Crypto Tips

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සැලකිලිමත් වෙන්න. අමාරුවෙන් හම්බු කර ගත්තු තුට්ටු දෙකට කෙලව ගන්න එපා.
    ඔයා ගාව Tron, ICON, Zilliqa, Dragonchain, Substratum,Arcblock වගේ project වල ERC20 ටෝකන්ස් තියෙනවා නම් ඒ ඒ project වල news follow කරන්න.
    මොකද මේ එක එක එකක් project වල Main net එක එලියට ආවයින් පස්සේ මේ හැම ERC20 ටෝකන් එකක්ම ඒ ඒ අදාළ Block Chain එකටම විශේෂිත උණු කොයින් වලට ඔයාලට මාරු කර ගන්න වෙනවා. (Native coin) එහෙම ඒ ඒ අදාළ Block Chain එකටම විශේෂිත උණු කොයින් වලට ඔයාලට මාරු කර ගන්න එයාලා කාලයක් ලබා දෙනවා අපිට.

    අපි උදාහරණයකට හිතමු ICON වල Main net එක අද එලියට ආවා කියලා එතකොට ICON එක announcement එකක් දානවා කොහොමද දැනට ඔයාලා ගාව තියෙන ICON (ERC20 ටෝකන්ස්) ICON block chain එකටම විශේෂිත උණු ICON coin වලට මාරු කරගැනීමේදී අනුගමනය කරන්න ඕන මොනවගේ පියවරද කියලා. ඒ ගමන්ම එයාලා announcement එකක් දානවා ඒ කාර්ය්‍ය කරන්න එයාලා කොච්චර කාලයක් අපිට ලබා දෙනවද කියලා. ( ඒ ඒ ලබාදෙන කාලය මාස 03 ඉදලා ඉස්සරහට වැඩිවෙන්න පුළුවන්)

    මේකට කියන්නේ කොයින් swap එකක් කියලා. හිතන්න මන් ගාව ICON 10ක් තිවිලා මන් මේ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැතුව ඉන්නවා කියලා. හිතන්න එහෙම ඉන්න අතරතුරේදී ICON Main net එක එළියට ඇවිත් ICON එක announcement එකක් දැම්මා කියලා token swap කරන විදියයි, එකට ලබා දෙන කාලයයි ගැන සදහනක් කරලා. මම මේ ගැන අවධානයෙන් ඉන්නේ නැති නිසා, අපි හිතමු ICON එක ලබා දුන්නු කාලය අවසන් උනා කියලා.
    එතකොට මන් ගාව දැන් තියෙන්න ERC20 වර්ගයේ ICON ටෝකන්ස් නේ. අපි හිතමු පස්සේ දවසක ඔයාට මේ ටෝකන් 10ය විකුණන්න හිතුනා කියලා. එතකොට ඔයාට ඒ දේ කර ගන්න බැරි වෙනවා. මොකද අර ලබා දුන්නු කාලයෙන් පස්සේ ඒ ඒ projects අර ඉතුරු උණු, නියම කරපු කාලයේදී නියම ICON coins වලට හුවමාරු කර නොගත්තු ටෝකන්ස් burn කරනවා. අපි හිතමු එහෙම burn නොකර හිටියා කියලා, එත් වැඩක් වෙන්නේ නෑ ඔයා ගාව තියෙන ටෝකන්ස්, මොකද මේ වෙද්දී හැම exchange එකකම අර නියම swap කරපු කොයින් විතරයි deposit කරන්න පුළුවන්. ඔයා දන්නේ නැති කමට ඔයාගාව තියෙන ERC20 වර්ගයේ ICON exchange එකකට deposit කරත් exchange එකේ ICON balance එකේ ඔයාගේ ටෝකන් 10ය පෙන්නනේ නැති වෙයි.

    ඒක නිසා තමන් ගාව තියෙන්නේ මොන වර්ගයේ ටෝකන් එකක්ද එහෙමෙ නැත්නම් කොයින් එකක්ද , තමන් ගාව තියෙන කොයින් එකට හෝ token එකට අදාලව ඉදිරියට swap එකක් වෙන්න තියෙනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න. මන් උඩින් සදහන් කලේ projects කීපයක් විතරයි. තව තියෙනවා මේ වගේ projects, දැනට ERC20 tokens පාවිචිචි කරන අනාගතයේදී තමන්ගේම Main net එකක් එළියට දැම්මයින් පස්සේ coin swap එකක් announce කරන.

    තමන් ගාව තියෙන එක එකක් කොයින් හෝ ටෝකන් වලට අදාළ project වල daily news follow කරන්න තියෙන හොදම ක්‍රමය තමයි. twitter account එකක් හදාගෙන ඒ ඒ project එකට අදාළ twitter accounts follow කරන එක. ඒ හැම twitter account එකක්ම ඔයාලට පුළුවන් coinmarketcap.com එකේ #social කියන කොටසින් හොයා ගන්න. එහෙම හැම project එකක්ම එකම twitter ගිණුමකින් follow කරහම හැම project එකක් ගැනම දිනපතා අප ඩෙට් වෙලා ඉන්න පුළුවන්.





     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    api wallet eheka thiya ganne nathuwa exchange eheka thiya gattoth exchange eken e galapena widiyata maru karanawa neda..
     

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    api wallet eheka thiya ganne nathuwa exchange eheka thiya gattoth exchange eken e galapena widiyata maru karanawa neda..

    හුගක් වෙලාව ඔව් එහෙම exchange වලින් කරලා දෙනවා.