කම්පියුටර් වල ග්‍රැෆික් ප්‍රොසෙසින් වලට GPU(Graphic processing Unit) එකක් ඕන
වියදම සහ එෆිශන්සි එක නිසා සමහර කම්පියුටර් වල CPU එක ඇතුලෙම පොඩි GPU එකක් තියනවා. වෙබ් බ්‍රවුස් කරන්න, වීඩියෝ බලන්න, office වැඩ වලට, කෝඩ් කරන්න වගේ වැඩ වලට මෙහෙම ඒව අවුලක් නැහැ. මේවට කියනවා CPU Graphics, On board graphics කියලා
සමහර high end computer වල වෙනම GPU එකක් තියනවා, වීඩියෝ එඩිට් කරන්න, ගේම් ගහන්න, 3d modeling වලට, machine learning වගේ වැඩ කරනවා නං මෙහෙම ඕන. මේ GPU සෑහෙන powerfull. මේවට කියනවා Dedicated graphic කියලා