Credit card mafia

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    In Sri Lanka, currently there is an unreasonably high interest rate for credit cards (28%). Usual loan rate is much less (eg interest for personal loan is about 16%)

    You just ask to convert your outstanding credit card balance into a personal loan. No bank manager will agree. As I understand, this is not ethical.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    higher the risk, higher the rate. hariyata gema gahanawanam credit card taram honda facility eka tama customerta vasima product eka.mama dan 5 yrs wage CC hama welema pawichchi karanawa. tama eka sathayakwath bank ekata interest gewala na.
     
    • Like
    Reactions: ryandok

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,078
    25,168
    113
    CC වලින් බැංකුවලට පාඩු කලෑකි.Annual fee එක විතරයි. ලොකු ගණුදෙනු කලා extra ටොප් අප් කරගෙන. බඩු අරන් මාසෙට 0% interest ගෙවන්න ගියාම පට්ට ලාභයි.(මුදල අවප්‍රමාණ වෙන නිසා.)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,078
    25,168
    113
    තව සල්ලි ගෙවන්න දවසක් දෙකක් පරක්කු වුණාම call කරල කියපන් . පස්සේ ගෙවලා , email එකක් letter එකක් දාන්න with slip. ලියුමක් ගහලා scan එකක් email දාන්න පුළුවන් නම් හොඳයි.පරක්කු වෙන්න හේතු : - අමතක වීම, කාර්ය බහුල වීම, ATM card problem ,පඩි වෙලාවට නොවැටීම,යනකොට බැංකුව වහලා ( සිංගර් එකෙන් එහෙමත් ගෙව්වෑකි, රෑ 10 ට වහන බැංකු මතක තියාගන්න ), පිට පළාත් වල සිටීම, ..... ඔය මොන හේතුව තිබ්බත් පාඩුව අපට මයි. නිතරම බැංකු වට access අඩුයි නම් ( උදා: NTB,HSBC,NDB ) නවත්වලා හැම තැනකම තියෙන , Sampath, HNB,BOC,People's වගේ banks තෝරාගන්න. අත්දැකීමෙන් කියන්නේ Sampath,HNB,BOC , People's වගේ බැංකු සානුකපිතව බලනවා. ජෝබට එහෙම කෙල වුනොත්, ලොකු කරදරයක් වුනොත් බැංකුවට කියලා සහනයක් ගත්තෑකි.

    ඉතින් තරුණ පරපුරේ හතුරෙක් වුණත් credit bcard පරිස්සමින් පාවිච්චි කරන්න. Foodcity , shoping යනවා නම් ලිස්ට් එකක් හදාගෙන යන්න. ගෑණිටයි ,ළමයින්ට යි තමන්ගේ cards දෙන්න එපා, යහමින් නැත්නම්. Foreign tour යනවා නම් හොඳට බලලා purchasing npower / repay power තීරණය කරන්න..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලට credit card එකක් manage කරගන්න බැරි උනාට ඒකට බැන්කුවට කෑ ගහල වැඩක් නෑ බන්.. අපිත් CC පාවිච්චි කරනව..
    අපිට නම් ගොඩක් වාසී ඒක.. හැම WEEKEND එකකම KEELS එකේ 20% Discount හම්බෙනව මචන්..

    මේ සතියෙනම් ඇදුම් කඩ ටිකෙත් 20% discount දෙනව කිවුව..

    Sampath offer list එක

    https://www.sampath.lk/images/content/SampathCards_Avurudu_Offers_2019.pdf
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,078
    25,168
    113
    Card offer වලට හොටෙල් ෆන් ගන්න යනවා නම් call කරලා විස්තර අහගෙන පලයල්ල, Buffet නෑ ගොඩක් hotel offers වලට.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    CC වලින් බැංකුවලට පාඩු කලෑකි.Annual fee එක විතරයි. ලොකු ගණුදෙනු කලා extra ටොප් අප් කරගෙන. බඩු අරන් මාසෙට 0% interest ගෙවන්න ගියාම පට්ට ලාභයි.(මුදල අවප්‍රමාණ වෙන නිසා.)

    0% instalment plan වලදි commission එකක් ගන්නව නේද බන්
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    තව විස්තර කරපන් :yes:
    මෙහෙමනෙ මචන් CC එකක් පාවිච්චි කරද්දි ඔයාට දින 52 ක (උපරිම ) පොලී රහිත කාලයක් ලැබෙනව. අවම 22. ඒ කියන්නෙ උඹට CC එකෙන් ලොකු පේමන්ට් එකක් කරන්න ඕන උනාම දින 52 සෙට් වෙන විදියට ගනින්. ඒක හදාගන්නෙ මෙහෙමයි. මගේ ස්ටේට්මන්ට් ඩේට් එක මන් හැම මාසෙම 25 දාගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ මගේ පඩි දවස.හැමදාම පඩි දවසට උඹට CC එකෙ ටෝටල් අවුට්ස්ටෑන්ඩින් එක ගෙවන්න පුලුවන්නම් උම්බ සතයක්වත් බැන්කුවට පොලිය ගෙවන්නෙ නෑ.හැබැයි මාසෙට බැලන්ස් කරන්න පුලුවන් සීමව දන්නෙත් උඹම තමා. දැන් අපි හිතමු අපි ලොකු පේමන්ට් එකක් කාරන්න තියනව කියල. එතකොට මම කරන්නෙ දින 52 සෙට් වෙන්න ගන්නව. ඒක හදාගන්නෙ මම අප්‍රෙල් 25ට ගෙවන්න ඕනනෙ CC බැලන්ස් එක, දින 30 පස්සට කියන්නෙ මාර්තු 25, මාර්තු 25 දින 22 අඩු කරපන් (මොකද ටෝටල් එක දින 52) 25-22=3, ඒ කියන්නෙ මාර්තු 3. ඒ කියන්නෙ මගේ ස්ටෙට්මන්ට් එකේ දින 52 හැදෙන්නෙ මාර්තු 4 ඉන්දන් අප්‍රේල් 25 වෙනකන්.මම මාර්තු හතර කරන CC ගනුදෙනුවට ගෙවන්න තියෙන්නෙ අප්‍රේල් 25. මට පඩි දෙකක් එනව ඒ අතරෙ. ඒ කියන්නෙ මාර්තු පඩියයි, අප්‍රේල් පඩියයි. එතකොට බැලන්ස් කරන්න ලේසී ලොකු පේමන්ට් එකක්. මේක හදද්දි උම්බේ ස්ටෙට්මන්ට් ඩේට් එකට සෙට් වෙන්න හදාගනින්. මම 25 හදාගෙන තියෙන්නෙ මගේ පඩි දවස නිසා.
    මමන්ම් CC එක පාවිච්චි කරන්න පුලුවන් හැමතැනදිම කාඩ් එක දෙන්නෙ, පොඩිම පේමන්ට් එකකට උනත්. එකම දේ CC එකේ ලිමිට් එක තිබ්බ කියල පිස්ස වගේ ගහන්නෙ නැතුව හිටපන්. බැන්කු උම්බට CC ලිමිට් වැඩි කරල දෙන්නෙ ආදරේට නෙමේ පුතී. උම්බව කොහොම හරි මාසෙට බැලන්ස් කරන්න බැරි ලිමිට් එක පන්නවන්න. උම්බට ගෙවන්න බැරි උනා කියන්නෙ ඉතින් බඩුම තමා.
    උම්බ උම්බේ ලිමිට් එක දන්නවනම් මේක තම හොදම ගෙවීමේ ක්‍රමය. උම්බ බැන්කුවෙ සල්ලි වලින් ගනුදෙනු කරල පස්සෙ බැන්කුවට සල්ලි ගෙවනව වගේ වැඩක්. අනික උම්බ අතින් සල්ලි ගෙවන්නෙ නැතිඋනාම, උම්බට ඒ කාලෙට බැන්කුව පොලී ගෙවනවනෙ බන්. එතනත් වාසී.
    අනිත් ලොකුම දේ ඔෆර්ස්. ලොවෙත් ලාබයි අතින් සල්ලි ගෙවනවට වඩා.
    CC එක ගන්නකොට අනිවා ඉන්ටනෙට් බෑන්කින් ගනින්. උම්බට පඩි දවසට බැන්කුවට යන්න අමතක උනොත් ඇප් එකෙන් ගෙවපන්. මොකද උම්බට එදාට සල්ලි දාන බැරි උනොත් ලේට් ෆී එකක් ගෙවන්න වෙනව.
    උම්බේ අතේ සල්ලි නැත්තම්, CC එකෙන් ඒටීඑම් එකෙන් සල්ලි ගන්න පුලුවන්.හැබැයි ලොවෙත් ගන්න එපා. මොකද සල්ලි ගත්තොත් අර දින 52 ලැබෙන්නෙ නෑ. උම්බ සල්ලි ගත්ත දවසෙ ඉදන් බැන්කුව පොලී හදනව.
    මේ මම කියපු කරුනු බැන්කුවෙන් බැන්කුවට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. මම පාවිච්චි කරන කාඩ් එකටයි මම කිව්වෙ. ඒක නිසා පොඩ්ඩක් හොයල බලල ගනුදෙනු කරපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    thnx
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    මමත් ක්‍රෙඩිට් කාර්ඩ් ඇප්ලයි කලා ගිය සතියේ. ඉක්මනටම ලැබෙයි කාර්ඩ් එක. ස්ටේට්මන්ට් ඩේට් එක වෙනස් කර ගන්නේ කොහොමද? සම්පත් කාර්ඩ් එකක් :)

    අනිත් එක තමයි ලැප් එකක් ගන්නව කියල හිතමු. 60,000.00 ක. දැන් මම කඩේ එකාට කාඩ් එකෙන් ගෙවනව කිවුවාම පොර මුලු ගානම කපනවද? නැතුව කාර්ඩි එකෙන් ටික ටික කැපෙන්න හදා ගන්නේ කොහොමද? එතකොට පොලිය ඇඩ් වෙනවද?