආසාදනය වූ එම අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    Source: http://nethnews.lk/article/78604
     
    • Like
    Reactions: kasun090354t

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්දියාවට, යළි ලොක්ඩවුන්

    දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඉන්දියාවේ ප‍්‍රාන්ත රැුසක් අර්ධ වශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට දිල්ලි නුවරද අයත්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියළු විශ්ව විද්‍යාලවල විභාග අවලංගු කර ඇති අතර පෙර ඇගයීම් මත ඔවුන්ට ලකුණු ලබාදීමටද තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්‍ෂ 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කොරෝනා වසංගතය යනු ලෝකයට අවධිවීමට ලබාදුන් සංඥාවක් බවයි. ඒ අනුව අනාගතයේදී ආර්ථිකය හා සමාජය වඩාත් යහපත් මට්ටමකට ගෙන ඒමට නැවත සැලසුම් සකස් කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

    Source: http://nethnews.lk/article/78610
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    ඉන්දියාවට, යළි ලොක්ඩවුන්

    දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඉන්දියාවේ ප‍්‍රාන්ත රැුසක් අර්ධ වශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට දිල්ලි නුවරද අයත්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියළු විශ්ව විද්‍යාලවල විභාග අවලංගු කර ඇති අතර පෙර ඇගයීම් මත ඔවුන්ට ලකුණු ලබාදීමටද තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්‍ෂ 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    brain fart :rofl:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Kohomath lankawa lockdown karanne na election ewara wenakan kochchara darunu unath. Eta passe aye curfew dayi. Ethakan ithin ape arakshawa apita balagana wenawa
     
    • Like
    Reactions: bestdivx