#Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! ⚾⚾⚾⚾

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    Aus Eng unta ashes kiyanne apita world cup wage gemak... ewagema pahugiya godak ashes series wala match refree hitiye ranjan madugalle
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    #89.5 Deliver v #89.4 Deliver

    ⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾

    ජයග්‍රාහී සැන්දෑවක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී හිතවතුනී, ඇති යන්තම් අද නම් අපේ කස්ටිය ජාමේ බේර ගත්තා වගේ :) ,

    මේ දවස් වල අපි ඉතින් පරණ Highlights අරෙහෙ මෙහෙ බලලනේ හිත හදා ගන්නේ :baffled:,

    ඉතින් ඔය වගේ පට්ටම situation එකක් තිබ්බ test series එකක් තමයි 2014 England tour එක,
    ඇත්තම කියනව නම් මම බලපු සුපිරිම test match series එකක් ,
    :yes::yes:

    මේකේ 1st test එක තිබ්බේ ලොර්ඩ්ස් වල,
    අපිට 4th ඉන්නිග් එකේ 390ක target එකක් සෙට් වෙනව, කොහොම හරි final day වෙනකොට අපෙ උන්ට නහුතෙටම කෙලගෙන මාර පරාජය පෙනි පෙනී ඉන්නේ :baffled:, පොඩ්ඩක් හරි hope එකක් තිබ්බෙ ඇන්ජියා ඇදගෙන යාවි කියල, එත් උත් out උනට පස්සෙ එකත් සුන් උනා ඒ වෙලෙ,
    කොහොම හරි Final Over එකට එනව, අපි 201/8, bat කරන්නේ හේරා, Over එක දාන්න සෙට් වෙන්නේ Stuart broad,
    පලවෙනි බෝලෙන්ම හේරා out, දැන් ඔන්න අපේ වීරයා එනවා නුවන් ප්‍රදීප් (Saviour of the day), ඉතිරි බෝල පහ කොහොම හරි ඉන්න ඕන,
    ඔන්න බලපන්කො ෆීල්ඩ් එක හදල තිබ්බ විදිය, කොහොම හරි #89.5 Deliver එකේදි umpire මුන්ගේ LBW appeal එකට out දෙනවා, England උන් ඔක්කොම කට්ටිය, කෑ ගහල හූ තියලා match එක දින්නා පුතී කියලා හිතලා celebrate කරනවා, එක ගිනි විජ්ජුම්බරයයි, :shocked::shocked:
    අපේ කොල්ලා full confidence පිට review එක ගන්නවා, යකෝ පත inside edge එකක්,
    Umpireට එතනම වලක් හාරගෙන මැරෙන්න හිතුනා ඇති, පට්ට නෝණ්ඩි ඈ, :lol::lol:
    කොහොම හරි අවසානෙට අපේ උන් 1st match එක Draw කරගන්නවා !!!
    :yes::yes::yes::yes:

    ------------------------------------------------------------



    උඩ එකේ quality මදි නම් , මේකෙ බලපන්.



    ------------------------------------------------------------

    2nd Test එක Leeds වල,
    මේකෙදි උනේ 1st ටෙස්ට් එකේ අපිට උනු සිද්දියම England උන්ට උනා, bt diference එක තමයි එක end එකක හිටියේ Moen Ali (108), ඌ හොදටම stable :dull::dull:, අනිත් පැත්තේ හිටියේ James Anderson,
    ඒත් කරුමේ කියන්නේ අපේ උන් දන්න කියන මොන ගැටේ දැම්මත් මූ සුපිරියට wicket එක diffence කරගෙන බෝල 55ක්ම ඉන්නව කියපන්කො, O Runs(55balls) !! :shocked: (අනික last batsman) Anderson අයියා ආයේ සක්කරයා දැම්මත් ලෑල්ලට diffence කරනවා කියල වෙන්න ඇති mind set එක හදාගෙන හිටියා ඇත්තේ,
    ඔන්න කලින් වගේම final over එකත් සෙට් වෙනවා, දැන් ඔන්න England crowd එකත් Andersonට cheer එක දෙනවා, ඇයි කට්ටිය හිතුවා අනිවා මේක නම් draw තම්යි කියල, උන් විතරක් නෙවෙයි මෙහෙ ඉදන් බලපු අපි හිතුවෙත් ඕකම තමයි, :rolleyes::rolleyes:
    ඔන්න කොහොම හරි කලින් 1st ටෙස්ට් එකේ වගේම #89.4 Deliver එකේදි ශමින්ද එරංග short ball එකක් දානවා Anderson අයියට,
    BOOOOooooOOM,
    Out වෙනවා යකෝ හේරට catch එකක් දීලා ;);), Andersonගේ inning එක එහෙම් පිටින්ම Wasted වුනා, මිනිහා පව් ඈ, :rolleyes:
    අවසානෙට බලපන් අපේ සෙට් එකෙ Celebrate එක පට්ට ආතල් හරී !!!! :lol:
    ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කට්ටිය 1st time test series එකක් England වලදි දිනන්නේ,
    :yes::yes::yes::love:

    කොහොමද නේ #89.5 Deliver v #89.4 Deliver එක :lol:


    ------------------------------------------------------------



    ------------------------------------------------------------


    මේවගේ තව ආතල් සීන් තියෙනව නම් මතක ඇතුව මේකේ දාලා යන්න ඈ ,
    ජය වේවා මචෝ !! :yes::yes::love:
    ⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾

     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    උබලට මතකද මේ Match එකේ අන්තිමට Sharma පස්සෙන් Dhammika Prasad පැන්නුවේ Pavilion එකටම :lol::lol::lol:
    අවසාන ටිකේ Commenting අහපන්කෝ :baffled::baffled:


     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙව්වනෙ මැච් :):):)



    4.gif