"දැන් එජාපයේ ඉන්නේ අවංක මිනිස්සු නෙවෙයි, මට ඇත්ත තේරෙන්න කල් ගියා" ජනපති මෛත්‍රී එජාපයේ ඇත්ත හෙළිකරයි!
වර්තමානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රිලනිපය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය එක්ව ජාතික රජයක් පිහිටුවා තිබේ. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මත ගැටුම් ඇතිව තිබෙන බව දැන් නොරහසකි.
මෙම මත ගැටුමේ උච්චස්ථානය ලෙස පසුගිය දිනෙක පැවැති කැබිනට් හමුවක් හැඳින්විය හැක. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජායට අවශ්‍යව තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීමයි. කෙසේ වෙතත් කොළඹ වරාය මෙලෙසින් ඉන්දියාවට විකුණා දැමීමේ යෝජනාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව විරුද්ධවී තිබේ.
එහිදි ජනපතිවරයා ප්‍රකාශ කර තිබුනේ රටේ ජාතික සම්පත් විකුණා දැමීම අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ ප්‍රතිපත්තිය බවත් තමන් එයට විරුද්ධ බවත් ය.
මේ අතර ජනපතිවරයාගේ එජාප විරෝධය දැක්වෙන තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22දා) පැවැති සේනානායක ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශයකි. එහිදි ජනපතිවරයා වත්මන් එජාප නායකයන් විවේචනය කළා.
එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ
"2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා, එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි" යනුවෙනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු බැවින් එදා එ.ජා.ප.ය දැවැන්ත ප්‍රබල යෝධ පක්‍ෂයක් බවට පත්ව තිබුණු බවය.
source


අර ජාතික ලැයිස්තුවෙන් හොරු රැලක්ම පාර්ලිමේන්තුවට ගත්ත හාදය නේද මේ 