daily alchol බොන්න හොද නැද්ද බන්?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    daily alchol බොන්න හොද නැද්ද බන්?

    long term side effects එන්න අවුරුදු කියක් යදිද?

    පෙනුමට බලපානවද එක? ඉක්මනට වයසට යන සින් එකක් තියනවද? :(
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එක දිගට බොන්න හොඳ නෑ ඕයි. කල් තබා ගැනීමේ දේවල් දානව ඇති.

    51481.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83


    සිරෝසීස් වැළඳෙන්නේ කෙලෙසද?

    දීර්ඝ කාලයක් පුරා මත්පැන් පානය කිරීමෙනි. 75%ක ප්‍රමාණයකට සිරෝසීස් වැළදෙන්නේ මේ ආකාරයටයි.

    මධ්‍යසාරය (Alcohol) සිරුරට අහිතකරයි. මධ්‍යසාරයේ ඇති Toxin අක්මාවට හානි කරයි. මේ Toxin නිරන්තරයෙන්ම ශරීර ගත වීම නිසා අක්මාවේ සෛල ක්‍රමයෙන් විනාශ වී අනතුරුව අක්මාව විනාශ වෙනවා. මත්පැන් පානය කරන පුද්ගලයකුගේ අක්මාව විනාශ වන්නේ මේ ආකාරයටයි.




    සියලුම මත්පැන් සිරුරට අහිතකරද?

    විවිධාකාර මත්පැන් වර්ග වෙළඳපොලේ විකිණීමට තිබෙන අතර මේ ඕනෑම මත්පැන් වර්ගයක් අක්මාවට හානි කරයි. ඇතැමුන් සිතන්නේ විස්කි, බ්‍රැන්ඩි, ජින්, වයින් හානිකර නොවන බවයි. විශේෂයෙන්ම දිනපතා නොකඩවා සීමාව ඉක්මවා මත්පැන් පානය කරන උදවිය කුමන වර්ගයේ මත්පැන් පානය කළත් ඉතා කෙටි කාලයකදී ඔවුන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවේ.

    කසිප්පු අන්තිම නරකයි

    උදාහරණ ලෙස කසිප්පු වැනි ප්‍රමිතියෙන් තොරව නිපදවන මධ්‍යසාර වර්ගවල සිරෝසීස් වැළඳීමේ ප්‍රවණතාව දෙගුණ තෙගුණ වේ. කසිප්පු වැනි දේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය වේ. ඒවායේ බොහෝ සෙයින් විෂ ද්‍රව්‍ය අඩංගුය.

    එවිට එම විෂ ද්‍රව්‍ය සිරුරට ඇතුළත් වේ. එබැවින් කසිප්පු වැනි මත්පැන් වර්ග පාවිච්චි කරන්නන්ට සිරෝසීස් අවදානම ඉතා වැඩිය. කෙසේ වෙතත් මත්පැන් පානය කරන කාලසීමාව සහ ප්‍රමාණය අනුව රෝගියාගේ ජීවිතයේ ඉරණම රදා පවතී.

    ඇතැම් පිරිස් සතියේ දින පහේ මත්පැන් පාවිච්චි නොකර සති අන්තයේ ඒ දින පහටත් හරියන සේ මහා පරිමාණයෙන් මත්පැන් භාවිතා කරයි. එකවර මත්පැන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීම කිසිසේත්ම නුසුදුසුය. එයද අවදානම් තත්ත්වයකි.

    මත්පැන් භාවිතය නිසා අක්මාව විනාශ වන්නේ ඉහත අකාරයටයි

    ලංකාවේ මෙන් නොව යුරෝපයේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද මත්පැන් පාවිච්චි කරයි. ලංකාවේ ශිෂ්ඨාචාරය අනුව කාන්තාවන් මත්පැන් භාවිතා නොකරයි.

    විදෙස් රටවල මත්පැන් භාවිතා කරන ප්‍රමාණයක් සහ පිළිවෙතක් ඇත. විදෙස් රටක පිරිමියෙක් සතියකට යුනිට් 14 පානය කළාට සිරෝසීස් අවදානමක් නැත කාන්තාවකට යුනිට් 07 පානයට අවසර ඇත. මෙම නීතිය ශ්‍රී ලංකාවේ නොව යුරෝපා කරයේ බව මතක තබා ගන්න.

    කාන්තාවකගේ මධ්‍යසාර ආරක්ෂිත ප්‍රමාණයට වඩා පුරුෂයෙකුගේ ආරක්ෂිත ප්‍රමාණය අඩුය. එයට හේතුව අපේ සිරුර තුළ ඇල්කොහොල් Alcoholdehydrogenises නැමැති එන්සයිමයක් තිබේ . ගැහැණුන්ගේ ඒ එන්සයිමය අඩුය. ඒ නිසා මත්පැන් පානය කරන කාන්තාවක් නම් පිරිමින්ට වඩා මත්පැන් පානය කරන ප්‍රමාණයද අඩු විය යුතුය.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බොන්න පුලුවන් දවසකට යුනිට් 3 ක්
    එක යුනිට් එකක් කියන්නෙ මෙ වගේ
    One unit of alcohol (10ml) is the equivalent to: A single measure of spirits (ABV 37.5%); half a pint of average-strength (4%) lager; two-thirds of a 125ml glass of average-strength (12%) wine; half a 175ml glass of average-strength (12%) wine; a third of a 250ml glass of average-strength (12%) wine.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අඩෝ මම දවසට වයින් බෝතල් තුනක් බොනවා.බීලා බීලා ගන්න දෙයක් නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hamadama bonna ekek set une naha:rofl:

    සිරවට එච්චර බොනාවද ?
    කොච්ච්චාර කාලෙක ඉදන් බොනවද?
    මුණ වෙනස් වෙන්න නැද්ද?