Crypto mega

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තැරි ට්‍රෙඩින්ග් ඔස්තාර් කමෙන් එක ඩිලිට් කරා,,,
    Screenshot 2023-03-25 at 10-34-37 Facebook.png
     
    • Like
    Reactions: wpmanoj

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    එලකිරි වරුනි මම ක්රිප්ටෝ වලට ආදුනිකයි. මාස දෙකක් ඇති. ඒත් මාස දෙකට ගත්ත අත් දැකීම නම් ලොකුයි. මම ඉගෙන ගත්ත දේ කියල උබලට පොඩි සහයක් දෙන්නයි ආවේ. තමන්ගේ දැනුම බෙදා ගන්න මෙය තෝතැන්නක් වේවා ! උබලගෙ දැනුම ශෙසා කිරීම අගයමු. දෛනිකය හරි සතිපතා හරි මම උගත්දේ මෙතන දාන්නම්.

    මම ක්රිප්ටෝ පටන් ගත්තේ ඩොලර් 8000 කින්. දැන් මගේ ලග තියෙන මුළු මුදල ආසන්නව ඩොලර් 20000 ක්. මාස දෙකට ආයෝජනය කරපු මුදල සීයට දෙසිය පනහකින් වැඩි කරගත්තා. මේක ඇති කියල හිතනව මගේ කථාව යම් කෙනෙකුට උනන්දුවක් ඇති කරන්න.

    මුල්ම දේ ක්රිප්ටෝ කියන්නේ 99% ක් පරදින 1% ක් දිනන ආයෝජනයක්. ඉවසීම නැතිනම් බුද්ධිය මෙහෙයවන්න කැමති නැති නම් අනිවාර්යෙන්ම 99% න් නවතින්න පුළුවන්. 1% ට එන්නයි මගේ අත් දැකීම් කියන්නේ.

    ක්රිප්ටෝ කියන එක සරලවම මෙහෙම දෙයක්. ඩොලර්, යූරෝ, රුපියල් වගේම සල්ලියක්. වෙනස මේකයි. මේ සල්ලි යම් රටකින් හෝ ආණ්ඩුවකින් පාලනය කරන්නේ නෑ.
    ක්රිප්ටෝ කියන්නේ විද්‍යුත් මුදල්. ඒ මුදල් පාලනය වෙන්නේ පරිගණක යෙදවුමකින්.
    මීට වඩා දැනගන්න ඕන නම් ටියුබ් එකේ සර්ච් පාරක් දාන්න. වීඩියෝ මිලියන ගානක් තියෙනවා.

    ක්රිප්ටෝ කරනවා කියල අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. රුපියල ඩොලර් එක එක්ක මීල අඩුවෙන බව දැනන් අපි ඩොලර් අරන් තියා ගත්තේ. අන්න ඒ වගේම විද්‍යුත් මුදල් වලත් වටිනා කම වැඩිවෙන කොට අපි ඒව රුපියල් දීල සල්ලි වලට අරන් තියාගෙන වැඩි උනාම තව කෙනකුට විකුණල රුපියල් කරන් ලාබයක් ගන්නවා. මේ වැඩේ කරන්න ක්රිප්ටෝ මුදල් එක්ස්චේන්ජ් හැට හුට හමාරක් තියෙනවා. ඕවායින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ බයිනෑන්ස්, ගේට් අයියෝ, කොයින්බේස් වගේ ඒවා. තමන් කැමති එකකින් කරන්න පුළුවන්. මම කරන්නේ බයිනෑන්ස් හේතුව කිසිම වියදමක් නැතිව රුපියල් ඩොලර් කරන්නත් ඩොලර් රුපියල් කරන්නත් පහසු කමක් උන් සලසල තියෙනවා. ඒකට කියන්නේ P2P (පියර් ටු පියර්) කියලා.

    හරි සරල විස්තරයක් දුන්නා දැන් පටන් ගමු.

    මේ ජාවාරම සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූලයි. මේක කරන්න පටන් ගන්න කලින් ඕන කෙනෙක් මුලින්ම මාස දෙකක් වත් අනිවාර්යෙන්ම මාකට් එක ගැන බලාගෙන ඉන්න ඕන. වැඩේ ඉගෙන ගන්න ඕන. නැතිනම් සල්ලි ටික ලෙප්ට් තමයි. මේකෙදි හදිස්සි කාරයෝ, කෑදරයො වගේ බයෙන් වෙවුලන උන් විනාස වෙලා යනවා. සල්ලි ලෙප්ට්. වැඩේ කරන්න නම් මුලින්ම මේකට යොදා ගන්න සල්ලි පිලිබද තියෙන සම්පූර්ණ ආසාව අයින් කරන් බහින්න ඕන. මේක කරන්න ආසන්නව ඩොලර් 10 ක් තිබ්බොත් ඇති. හැබැයි සමහර කොයින් වලට ලිමිට් තතියෙනවා. ඒව පස්සෙ කථා කරමු. මේකට යොදන සල්ලි ආයෙ නොලැබෙනවාය කියන සිතිවිල්ලෙනුයි ආයෝජනය කරන්න ඕන. මොකද අද ලාබ ගත්ත වගේම හෙට හිදෙන්න පුළුවන්. ඒ නිසා අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි. වෙඩිම ගන්න තිබ්බ සල්ලි පොලියට ණයට ගතපු සල්ලි කවදාවත්ම ආයෝජනය කරන්න එපා. එහෙම කරල විනාස උන උන් ඕන තරම් මම දැකල තියෙනවා.

    මම මුලින්ම ලාබයක් ගත්තෙ 40 විතර ඉදල 65 ට විතර බිට්කොයින් ගියපු එකෙන්. ඒ වගේම බීඑන්බී වලින් තමයි අනිත් ලාබය ගත්තේ. 512 ඉදන් 670 විතර වෙනකම් වැඩි උනා. මට කෙලවිලා ඉන්නේ ශිබා ඉනු ගෙන්. ශිබා 63 දි ගත්තා. 1000$ ක ගත්ත දවසෙ (නොවැම් පලවෙනිදා වගේ) ඉදන් බැස්ස ආච්චිට සිරි වෙන්න. මේ වෙද්දි 42 ටම බැහැල. තවම හෝල්ඩ් කරන් ඉන්නවා. අනිත් කෙල උනේ 50 විතර ස්ටෙඩිව ඉදල පහලට ආපු ස්වින්ග් එකකදි මම ශිබා 46 න් තව 1000$ ක ගත්තා. එතනිනුත් කෙලවිලා ඉන්නේ. දෙකම හෝල්ඩ් කරන් ඉන්නේ. මගේ අදහස ශිබා තම මාසයක් දෙකක් යන්න කලින් 80 පන්නාවි කියලා. පැන්නොත් මම යෙදවුව ගාන වගේ දෙගුණයක් විතර ආසන්නව ලැබේවි.

    කෙලවෙන්න ලොකුම හේතුව මගේ ඉසීම නැතිවීම සහ ක්ෂනික කෑදරකමක් ඒම. කරපු ඇනලයිස්ඔ ක්කොම පැත්තක තියලා පැනික් වෙලා බයි කලා. දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. උඹලගෙ ප්‍රතිචාර අනුව ඉදිරියට. තව ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්.
    දැන් portfolio එකේ තත්වෙ කොහොමද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    දැන් portfolio එකේ තත්වෙ කොහොමද?
    මේ ටිකේ ඇක්ටිව්ලි ට්රේඩ් කරන්න බැරි උනා බං. මාකට් ඒක ටිකක් ස්ටේබල් නෑ වගේ නිසා ලෝංග් වලට ස්පොට් කරේ නෑ. ෂෝර්ට් ටර්ම් විතරයි කලේ. ඩොලර් වටිනාකම නම් ගොඩක් අඩු වෙලා. ඒ්ත් කොයින් ප්‍රමාණය නම් හැමදාම වැඩි වෙනවා. මම හැම මාසෙකම ඩොලර් 500 ක් විත්ඩ්‍රෝ කරනවා.)
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    602
    620
    93
    මේ ටිකේ ඇක්ටිව්ලි ට්රේඩ් කරන්න බැරි උනා බං. මාකට් ඒක ටිකක් ස්ටේබල් නෑ වගේ නිසා ලෝංග් වලට ස්පොට් කරේ නෑ. ෂෝර්ට් ටර්ම් විතරයි කලේ. ඩොලර් වටිනාකම නම් ගොඩක් අඩු වෙලා. ඒ්ත් කොයින් ප්‍රමාණය නම් හැමදාම වැඩි වෙනවා. මම හැම මාසෙකම ඩොලර් 500 ක් විත්ඩ්‍රෝ කරනවා.)
    aye bearish unoth monda mchn buy krnna inne?
     
    • Like
    Reactions: wpmanoj