curfew ඉවරද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    ඉවරද බං? පාරේ සැහෙන්න වාහන යනවා ඇහෙනවා නේ


    ගාල්ල
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.

    එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.

    එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ.

    අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් පමණයි.

    එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

    ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟයි.

    පසුව පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනා ගැනුණි.

    ada derana
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,788
    1,497
    113
    Ada colombo kaluthara gampaha puththalama jaffna hara anik nagara walata ude 6e idan 2a wenakan curfew ain karala thiyenne.