cryptocurrency trading 0 ඉඳන් ඉගෙනගන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,068
    5,302
    113
    මේ ත්‍රෙඩ් එක මීට මාස ගාණකට කලින් කරපු මේ "crypto talk" ත්‍රෙඩ් එකට සම්බන්ධයි. ඒ ත්‍රෙඩ් එකේදි මම කිවුව මුල ඉඳල Cryptocurrency ඉගෙනගන්න හිතන් ඉන්න අයට video series එකක් කරනව කියල. වැඩේට ලොකු කාලයක් ගියත් කොහොමහරි series එකේ පලවෙනි සෙට් එක ඉවර කරා. දැන් හැමෝටම බලන්න පුළුවන්. ඒත් එක්කම මම මේ YouTube channel එකත් active කරනව ඉස්සරහට update කරනව තව අලුත් videos එනව. basics video series එකෙ ඉතුරු videos ටිකත් හැමදාම එකින් එකට දානව. market එක ගැන update ත් channel එකේ දාන්න පටන් ගන්නව basics video series එක ඉවර උන ගමන් . doubts තියෙන අයට අහන්න පුළුවන්. ♥️

    Playlist
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,068
    5,302
    113
    New videos updated.

    අන්තිමට දාල තියෙන videos හතර වැදගත් videos ටිකක්. 11 වෙනි එකේ ඉදන් ගැන කතා කරල තියෙනව futures trading ගැන. ඉතින් මම පොඩ්ඩක් හොයල බැලුව මීට කලින් මේ දේවල් ගැන හරියටම කතා කරල තියෙන videos තියෙනවද කියල. හැබැයි කිසිම video එකක මේ ටික කතා කරල තියෙනව මට හම්බ උනේ නෑ. ලංකාවෙ විතරක් නෙමේ foreign international channel වලත් futures ගැන හරියටම කතා කරල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. futures ගැන කියල දෙන්නෙ නිකන් කෙලින්ම binance futures platform එකට ගිහින් trade එකක් දාන විදිහ ගැන විතරයි. ඒව වැරදි නෑ හරි. හැබැයි මොනවද futures කියන්නෙ, මේක වැඩ කරන විදිහ, මේකෙ mechanism එක මොකද්ද කියල දන්නෙ නැතුව කෙලින්ම උඩින් trading වලට එන එක ලොකු අඩුවක් විදිහට මම දකින්නෙ. ඉතින් මේ සෙට් එකේදි කතා කරල තියෙනව futures market කියන්නෙ මොකද්ද මේකෙ mechanism එක leverage, margin, liquidation, sell short වැඩ කරන විදිහ මේ හැමදෙයක්ම

    මේ වෙනකන් Spot සහ Futures trading වල theoretical parts කතා කරල තියෙනව මෙතනින් එහාට තියෙන්නෙ market analysis ගැන කතා කරන්න ඒව ඊළග video එකේ ඉදන් කතා කරමු







     
    • Like
    Reactions: S_M_S