Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss

    හැමෝම දන්නවනෙ ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නෙ මොකද්ද කියලා.

    ඩෙබිට් එකෙයි ක්‍රෙඩිට් එකෙයි වෙනස සරලවම ක්‍රෙඩිට් එකේ අපිට ලිමිට් එකකට ඕන දෙයක් ගන්න පුලුවන් අකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනෙ නෑ.

    ප්‍රශ්නෙ ඇවිල්ලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබීම අත්‍යවශ්‍යද යන්න.

    ගොඩක් උන් හිතං ඉන්නෙ ලක්ශ 1 2 පඩි ගත්තම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අනිවා ගන්න ඕන කියන මතය.

    මම පෞද්ගලීකව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවට කැමති නෑ.

    හේතුව ඇවිල්ලා අපි AL වලට ඉගෙන ගත්ත 'impulse buying' කියන දේ.

    අපිට සල්ලි නැතත් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සල්ලි තියෙනවා කියලා දන්න නිසා ඕනාවට එපාවට බඩු ගන්න එක.

    මේක සම්පූර්නයෙන්ම අපිට පාලනය කරගන්න පුලුවන් දෙයක්.

    ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලග තබාගන්න එක වැඩිපුර වගකීමක් කියලයි මට හිතෙන්නෙ.

    ඒක නිසා මගේ තීරනේ තමයි,


    • තමන්ට විශ්වාස බැංකුවක ඩෙබිට් කාර්ඩ් එකක් තියාගන්න එක.

    • ඒකෙන් වියදම් වැඩිපුර යනවනන් පඩිය හම්බෙන දවසෙම ගානක් තව බැංකුවක අකවුන්ට් එකකට දාගන්න එක.

    සමහරුන්ගෙ පර්ස් දැක්කම ගඩොල් කැටයක් වගේ. හැම බැංකුවකම ඩෙබිට් කාර්ඩ්ස්. මොන මගුලකට තියං ඉන්නවද කියලා තේරෙන්නෙ නෑ :D

    සංවාදයට විවුර්තයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඇත්ත වගකීමෙන් පාවිච්චි කරන්න ඕනේ, හදිසි අවස්ථාවකදී වටිනවා ලග තියන එක :)

    offers වලටත් හොදයි ඉතින් :yes::yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ක්‍රෙඩිට් කාඩ් එකක් තිබීමේ වරදක් නැ. වරද හිත පාලනය කරගන්න බැරි උන් ලගට කාඩ් ගියාම ෆුඩ් සිටියම ගෙදර ගේන්න බලන්නේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    eth ban oka ona wena emergency time thiyenawa
    anith eka travel karanwanam nitharama travel insurance ehema included
    debit ekata man hithanna naha eka ncluded kiyala
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තියෙන එක වටිනවා..හැබැයි පාලනයකින් යුතුව ගණුදෙනු කරන එක තමන්ගේ වගකීම..:):)
    ඔෆර්ස් වලට හොඳයි..බඩු අරන් වෙලාවට හැබැයි සල්ලි දාන්න ඕනේ..නැත්තම් ඒකෙන් ගන්න ලාබෙන් වැඩක් නෑ..:no::no:
    කීය පඩි ගත්තත් අපි අතේ ලොකු ගානක් ඉතුරු වෙන්නේ නෑනේ..ඉතින් හදිස්සියකදී සල්ලි ඕනම වෙච්චවෙලාවක(ලෙඩකදී වගේ) වටිනවා...:yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක මගේ පෞද්ගලික අදහස..
    ඩෙබිට් කාඩ් එකක් තියෙනම් ක්‍රෙඩිට් කාඩ් ඕන නැහැ..
    ඕවා තියෙන එකෙන් වෙන්නේ බොරුවට ණය වෙන එක..
    අනික බොරු ඔෆර්ස් වලට වියදම් කරන් හිතෙනවා..
    කෙටියෙන්ම කියනවා නම් වාසි වලට වඩා අවාසි වැඩියි..
    දම්‍ රෝ එකෙන් දෙනවා මාස 60 0% පොලිය ඔෆර්ස්..
    බොරු කියන්න ඕන නැහැ ඒවා නම් ලාභයක් තියෙනවා..
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන් හදිස්සියකට එක එකට වැද වැද සල්ලි ණයට ඉල්ලනේ නැතුව පොළියක් ගෙවලා හරි Gentleman විදියට ඉන්න පුළුවන් credit card එකක් තියෙනවා නම්. හැබැයි minimum payment එකවත් ගෙවන් නැතුව late payment chargers වදින්න නම් credit card අරගෙන වැඩක් නැහැ.