උඹ හිතන්නේ ඔය ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ අපි කන සීනි පරිප්පු වලින් ගන්න බදු වලින් කියලදක්රිකට් වලට ආණ්ඩුවෙන් සත පහක් ගෙවන්නේ නෑ ක්‍රිකට් නිසා ලංකාවට පිටරටින් විදේශ විනිමය හම්බෙන එකයි වෙන්නෙ ඩොලර් වලින්.
ICC එකෙන් ටෙස්ට් ගහන හැම රටකටම උන්ගේ ආදායමෙන් කොටසක් බෙදල දෙනව. අලුත් මොඩල් එකට අනුව අපිට ඩොලර් මිලියන් 125ක් විතර හම්බෙනව 2023 වෙනකන් (රුපියල් බිලියන 20ක් විතර). - The ICC's new financial model
අපි ගහන මැච් ටීවී එකේ පෙන්නන්න රුපවාහිනි අයිතිය කාලෙන් කාලෙට විකුනනවා. දැන් තියෙන්නේ ටෙන් ස්පෝට්ස් එකට. මේකේ කියන විදිහට උන් ඩොලර් මිලියන් 60 කට (රුපියල් බිලියන 9ක් විතර) අරන් තියෙන්නේ විකාශන අයිතිය 2020 වෙනකන්.
අර පලවෙනි එකේ අපිට හම්බෙන ගානට අමතරව ICC ඉවෙන්ට්ස් වලදී අපිට වෙනම ආදායමෙන් කොටසක් ගෙවනව. ඕවර් 50,20 ලෝක කුසලාන + චැම්පියන්ස් ට්‍රොෆි වගේ. පලවෙනි වටෙන් ගෙදර ආවත් ඒ ගාන හම්බෙනවා සහභාගී වෙනවට.
අපේ උන් IPL වගේ ගහන්න ගියාම උන්ගේ පඩිය කෙලින්ම උන් ලංකාවට අරන් එන්නේ ඩොලර් වලින්, ඒකෙන් සීයට ගානක් ක්‍රිකට් බෝඩ් එකට යනවා. උදාහරනෙකට මාලිංග එක සීසන් එකකදී කෙලින්ම රටට විදේශ විනිමය ඩොලර් මිලියනයක් විතර අරන් ලංකාවට එන්නෙ.
ඔයිට අමතරව දේශීය විකාශන අයිතියත් ඔය වගේම විකුනනවා .2015 csn එක මිලියන 175.5 කට අරන් තියෙන්නේ. දැන් රූපවාහිනිය ගෙවන ගාන හොයාගන්න බෑ මට.
තව අනුග්‍රාහකයින්ගෙන් හම්බෙන සල්ලි, දැන් ඉන්න ප්‍රධාන අනුග්‍රාහකයා ඩයලොග් එක, මිලියන 754 ක් ගෙවල ඕක අරන් තියෙන්නේ 2013.
තව මැච් එකක් වෙලාවට ටිකට් විකුණලා හම්බෙන ආදායම + පිට්ටනියේ ඇඩ් පෙන්නලා ගන්න ගාන වගේ ඒවත් තියෙනව.
ඕවගෙන් තමා ආදායම හම්බෙන්නේ. අපේ බදු සල්ලි වලින් සත පහක් ක්‍රිකට් නඩත්තු කරන්න වියදන් වෙන්නේ නෑ. මම දන්න විදිහට ඔහොමයි වෙන්නේ මම වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න.
පැහැදිලි කිරීම හොඳයි .
ඔය ගාණ විදෙශ විනිමය වශයෙන් ගන්න තිබ්බා තව කොල්ලො ටිකක් කොරියා යැවුවානම් .රට ඉන්න කම්කරු -ගෘහ සෙවිකා සෙරගෙන්ම ඩොලර් බිලියන 6 ක් එනවා රටට ආදායම.
නිකන් හිතපන් ඔය ක්‍රිකට් වලට තියෙන තැන රග්බි වලට ෆුට්බොල් වලට තිබ්බානම් ඔයිට වැඩිය හොයන්න පුළුවන්.
මළලක්‍රීඩා දියුණු කරානම් තවත් හෙව්ව හැකි .
ලොකෙ වැඩියෙන්ම මුදල් හම්බ කරන්නෙ ෆුට්බොල් .
එත් අපෙ රටෙ ෆුට්බොල් කැපාලා ජීවත්වෙන්න මිනි වලවල් කපන තත්වෙට වැටිලා.
කාලෙ කන ක්‍රිඩාවල කැපාලාට සුරසැප. එත් 1996 න් පස්සෙ තාම බැරි උනා වර්ල්ඩ්කප් එකක් ගෙන්න.
ක්‍රිකටර්ස්ලා උනත් ටිකක් ප්‍රසිද්ධ මෙ දකුණු ආසියා කලාපෙ විතරයි. අපෙ ක්‍රිකටර්ස් ලාගෙ නම් සුද්දො දන්නෙ නැහැ.
ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සත පහක් ගෙවන්නේ නෑ ක්‍රිකට් නිසා ලංකාවට පිටරටින් විදේශ විනිමය හම්බෙන එකයි වෙන්නෙ ඩොලර් වලින්.
. අලුත් මොඩල් එකට අනුව අපිට ඩොලර් මිලියන් 125ක් විතර හම්බෙනව 2023 වෙනකන් (රුපියල් 


අනික ක්‍රිකට් නවත්තලා රගර් ගහන්නේ ඇයි, ක්‍රිකටුත් ගහනවා රගරුත් ගහනවා පුළුවන් නං ෆුට්බෝලුත් ගහනවා. දැනටම ආදායමක් එන ක්‍රීඩාව මොන එහෙකටද නවත්තන්නේ ඒක පැත්තකින් තියෙද්දී අනික්වත් දියුණු කරන එකනේ කරන්න ඕනේ.
කරන්න පුළුවන් නං කරන්න එපැයි කෝ කරලා නෑනේ. දැන් ඔය ෆුට්බෝල් රගර් ගහන අය වගේ කට්ට කාල තමා 96 ක්‍රිකට් ටීම් එක ලෝක කුසලානයක් අරන් ආවේ. ඒකෙන් පස්සේ තමා ක්‍රිකට් මේ තත්වෙට දියුණු උනේ. නැතුව ඉබේ මැජික් එකකින් වගේ සල්ලි පහල උනේ නෑ.
