මස්ල් කාර් - Muscle car

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    මස්ල් කාර් - Muscle car

    XAh6gr.jpg

    එන්ජින් කැපෑසිටි වැඩි, තද බීට් එකක් තියෙන, යකා වගේ හැටට හැටේ යන, අපි කවුරුත් ආස ඇමෙරිකන් ස්පිරිට් එක ගෑවිලා තියෙන යකා මාක් කාර් එක ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. මෙහෙට ගෙන්නනවා නම් ලංකාවේ කස්ටියගේ සාක්කු වලට වඩා ලොකු බජට් එකකට තමයි මේවා ගෙන්නන්න වෙන්නේ. මොකද අපේ ආණ්ඩුව දන්නා කාලේ ඉඳන්ම වාහන වලට සුපිරි බද්දක්නේ ගහන්නේ. අන්න ඒ නිසා.

    ඒ වුනත් ඉඳලා හිටලා අපේ හිත පිස්සු වට්ටලා පාරවල් දිගේ හොල්මනක් ගියා වාගේ බලාගෙන ඉන්න සයිස් එකට අපිව ෆ්‍රීස් කරවන මස්ල් කාර් සෙට් එකක් ලංකාවෙත් තියෙනවා. අපි ඒවා ගැන විස්තර කියන්නේ නැතුව ෆොටෝ කිහිපයක් විතරක් මෙන්න මේ විදියට දාන්නම්. මේ පින්තුර අපි ගන්නේ @ferrarinameek ගේ ඉන්ස්ටා එකවුන්ට් එකෙන්.

    LARRxB.jpg

    Cg39sQ.jpg

    Xib1gJ.jpg

    lGYlN8.jpg


    1. Muscle Car එකක් කියන්නේ?

    zCQymC.jpg


    මස්ල් කාර් කියන්නේ ඇමෙරිකාවේ උපත ලද වචනයක්. මේ වචනය භාවිතා වෙන්නේ අධි-බලැති මෝටර් වාහන හඳුන්වා දෙන්නටයි. වර්තමානයේ තිබෙන මස්ල් කාර් බොහොමයක් දොර දෙකේ ස්පෝර්ට් කාර් වල පෙනුම ගන්නවා. ඒත් ඉස්සර මස්ල් කාර්, ඒ කියන්නේ 50 සිට 70 දශක දක්වා තැනුන මස්ල් කාර් බොහොම ලස්සනට එහි අධි බලැති බව ඇඟට දැනෙන්න තනපු මෝටර් රථ වෙනවා.

    මස්ල් කාර් ප්‍රමාණ කිහිපයකින් නිර්මාණය වෙනවා. 5 දෙනෙකුට හොඳින් ඉඩ පහසුකම් ඇති ෆුල් සයිස් මස්ල් කාර්, සිව් දෙනෙකුට හොඳින් පහසුකම් ඇති මිඩ් සයිස් මස්ල් කාර්, දොර දෙකේ මස්ල් කාර් සහ පවුලේ සියල්ලන්ටම ගිය හැකි “ෆැමිලි සයිස් කොම්පැක්ට්” යන ප්‍රමාණ 4 තමයි ඒ. මෙයින් දොර දෙකේ ස්පෝර්ට් කාර් වර්ගය මිලෙන් වැඩි, අධි බලැති එන්ජින් වලින් සමන්විත, රෝඩ් රේසින් වලට ඔබින මෝටර් කාර් වර්ගයක් ලෙස හඳුන්වන්නට පුළුවනි.


    2. එතකොට Full Size Muscle Car කියන්නේ?

    49LDaB.jpg


    ෆුල් සයිස් කියලා හඳුන්වන්නේ ඇතුලත ඉඩකඩ නිසා විතරක් නෙවෙයි. පවතින එන්ජින් කැපෑසිටි මෙයට එක හේතුවක් වෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නේ මේ ෆුල් සයිස් මස්ල් කාර් වඩා ජනප්‍රිය වෙන්නේ 1964න් පස්සේ. එතෙක් මස්ල් කාර් නිෂ්පාදකයින් මෙතරම් ප්‍රමාණයෙන් විශාල මස්ල් මෝටර් රථ නිෂ්පාදනය කලේ නැහැ.

    ශෙවී ඉම්පාලා (Chevrolet Impala SS මාදිලිය), ෆෝර්ඩ් ගැලැක්සි (390ට වැඩි CID එන්ජින් සහිත), ඩොජ් කොරෝනෙට් (Dodge Coronet R/T) කියන මාදිලි මේ ෆුල් සයිස් මස්ල් කාර් වලට නිදසුන් විදියට පෙන්වා දෙන්න පුළුවන්.


    3.Pony Car කියලා වර්ගේකුත් තියෙනවාලු

    GDlwJd.jpg


    පෝනි කාර් කියන්නෙත් මස්ල් කාර් වල එක වර්ගයකට කරන හැඳින්වීමක් තමයි. 1964 ෆෝර්ඩ් මස්ටෑන්ග් මෝටර් රථ වලින් ආභාෂය ගෙන නිපදවන ලද වඩාත් ලාභදායී, ප්‍රමාණයෙන් පොඩි, නවතම විලාසිතාවට නිර්මාණය කරන ලද ස්පෝර්ට් හෝ ඒ හා ආසන්න පෙනුමක් පවතින ලෙස නිපදවූ වාහන මේ නමින් හඳුන්වනවා.

    පෝනි කාර් වල මූලාරම්භක රථය හැටියට හුඟ දෙනෙක් හඳුන්වන්නේ 1964දී එළිදැක්වූ ෆෝඩ් මස්ටෑන්ග් රථයයි. පෝනි කාර් කියන නාමය ප්‍රසිද්ධ උනේ මස්ටෑන්ග් හරහා උනත් වෙළඳපොළට ආපු පළමු පෝනි වර්ගයේ කාරය හැටියට හැඳින්වෙන්නේ ප්ලයිමවුත් බැරකුඩා රථයයි. ගොඩක් අය නොදන්නවා වුනාට මස්ටෑන්ග් කියන්නේ මස්ල් රථයකට වඩා පෝනි මෝටර් රථයක් බව හිතේ තියාගන්න එක වටිනවා.


    4.මොනවද මේ Japanese Muscle Car කියන්නේ?

    c6T8rL.jpg


    යුරෝපේ පුරා මස්ල් කාර් උමතුව පැතිරෙන්න ගන්නකොට ජපානයේ මෝටර් රථ ක්ෂේත්‍රය කියන්නේ දියුණුවෙමින් පවතින, අලුත් අලුත් නිෂ්පාදකයින් බිහිවෙමින් පවතින වෙළඳපොළක් සහිත ක්ෂේත්‍රයක්. යුරෝපේ පුරා පැතිරෙන මේ කාර් පිස්සුව ජපානෙට එන්නේ නැතිවෙන්න විදිහක් ඇත්තෙම නැහැනේ. ඒ කාලේ වෙනකොට ජපානයේ Datsun, Nissan, Toyota වගේ මෝටර් රථ සමාගම් තමන්ගේ නිර්මාණ වලට මස්ල් පෙනුම සහ ධාරිතාවය එකතු කරන්නට පුංචි පුංචි උත්සාහයන් දමන්නට ගන්නවා.

    ඉතින් මෙහෙම කාලේ ගත වෙනකොට 1970 දී Datsun සමාගමෙන් එක්තරා විශේෂිත පෙනුමක් තිබෙන මෝටර් රථයක් එළිදැක්වෙනවා. ඒ තමයි Datsun 240z මෝටර් රථය. පළමු Japanese Muscle Car එක විදියට පිළිගැනෙන්නේ මෙන්න මේ රථය තමයි. පෙනුමින් ටිකක් සුවිශේෂී දොර දෙකේ ආසන 2 මෝටර් රථය ජපන් කාර් ලෝලීන් අතරේ ජනප්‍රිය වෙනවා. මේ පෙනුමම තිබෙන නිර්මාණයක් Nissan සමාගමෙන් ඉදිරිපත් කරනු ලබනවා. එය හඳුන්වන්නේ Nissan Fairlady Z නමින්. හැබැයි වර්තමානේ ධාවන තත්ත්වයෙන් තිබෙන Nissan Fairlady Z කාර් එකක් හොයනවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අමාරු වැඩක්.

    මෙයින් පසුව නිල වශයෙන් Japanese Muscle Cars වල අනාගතය ලියවෙන්න පටන් ගැනෙනවා. Toyota Supra A70, Subaru WRX STI, Nissan Skyline GT-R, Mitsubishi 3000GT කියන්නේ අර Datsun 240z එකෙන් පටන් ගත්තු මස්ල් උමතුවේ ප්‍රතිඵල කියලා කිව්වට වරදක් වෙන්නේ නැහැ. නමුත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේවා අර අපි ඉහතින් කතා කරපු ඇමෙරිකානු මස්ල් පෙනුම රකින වාහන නොවෙයි. මේ ජපාන මස්ල් වලට තිබෙන්නේ ස්පෝර්ට් පෙනුමක් විතරයි.

    5. මස්ල් කිව්වට මස්ල් නොවෙන කාර්

    Q1KV7h.jpg


    ක්‍රයිස්ලර් 300 (Chrysler 300 Letter), පොන්ටියැක් ගෝන් ප්‍රී (Pontiac Grand Prix), බියුවික් රිවියෙරා (Buick Riviera) වගේ සුඛෝපභෝගී මෝටර් රථ එන්ජින් ධාරිතාව සහ විවිධ සැප පහසුකම් වලින් මස්ල් මෝටර් රථ ගණයට අයත් වෙන ලෙසට නිර්මාණය කරනු ලබනවා. නමුත් ඔවුන්ගේ ඉතා ඉහල මිල ගණන් සහ වාහනය සතු අධික බර නිසා ඒවා මස්ල් මෝටර් රථ විදියට ගණන් ගන්නේ නැහැ.දැන් යමු අපේ කාර් ලිස්ට් එකට..!


    1. Dodge Challenger

    44KxXS.jpg


    ඩොජ් චැලෙන්ජර් කියන්නේ මස්ල් කාර් එකක් වුනාට ඒක තනිකරම අච්චාරුවක් කියල කිව්වොත් තමයි වඩා නිවැරදි. ඩේට්‍රොයිට්, මිචිගන් හී 1958 සිට 1959 කාලය අතරේ තමයි ඩොජ් සිල්වර් චැලෙන්ජර් (Dodge Silver Challenger) මෝටර් රථය නිෂ්පාදනය වෙන්නේ. එය තමයි චැලෙන්ජර් මෝටර් රථ පෙළේ පළමුවැන්න. 1970 සිට 1974 දක්වා දෙවෙනි පරම්පරාවේ ඩොජ් චැලෙන්ජර් පෝනි මෝටර් රථය නිපදවන්නේ ක්‍රයිසල්ර් ඊ (Chrysler E) මෝටර් රථයේ ආභාෂය සහ ප්ලයිමවුත් බැරකුඩා (Plymouth Barracuda) මෝටර් රථයේ අංගෝපාංග සහිතවයි.

    තුන්වෙනි පරම්පරාවේ මෝටර් රථය නිෂ්පාදනය වෙන්නේ 1978 සිට 1983 කාලය අතරයි. මේ මෝටර් රථයේ එන්ජින් සියල්ලම මිට්සුබිෂි ගැලන්ට් ලම්බ්ඩා (Mitsubishi Galant Lambda) මෝටර් රථයට බෙහෙවින් සමාන වෙනවා. හතරවැනි පරම්පරාවේ ඩොජ් චැලෙන්ජර් නිෂ්පාදනය වෙන්නේ පස්වැනි පරම්පරාවේ ෆෝර්ඩ් මස්ටෑන්ග් සහ ශැවර්ලේ කැමාරෝ මෝටර් රථ වලින් ආභාෂය ලබාගෙනයි.




    2. Chevrolet Camaro

    FU5mxb.jpg


    ශැවර්ලේ සමාගමෙන් කැමාරෝ මාදිලියෙන් වාහනයක් පළමුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ 1966 සැප්තැම්බර් මාසයේ සිට 1967 දක්වායි. එහිදී රියර් වීල් ධාවනයක් සහිත GM F-body වර්ගයට අනුකූල වෙන ලෙස නිර්මාණය කරපු මේ මෝටර් රථය දොර 2, දොර 4, හාඩ් ටොප් සහ කන්වර්ටබල් යන මාදිලි 4න්ම එළිදක්වනු ලැබුවා. සිලින්ඩර් 6 V8 එන්ජිමකින් සමන්විත වුනු මේ කැමාරෝ ‍මෝටර් රථය එකල මෝටර් රථ ලෝලීන්ගේ විලාසිතාවක් තරමටම පැතිරුණු බව කියවෙනවා. ඒ වගේම තවමත් මස්ල් කාර් එකක් කියලා කිව්වම කැමාරෝ කියන්නේ බොහෝදෙනෙක්ගේ මුවගට නිතැතින්ම එන නමක් බවට කිසිම සැකයක් නැහැ.



    3. Ford Mustang Shelby

    ZdwHh2.jpg


    කැරොල් ෂෙල්බී විසින් ෆෝර්ඩ් සමාගමට නිර්මාණය කරන මෝටර් රථය තමයි මස්ටෑන්ග් GT 350s කියන්නේ. එය බොහොම සැහැල්ලු, සරල පෙනුමක් සහිත ධාවන පථයට හොඳින් ගැලපෙන මෝටර් රථයක් වුනා. විශේෂයෙන් ඩ්‍රැග් රේස් ධාවකයින්ගේ සිත්ගත් මෝටර් රථයක් බවට ෂෙල්බී පත් වෙන්නේ එහි ඇති අපි ඉහත කියාපු කාරණා කිහිපය නිසයි.

    පළමු වරට GT 500 (මේ ලින්ක් කරලා තිබෙන කාර් එක Modified කාර් එකක්) නිර්මාණය කරන ෆෝර්ඩ් සමාගම එයට අශ්වබල 355ක් එකතු කරනු ලබනවා. ඒ වගේම බොහෝ ජවසම්පන්න විලාසිතාවකින් වෙළඳපොළට එන මස්ටෑන්ග් මෝටර් රථය එය සතු ඊට ආවේනික පෙනුම නිසා මස්ල් කාර් යන්න හඳුන්වාදීමේදී ඊට අදාළ අයිකොනික මෝටර් රථය ලෙසින් හඳුන්වා දෙන්නට මස්ල් කාර් ලෝලීන් පුරුදු වී සිටිනවා.




    4. Oldsmobile

    sG5Lg8.jpg


    1949 දී එළිදකින ඕල්ඩ්ස්මොබිල් සමාගමේ Olds 88 සහ Super 88 යන වර්ග දෙක නිසා ඔවුන්ට ලොව ප්‍රථම මස්ල් කාර් එක නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනවා. එතැන් පටන් 1964 දක්වා නිහඬව සිටියත් ඔවුන් Pontiac GTO ආකෘතියෙන් ආභාෂය ලබා නැවත මස්ල් කාර් නිර්මාණය කිරීම ආරම්භ කරනවා.

    එහිදී ඔවුන් පුළුල් ෆුල්සයිස් මස්ල් කාර් නිෂ්පාදනයට යොමුවන්නේ පළමුවෙන්ම ඇමෙරිකානු පොලිසිය සඳහා විශේෂිත එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථයක් නිර්මාණය කිරීමෙන් අනතුරුවයි. නමුත් අවාසනාවට මුල්‍යමය අපහසුතා මැද්දේ Oldsmobile 2004 වසර වන විට වසා දමනු ලබනවා.




    5. Pontiac Firebird Trans AM

    BvAnJn.jpg


    70 දශකය අවසාන වෙන්න ළං වෙනකොට මස්ල් කාර් වලට අසුභ කාලයක් උදාවෙන්නට පටන් ගන්නවා. පරිසර හිතකාමී නීති රීති වැඩිවීම, තෙල්මිල ඉහළයාම, අධික නඩත්තු වියදම්, සාම්ප්‍රදායික පෙනුම වගේ දේවල් නිසා ගොඩක් මෝටර් රථ ලෝලීන් තමන්ගේ වාහන ලැයිස්තු වලින් මස්ල් කාර් හලන්න පටන් අරගන්නවා.

    මේ අතරේ වෙනස්ම පෙනුමකුත් එක්ක එන්ජින් ධාරිතාවය අඩු නොකර වෙළඳ පොලට එවන පොන්ටියැක් “Trans Am” වගේ මෝටර් රථ නිසා මස්ල් උමතුව ආපහු ඔප්නැංවෙන්න පටන් ගන්නවා. මේ කාලේ මස්ල් මෝටර් රථ නිෂ්පාදකයින් අතරේ තිබ්බේ සීතල යුද්ධයක්. ෆෝර්ඩ් සමාගමෙන් හදන ශේල්බි එකේ එන්ජින් ධාර්තාවයට වඩා පොන්ටියැක් සමාගමෙන් Trans Am හදනවා අන්න ඒ වගේ. ඒ වගේම වාහනයට එකතු කරන අඟල් අටක් පළල රෝද, ටයර නිසා පොන්ටියැක් Trans Am අනික් මස්ල් වලට වඩා ඉහලින් වැජඹෙනවා.




    6. Chevrolet Chevelle

    dSZHP6.jpg


    ජෙනරල් මෝටර්ස් ආයතනයෙන් මැද පන්තියේ මෝටර් කාර් සඳහා රීතියක් යෙදුවා. එය තමයි කියුබික් අඟල් 400ට වඩා විශාල එන්ජින් මැද පන්තියේ මෝටර් රථ සඳහා නොයොදා සිටීමට. නමුත් මේ නොයෙදීමෙන් වාසිය ගත්තේ ඔල්ඩ්ස්මොබිල් සහ ෂෙවි සමාගම්. ඔවුන් තම 422 මාදිලියට කියුබික් අඟල් 455ක එන්ජිමක් සවි කරනවා. ඒ කාලයේදීම තමයි ෂෙවි ඔවුන්ගේ ෂෙවිල් SS මෝටර් රථයට කියුබික් අඟල් 454ක v-8 එන්ජින් එකක් සහ LS6 මෝටර් රථ වලට අශ්වබල 450ක බලයකින් යුතු එන්ජින් සවි කරන්නේ. මේ නිසාම තත්පර 5.4කින් පැයට කිමි 60ක වේගයකට ළඟාවන්නට මේ මෝටර් රථයට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන් සැතපුම් කාලක (මීටර් 400කට ආසන්න දුරක්) දුරක් පසු කරන්නට තත්පර 13.8ක් තුල හැකියාව ලබාගනු ලබනවා. ඒ වගේම කර්මාන්ත ශාලා තත්ත්වයේදී ඉහලම අශ්වබල සහිත එන්ජිම සවි කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ෂෙවිල් මාදිලියේ LS6 මෝටර් රථයි.






    oEsvwO.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to Captain jack sparrow again.
    BTW දැන් ජැක් ස්පැරෝලා තුන්දෙනෙක් ඉන්නවද?
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Patta :)

    You must spread some Reputation around before giving it to Captain jack sparrow again.