Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි

    උපත් පාලන උපකරණයක් හයිකලේ නැත්තම් යන්න දෙන්නේ නැති දඹුල්ලේ අමුතු ඉස්පිරිතාලේ - ටිකට් කපන්නේ නෑ, උප්පැන්න සහතික දෙන්නෙත් නෑ




    දඹුල්ල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව්වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවිකරන බවට දින කීපයක සිට මව්වරු හා පියවරු චෝදනා කර තිබෙනවා. එමෙන්ම මෙම උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවත් ඔවුන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට මාධ්‍යවේදීන් රෝහල වෙත ගිය අවස්ථාවේ වාට්ටුවේ ප්‍රධාන දොස්තරවරියකගේ උපදෙස් පරිදි මේ නව උපත්පාලන ක්‍රමය අනුගමනය කරන බව හෙළිවී තිබෙනවා.

    දින කිහිපයක සිට දරු ප්‍රසූතියෙන් පසුව ටිකට් කපා ඇති තමන්ගේ බිරින්දෑවරුන්ට හා දරුවන්ට නිවසට යාමට නොදී සිටිම හේතුවෙන් ඔවුන් දොස්තරවරුන්ට දොස් නගන්නට වී ඇති අතර පසුව වාට්ටුවේ පිරිස රෝගීන්ගෙන් අත්සන් ගෙන උපත් පාලන ක්‍රමයට අකමැති බවට ලියවාගෙන තිබේ.

    ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකිරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව මව්වරුන් පැවසීය. උපකරණය පැලඳීමට අකමැතිව විරෝධය පළ කළ පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිද වාට්ටුවෙන් එළියට රැගෙන ඒමට නැවත රෝහලට තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශය යොදා බාධා කරන ආකාරය දැකගැනීමට හැකිවිණ.

    මේ නිසා ටිකට් කපාගත් උපත් පාලනයට අකමැති මව්වරුන් දරුවාත් කොට්ට රෙදි හා බඩුමූට්ටුද තනිවම රැගෙන රෝහලෙන් පිටතට එන්නට සිදුවීමද දැකගත හැකි විණ.

    දඹුල්ල රෝහලේ මේ බලහත්කාරයෙන් සිදුකරගෙන යන උපත් පාලන ක්‍රමය පිළිබඳව පියවරු ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කළහ. මේ පිළිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා පැවසුවේ, පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත්ය. එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි බවද හෙතෙම පවසා තිබේ.



     
    Last edited:

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    අනේ වාසනාවන් සහජිවනේ තරම. ඕකම පුලුවන්නම් කරන්ඩ කියපල්ලකෝ බලන්න මුස්ලිම් අම්ම කෙනෙකුට . අපේ සිංහල සහජීවන පොන්නයෝ එනවා එතකොට විතරක් පු$ දෙන්න. නෙදකින්. කොන්ද පන නැති පොන්නයෝ ආවම රට පාලනය කරන්න රටක මහා ජාතියට නැට්ට පු$ ගහගෙන තම ඉන්න වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ලුප් එකක් නෙවි ගෘප් එකක් දැම්ම නං හරි

    6420847.gif
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    Pinwathuni.......Sansunwenna...
    meka ape Sinhala upaasaka doctors la karapu wedakne, eka handa apita mokuth kathakaranna behe pinwathuni......
    aparadhe mekata musalmanuvek sambandha wela thibbanam apita lankawe hema thenama unge palli kadala, kadawal ginithiyala, 3-4 denek wa marannath thibba pinwathuni.....
    :):):)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලූප් එකක් දැම්මම හොඳයිනෙ. කැමති කාලයක් හුක හුක ඉඳල ආයෙ ලමයෙක් ඕනෙ නම් අයින් කරන්නනෙ තියෙන්නෙ. ඕක නිසා වඳවෙන්නෙත් නෑ:lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලූප් එකක් දැම්මම හොඳයිනෙ. කැමති කාලයක් හුක හුක ඉඳල ආයෙ ලමයෙක් ඕනෙ නම් අයින් කරන්නනෙ තියෙන්නෙ. ඕක නිසා වඳවෙන්නෙත් නෑ:lol:

    ඒ උනාට එහෙම බලකරන්න උන්ට බැහැ.මේ චීනේ නෙමෙයිනේ...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දඹුල්ලෙද කොහෙද ආන්ඩුවේ ඉස්පිරිතාලෙක දෙමළ ලේඩී ඩොකට්‍ර කෙනෙක් බබාලා හම්බ වෙච්චි අම්මලා ගෙදර යවන්න කලින් ලූප් එකක් දාගෙන යන්න කිව්වැයි කියලා හෙන කේස් එකක්. මොකෝ මැහුම් වේලෙන්න කලින් ආයේ හැමිනිලා ආයේ බඩ වෙලා එනවනේ.. අපේ උන්ට මොන පවුල් සැලසුම්ද...? හැබයි මාර බුද්ධිමත් ජනතාව..


    ඔය ලූප් දැමීල්ල ලංකාවට ආපු දවස්වල, ඒක ප්‍රචාරනය කොරන්න නොයෙක් නොයෙක් ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් පඩි පෙල වගේ ළමයි නිෂ්පාදනය කරන එක නවත්ව ගන්න එක මේ වැඩ සටහන් වල ප්‍රධාන මාතෘකාව උනා. මොකද අපේ දෙමව්පියන්ගෙ කාළේ ට්‍රෙන්ඩ් එක තිබුනේ ක්‍රිකට් ටීම් හදන එකයි. සමහර ගෙවල් වල රගර් ටීම් පවා හිටිය. නමුත් මේ ප්‍රචාරන වැඩ සටහන යන කාළේ වෙනකොට වොලිබොල් ටීම් තත්වෙට වගේ ඇවිල්ල හිටියේ. මේ වැඩ සටහනේ පරමාර්ථය උනේ බීචි වොලිබෝල් තත්වෙට ඒක ගේන්න.


    මේ සඳහා ජනතාව දැනුවත් කරන එක සෑහෙන අමාරූ කාරණාවක් උනා. මොකෝ අදටත් අපේ සමාජයේ මේ මාතෘකාව ප්‍රසිද්දියේ කතා නොකරනව පමණක් නෙමෙයි, අඩු ගානේ විවාහක යුවලක් අතර පවා කතාවෙනව හරි අඩුයි.


    *************


    ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...


    "ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ, හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..


    "ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.


    'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.


    "නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.." කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..


    "ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."


    "ඇයි....? මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...? ආපු කාරනේ කිව්වනන් ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..


    ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..


    "ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"


    "බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'


    "එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."


    "අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...


    "හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."


    මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."


    "එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"


    "අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."


    "එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"


    "අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි.. ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".


    "එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"


    "ඒ කිව්වේ මහත්තයෝ....?"


    මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...


    "ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"


    තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...? ඔය මහත්තුරු අහන දේ......?"


    එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.


    මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"කියල වැදගත් විදියට ඇහුවලු..


    "පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."


    මල පැන්න මහත්තය "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට #කන්නේ නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...


    "ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි #කලා තම්යි ඒවට යන්නෙ.."


    "මොනව...!!! එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."


    "ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."


    "මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."


    "මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."


    "මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".


    "ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."


    "මොකක්....? පනිට්ටුවක්..."


    "ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."


    "බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "


    "මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම.... ළොකු ළමය කෙළිනව බාල්දියට් පයින්.....".


    - Maathalan -

    http://maathalan.blogspot.com/2017/03/loop-method-bucket-method.html