defender අනතුරේ bus රථ රියදුරන් දෙදෙනා කතා කරයි

pancha88

Member
Jul 30, 2015
168
15
0
defender අනතුරේ bus රථ රියදුරන් දෙදෙනා කතා කරයි

දරුවාට කන්න දෙන්නවත් සල්ලි නෑ

2q2lhde.jpg


ජනාධිපති ආරක්ෂක අංශයේ පස්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදූරන් දෙදෙනා පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

එහිදි ඔවුන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.එම රියදූරන් අනතුර සම්බන්ධයෙන් කළ හෙළිදරවුව පහතින් දැක්වෙනවා.

ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ රියැදූරු සුනිල්

ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?

බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පු¿වන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ.

ඔබ දැක්කද මේක එනවා?

මම දැක්කා. ඒත් ඒ දකින කොටම ඒක මගේ ඉස්සරහ. එතකොට තමයි මම පැත්තකට ගත්තේ. ඒත් එතකොට වැදිලා ඉවරයි. ඩිෆෙන්ඩර් එක හැරෙනවා මගේ පැත්තට. මගේ වින්ඩ්ස්ක්‍රීන් එක" ෂෙල් එක" බෆර් එක කැඩෙනවා. මමත් හතළිහට වගේ ගියා.

එතකොට මොකද කළේ?

මම බැස්සා. බැහැපු ගමන් එතැන හිටපු අයව ගන්න උත්සාහ කළා. මම අහල පහළ අයටත් කතා කළා. මට මතක පස් දෙනෙක්ව පැටෙව්වා වගේ. දෙන්නෙක් එතැනම වැටිලා හිටියා. කෑලි කැඩිලා තිබුණෙ. ඩිමෝ බට්ටො දෙන්නෙක් ආවා. ඒකේ හිටපු ළමයිනුත් අපිට උදවු කළා. පොලිසිය ආවෙත් ඊට පස්සේ. මිනිස්සුන්ගේ කෑලි තිබුණ වැටිලා.

අනෙක් බස් එක පාරට කැපුවද?

නෑ එයා තක්කු මුක්කු වෙන්න ඇති.

අනතුරත් එක්ක බයක් හිතුණෙ නැත්ද මිනිස්සු ගහයි කියලා?

අපේ වරදක් නෑ. ඒත් අපි දන්නවා සමාෙජ් තියෙන අදහස. ඒත් අපිටනං කිසිම දෙයක් කළේ නෑ. හැමෝම හරි බුද්ධිමත්ව වැඩ කළේ.

මොකක්ද මේ වාහනේ ආපු විදිය ගැන හිතුණේ?

හිතාගන්න බෑ. මම නං දැකලවත් නෑ මෙහෙම යනවා. වේගෙන් යනවා තමයි. ඒත් පුලුවන් තැන්වල යනවා. අනෙක් තැන්වල හිමීට යනවා එහෙමනෙ.

මේකේ හිටිය හුගක් අය තරුණ ළමයි. අපේ දරුවො වගේ. මට මේ අනතුර දැක්කම මතක් වුණේ මගේ දරුවන්ව. ඒ දරුවන්ගේ වයසනේ. වයසක අයව දැක්ක නං මට තරහ යයි. ඒත් මේක දැක්කම පුදූම දූකක් හිතුණේ. මම දැක්කේ වාහනයක් හැප්පුණා වගේ නෙවෙයි. බෝම්බයක් ගැහුවා වාගේ.

මේ වෙලාවේ පොලිසිය වැඩ කරපු විදිය ගැන මොකද හිතෙන්නේ?

බොහොම ගෞරවනීයයි. අපිට මනුස්සකමින් සැලකුවා. අපිව කූඩුවේ දැම්මේ රෑ. මොකද ඉතින් අපිව අල්ලගෙන ඉන්නද නැතුව. අපි නීතිය ඉදිරියට අරගෙන ගියා. අපිත් හිතුවෙ අපි දවස් 14කට ඇතුළට දායි කියලා. ඒත් එහෙම කළේ නෑ. මේ රජයට අපි ගරු කරනවා. මේ දේවල්වලට අනවශ්‍ය විÈයට මැදිහත් නොවන එක ගැන.

දැන් ලයිෂන් එක නෑ නේද?

ඔව්.. දවස් කීපයකට අපිට රස්සාවක් නෑ තමයි. ඒත් අපි නීතියට ගරු කරන්න ඕනෑනේ.

ඔයාලාගේ වරදක් ඇත්තෙම නැත්ද?

නෑ.. මම නං දන්න තරමට නෑ. මට තේරෙන්නේ නෑ. මේක කොහොම කොහේ ගියාද කියලා. ඒත් වැඩිහිටියෙක් හිටිය නම් ඇයි නොකියන්නේ මෙහෙම යන්න එපා කියලා. ඔය ගමන යන්න වගකිවයුත්තෙක් ඉන්නවා ඇතිනේ. මේ තරුණ ළමයිනේ. අවුරුදූ විසිදෙකයිද කොහෙද. අපි අපේ දරුවෙක්ට බයිසිකලේක යන්න දෙන්නේ නෑ.

අනතුර ගැන මොකද හිතුණේ?

ඒ වෙලාවට වඩා දැන් දූකයි. මැරුණ ළමයින් දකින කොට" මවුපියො දකින කොට එයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මේ ළමයි රස්සාවට එන්න ඇත්තේ කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද? දැන් ඒවා ඔක්කොම ඉවරයිනේ..

දැන් ආයෙත් ඒ පාරෙ බස් එළවන්න පු¿වන්ද?

හ්ම්.. මට එහෙම එකක් නෑ. මට එහෙම තිබුුණා නම් තුවාලකාරයෝ වාහනවලට පටවන්නත් බෑනේ.

ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදූරු සංජීව

ඔබ වංගුවෙන් වාහනය හරවනවා අපිට අර වීඩියෝ එකේ පේනවා. දැක්කෙ නැද්ද ඩිෆෙන්ඩර් එක එනවා?

දැක්කෙ නෑ. බස් එක පාරට ගන්නවත් එක්කම මතුවුණා විතරයි දැක්කේ.

සමහරු කියනවා ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඔයා අර ඩිෆෙන්ඩර් එක පැත්තට ටිකක් අල්ලනවා කියලා?

නෑ එතැන ඒ වංගුව තියෙන විදියට කෙටි කරලා ගන්න බෑ. කොහොමත් අපි ඉරත් එක්කම තමයි ගන්නේ. නැත්නං බස් එකේ මැද වදිනවා. ඒ වීඩියෝ එකේ පේන්නේ ඉඩ තියෙනවා වගේ වුණාට එතැන ඉඩ නෑ.

බස් එක නතර කරගන්න තිබුණෙ නැත්ද?

ඒ වෙලාවේ වැස්ස තිබුණා. ඒ වැස්සත් එක්ක බ්රේක් ගහන්න බෑ. මට බ්රේක් එකට අඩිය තියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

ඩිෆෙන්ඩර් එක කොච්චර විතර වේගෙන් ආවද?

පැයට කිලෝමීටර 140ක් විතර නං ඇති.

වැදූණ ගමන්ම මොකද කළේ?

මම බස් එක වමට කැපුවා වගේ මතකයි.බස් එකේ වීදූරු කෑලි මගේ මූණට වැදූණා. ඉස්සරහ වීදූරුව බිඳූණා. මම හිතන්නේ මට කල්පනාව නැතිව ගියා. බස් එක ගිහිල්ලා වැටට හේත්තු වුණා. මම විනාඩි පහක් විතර එහෙමම හිටියා. හෑන්ඩ් බ්රේක් ඇදලා මම බස් එකෙන් බැස්සා. ඉස්සරහින් බහින්න බැරි නිසා පිටිපස්සෙන් බැස්සෙ. හතර පස් දෙනෙක් වැටිලා හිටියා. එතකොටත් තුන් හතර දෙනෙක් මැරිලා හිටියා කියලා තේරුණා. මම බස් එකෙන් බැහැලා එතෙන්ට ගියා. මට ඊට වඩා දෙයක් කරන්න බෑ. මම එතැන තිබුණ කඩේට ගිහිල්ලා ඉඳගත්තා.

මිනිස්සු ඔබට මොකද කිව්වේ?

මොනවත්ම කිව්වේ නෑ.

ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද?

මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි.

බස් එකට නැග්ග නෝනා කෙනෙක්ට මාව දැකලා ඇඩුණා. මල්ලි ඔයාව දැක්කම මට පුදූමයි. බලන්න ඔයාට වුණ දෙයක්. අපි ඕන තැනක සාක්ෂි දෙන්න එනවා කිව්වා.

දැන් ලයිෂන් එකට මොකද වුණේ?

අපි උසාවියට ඉදිරිපත් කළා ඇප දූන්නා. මේ මාසේ 30 වෙනකම් ලයිෂන් එක ගත්තා.

දැන් ජීවිකාව?

ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදූ හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

මුලාශ්‍ර - නෙත්
 
Last edited:
  • Like
Reactions: netlife007

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    දරුවාට කන්න දෙන්නවත් සල්ලි නෑ

    2q2lhde.jpg



    සමහරු කියනවා ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඔයා අර ඩිෆෙන්ඩර් එක පැත්තට ටිකක් අල්ලනවා කියලා?

    නෑ එතැන ඒ වංගුව තියෙන විදියට කෙටි කරලා ගන්න බෑ. කොහොමත් අපි ඉරත් එක්කම තමයි ගන්නේ. නැත්නං බස් එකේ මැද වදිනවා. ඒ වීඩියෝ එකේ පේන්නේ ඉඩ තියෙනවා වගේ වුණාට එතැන ඉඩ නෑ.


    සමහර අයට ප්‍රශ්නයක් වෙච්ච දෙයට උත්තරේ තියෙනව
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රියදුරෙක් විදිහට රස්සාවක් කරන මනුස්සයෙකුගේ ලයිසන් එක කැන්සල් කරනවානම් නඩුව සතියක් දෙකක් ඇතුලත අහල තීන්දුවක් දෙන්න උසාවිය සාධාරණ විය යුතුයි. පැහැදිලිව වරද පෙනෙද්දී මේ මිනිස්සු දෙන්නගේ රස්සාව නැති කරපු එක හෙන ගහන අපරාදයක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    පව් බං.. කමක් නෑ දවස් කීපයකටනේ ලයිසන් කැන්සල් කරල තියෙන්නෙ.. අරුන්ගෙ නම් ඉතිං කරුමෙ තමා.. එක කරුමක්කාරයෙක් හිටියාම ඇති.. වටපිටේ උනුත් අරගෙනම තමා යන්නෙ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැති කේස් එකකට කට්ට කනවා.
    මොනා කරන්නද බන් ඉතින්.
    පෙර කර්ම තමයි.