debit/credit/gift card වෙනුවට ඔක්කොම වැඩ එක card එකකින්

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    debit/credit/gift card වෙනුවට ඔක්කොම වැඩ එක card එකකින්

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ මුදල් පසුම්බිය අනේකවිද කාඩ් පත් වලින් පිරී යාම
    ඒකනිසාම සමහර වෙලාවල් වලට අවශ්‍ය කරන කාඩ් පත හොයාගන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනවා :baffled:

    L831inside1.jpg


    මේකට දැන් නියම විසඳුමක් හොයාගෙන තියෙනවා. මේක හඳුන්වන්නේ coin කියලා :yes: හැබැයි මේක කාසියක් එහෙම නෙමෙයි :eek:
    බැලූ බැල්මට මේකත් සාමාන්‍ය කාඩ් පතක් වගේමයි :D

    n3m6.jpg


    මේකේ විශේෂත්වය වෙන්නේ විවිද debit/credit/gift card 8ක තොරතුරු මෙහි ගබඩා කිරීමට හැකි වීමයි :cool:
    ඒ කියන්නේ card 8කින් කරන වැඩ මේ තනි කාඩ් එකෙන් කරන්න පුලුවන් :yes:

    මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ San Francisco වල පිහිටා තිබෙන සමාගමකිනුයි
    මේ card එකේ මැද පිහිටා තිබෙන කාසියක් හැඩැති බොත්තම ඔබලා ඔබට අවශ්‍ය කරන card එක පහසුවෙන්ම තෝරාගන්න පුලුවන්. ඕනෑම ATM යන්ත්‍රයකට හෝ card readerයකට මෙය භාවිත කල හැකියි.....

    මෙහි ඇති චුම්බක තීරුවට අපේ තෝරාගැනීමට අනුව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා
    මේ තාක්ෂණයට ලඟදීම පේටන්ට් බලපත්‍රය ලැබීමටත් නියමිතයි
    මේකේ බැටරියේ ආයු කාලය අවුරුදු 2ක් :cool:

    හරි දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා.
    මුලින්ම මේක මිලදී ගන්නවනන් ඔබට smart phone එකක් තිබිය යුතුමයි :dull:

    ඊලඟට මේ coin එකත් එක්ක එන කුඩා උපාංගය phone එකට සම්බන්ද කරන්න ඕනේ

    aijs.jpg


    6g14k.jpg


    ඊටපස්සේ අපේ debit/credit/gift card එක පහල පින්තූරයේ ආකාරයට sweep කරන්න ඕනේ

    7sru.jpg


    දැන් වැඩේ හරි. අවසාන වශයෙන් card එක මොකද්ද කියලා මතක තියාගන්න පහසු වෙන්න ඒකේ photo එකකුත් ගන්න

    6l2h.jpg


    දැන් phone එකේ තියෙන coin app එකෙන් මේ සියලු දත්ත coin card එකට යවනවා. ඊටපස්සේ අපිට ඒක රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් :P

    මෙකේ ආරක්ෂාව ගැන කියනවා නන් හැමතිස්සෙම coin card එක Bluetooth Low Energy (BLE) හරහා smart phone එකට සම්බන්ද වෙලයි තියෙන්නේ. ඒකනිසා බැරි වෙලාවත් එක කොහෙහරි දාලා ගියොත් phone එකට සංඥාවක් එනවා :yes:

    මේක නිකුත් වෙන්න තියෙන්නේ දෙසැම්බර් මාසයේ. කලින් ඇනවුම් කරන අයට ඇමරිකන් ඩොලර් 50ක මුදලකට මේක අලෙවි කරන්නේ. හැබැයි ඊට පස්සේ මේකේ මිල ඇමරිකන් ඩොලර් 100ක් දක්වා වැඩි කරන්න නියමිතයි :oo:

    Official Site - : https://onlycoin.com/

    coin එක ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්න නන් මේ video වත් බලන්න :)




     
    Last edited:
    ඉතින් බන් විසා මාස්ටර් කාඩ් වල උන් මේකට කැමතිද? චිප් රීඩර් කාඩුත් පුලුවන්ද? කාඩ් කොපි කරන එක මම දන්න හැටියට නම් ඉල්ලිගල්..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපොයි;15907216 said:
    ඉතින් බන් විසා මාස්ටර් කාඩ් වල උන් මේකට කැමතිද? චිප් රීඩර් කාඩුත් පුලුවන්ද? කාඩ් කොපි කරන එක මම දන්න හැටියට නම් ඉල්ලිගල්..
    chip readers බෑ මචන් :no:
    මේකට එහෙම විරෝධතාවයක් නන් එල්ල වෙලා නෑ :)