Dehiwala zoo එක

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Dehiwala zoo එකට යන විදිය පොඩ්ඩක් කියන්නකෝ

    Dehiwala ලින් බැහැල මොන බස් එකේද යන්න ඕනේ ?

    රුපියක් කීයක දුරද ?
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Dehiwala zoo එකට යන විදිය පොඩ්ඩක් කියන්නකෝ

    Dehiwala ලින් බැහැල මොන බස් එකේද යන්න ඕනේ ?

    රුපියක් කීයක දුරද ?

    දෙහිවල ඉඳල Zoo එක ගාවට එක බස් එකක යන්න බෑ.
    1. දෙහිවල ඉඳන් කරගම්පිටියට කි.මී 1ට අඩු දුරක් තියෙනව. ඒක යන්න ඕනෙ 119 (දෙහිවල -මහරගම) බස් එකේ.
    2. ඊට පස්සෙ කරගම්පිටිය ඉඳල Zoo එකට තවත් කි. මී.1 ට අඩු දුරක් තියෙනව. ඒක යන්න 176 (කරගම්පිටිය - හෙට්ටියාවත්ත) බස් එකේ.
    ඔය බස් දෙකම පටන් ගන්න තැනින් නඟින්න වෙන නිසා බස් එක අද්දනකම් පැය බාගයක් වත් රස්තියාදු වෙන්න වෙනව. දෙහිවල ඉඳන් zoo එක ගාවට කි. මී. 2ක් වත් නැති උනාට බස් එකේ යනව නම් පැයක් වත් යාවි. ඊට වැඩිය හොඳයි ත්‍රීවිල් එකක රු. 100/-ක් දීල යන එක.

    අනික සති අන්ත දවසක නම් zoo එකට යන්න හිතන්නවත් එපා. cheap entertainment option එකක් නිසා කොල්ලයි බල්ලයි හැම එකාගෙන්ම zoo එක පිරිල, ඇඟේ හැප්පෙන ගානට සෙනඟ. පැයක් යන්න කලින් උඹ හෙම්බත් වෙනව. බොරු නම් ගිහිල්ලම බලපන්. ගිහිල්ල ඇවිල්ල කියපන් මම කියපු එක ඇත්තද බොරුද කියල.