ඔන්න ඉතින් කාලෙකට පස්සෙ සෙට් උනා ත්රෙඩ් එකක් දාන්න.
පහුගිය දවස්වල රටෙන් බැහැර වෙලා හිටපු නිසා එලකිරියට ත්රෙඩ් එකක් දාන එක අතපසු උනා
. එකෙන් මෙකෙන් වැඩක් නැහැ. කෙලින්ම වැඩෙට බහිමු
.
ඔන්නඉතින් අද කියන්නේ අපේ බජ්ට් එකට හරියන පරණ පහේ භාණ්ඩයක් ගැන .පරන උනාට මැක්සා බඩුවක් . පෙට්රල් නහුතෙට කරනවා
.පොකැට් එකටත් ලාබයි
. සල්ලි තියෙන අය්යලා ට නම් මේ ත්රඩ් එක දිරවන එකක් නැහැ
. එත් ඉතින් හැමොටම එකවගෙ සලකන්න ඔන නිසා මේ වගේ ත්රඩ් එකකුත් දාන්න හිතුනා. 
Daihatsu Charade (G11)
සතාව දැක්ක ගමන් සමහරු නම් අදුරනවා ඇති . 1983 දී නිශ්පාදනය ආරම්භ උන මේ මාදිලිය ලෝකේ බොහොම ප්රසිද්ද උනේ මෙහි තිබුන සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවය නිසයි
. පෙට්රල් සහ ඩීසල් යන එන්ජින් වලින් සමන්විත මොටර් රථ වෙලද පොලට සමාගම විසින් හදුන්වලාදුන්නා. මේ මාදිලියේ රතයක ඉන්දන කාර්යක්ශමතාවය අනිවාර්යෙන් ලීටරයට කි.මි 18 වැඩි අගයක් ගන්නවා
. ඔය මාදිලියේ ඩීසල් රථ තියෙන අයට නම් සාක්කුවට පුදුම වාසියක් තියෙන්නේ.
පෙට්රල් රථනම් 993cc එන්ජිමකින් සමන්විත වෙලා එන්නේ. අනික මේමාදිලියේ රථවල ටර්බෝ මදිලියකුත් තියෙනවා
.. වැදගත්ම දේතමා තාමත් මේ රතවලට අවශය අමතර කොටස් අපෙ රටේ තියෙනවා. හෝමාගම සහ පන්නිපිටිය අවට මේ රථ වලටම අමතරකොටස් ගෙන්නන ස්ථාන තියෙනවා
.
තව මේ රථයේ දොර 2 , දොර 4 සහ කොටු ලයිට් / ශේප් ලයිට් කියල මාදිලි කීපයක් බාහිර පෙනුමින් වර්ගීකරනය වෙනවා. ඉතින් පොඩිගානකට පෙට්රල් කරන වාහනයක් හොයන කෙනෙක් මේ මාදිලියේ හොද තත්වයේ රථයක් දැක්කොත් මගහරින්න එපා. මොඩිෆයි කෙරන්නත් කියාපු භාන්ඩේ

ලන්කාවේ වර්ථමාන මිල ලක්ෂ 3.50 සිට 5.50 දක්වා මිල පරාසයක තියෙනවා
. මතක තියගන්න මේවැනිරථයක් මිලදී ගන්නවා නම් දන්න කෙනෙක් එක්ක ගිහින් රථය හොදට පරික්ෂාකරන්න
මොකද අවුරුඩු 29-30 පරණ මොටර් රථ මේවා
.
කොටඋඩ ඇති කොටුලයිට් මාදිලියේ රථයක්



පොස්ට් එක හොදනම් ඉතින් කොමෙන්ට් එකක් වත් දාල යන්න හොදේ


Last edited:


elazzzzzzzz 
ela ela eeta wada hoda ekak set wei . thanks machan