මචං බුද්ධාගම අනිත් ආගම් එක්ක සංසන්දනය කලාම සෑහෙන වෙනස් තැනක තියෙන්නේ ඒ කියන්නේ අනිත් ආගම් වල දෙවියන් වහන්සේ හරි , දේවදූතයෙක් හරි කවුරුහරි ඇවිල්ලා කෙනෙක්ට ආගම කියලා දීල තියෙනවා ඒක එයා ඇවිල්ලා එයාගේ අනුගාමිකයන්ට කියනවා ඒක එතනින් එහාට ඒ කියපු දේවල් ප්‍රශ්න කරන්න බෑ, කියන දේ ඇහුව පිළියෙල ගෙන ඉන්න ඕන .
එහෙත් බුද්ධාගම එහෙම නෙමේ බුද්ධාගම සම්පූර්ණයෙන් මට තේරුන විදිහට ගොඩනැගිල තියෙන්නෙ තර්කානුකූලව ඒ කියන්නේ මුලින්ම දුක හොයා ගන්නවා, ඊට පස්සේ දුකට හේතුව හොයා ගන්නවා, ඊට පස්සේ දුක නැති කිරීමේ මාර්ගය, ඊට පස්සේ තමයි දුක නැති කරන්නේ ඒ විදිහට ඒ වගේ තර්කයක් උඩ ගොඩනඟපු ආගමක්. බුද්ධාගම දේවල් ප්‍රශ්න කරන්න බෑ කියල කොහෙවත් නෑ කියලා මම දන්න තරමට නම්, මොකද බුද්ධ කාලයේ ගොඩක් ශ්‍රාවකයෝ මුලින්ම බුදුහාමුදුරුවෝ එක්ක තර්ක විතර්ක කරලා තමයි බුදුදහම අවභෝධ කරගෙන බුදුන් සරණ ගියේ.
අනික බුද්ධාගමේ උගන්වන ප්‍රධානම දෙයක් තමයි සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියන එක ඉතින් ඒක දළදා වහන්සේටත් පොදු දෙයක්. ඒ නිසා මේ මොහොත වෙනකොට දළදා වහන්සේ වදහිටින්නේ නැත්නම්, දැන් දළදා වහන්සේ නෑ කියලා පිළිගන්න තරම් නිරවුල් මනසක් බවුධ්ධයෙක්ට තියෙන්න ඕන මොකද ඒක තමයි සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම සත්‍යය.