Covid-20 Pro Max

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    Lx2QdXr.jpg



    කොරෝනා වෛරසය මැඩ පවත්වා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන චීනයෙන් තවත් වෛරසයක් වාර්තා වී තිබෙනවා .

    විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කළේ හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

    එම වාර්තා පැවසුවේ එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

    ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔවුන්ටද එම වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත් හැන්ටා වෛරසය යනු නව වෛරසයක් නොවන අතර එය දශක දෙකක් පුරා ලොව විවිධ ස්ථාන වලින් වාර්තා වී තිබෙනවා .

    කොරියානු යුද්ධයෙන් (1951-1953) පසුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ 3000කට පමණ මෙම වෛරසය ආසාදනය වූ බවට තොරතුරු පවතිනවා .

    ඇමරිකානු වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට සඳහන් .



    මීයන්ගේ මළ සහ මුත්‍රා හරහා මෙම වෛරසය මිනිස් සිරුරට ආසාධනය වන බවයි මේ වන විට විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ.