DELL U2721DE Monitor එක මිලදී ගත්තා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මිතුරනි, මා පෙරේදා දින පල කරන ලද ත්‍රෙඩ් එකක් මගින් අලුත් මොනිටරයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ඔබ සැමගේ අදහස් දැනගැනීමට කැමති බවත් පැවසූවා ඔබ සැමට මතක ඇති. ඒ අනුව විෂය පිළිබඳ දැනුමැති එළකිරි සාමාජිකයන්ගේ අදහස් අනුව සළකා බලා මා විසින් DELL U2721DE Monitor එක මිලදී ගනු ලැබුවා. මේ සඳහා උපදෙස් ලබා දුන් සැමට ස්තූතියි. විශේෂයෙන්ම @BLACKLIST_MEMBER මහතාට.

    පළමු කාරණය මීට ප්‍රථම අල්ට්‍රා එච්ඩී මොනිටර භාවිත කර තිබුණත් අඟල් 27 සාමාන්‍ය එච්ඩී මොනිටරවල පික්සෙල් පෙනෙන බවට ඇතැමුන් කළ ප්‍රකාශ මට ගැටළුවක් වූයේ නැහැ. නමුත් මට දැන් ඒ ප්‍රකාශය කළ අය අදහස් කළ දේ සත්‍ය කරුණක් බව හොඳින්ම වැටහෙනවා. මක් නිසා ද යත් මා පෙර භාවිතා කළ අඟල් 27 මොනිටර දෙකෙන් එකක් ඉවත් කර ඒ වෙනුවට DELL U2721DE Monitor එක කපල් කර භාවිතා කිරීමට පටන් ගැනීමත් සමග දෙකෙහි වෙනස හොඳ හැටි පෙනෙන්නට වූ නිසා.

    වෙනදා නොදුටු පික්සෙල් දැන් මා දකිනවා. එය තරමක් අවුල් සහගත කාරණාවක්. ඊලඟ කාරණාව නම් මා විසින් භාවිතා කරනු ලබන ඇඩෝබි සීසී අප්ටුඩේට් ඇප් සමුදාය කවදාවත් නොමැති ලෙස ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන්නට වීම. මෙය මා හට විශ්වාස කළ නොහැකි කරුණක් වුණා. යම් පද්ධතියක කාර්යක්ෂමතාවය අකර්මන්‍ය කරන නොගැලපෙන කොටස් තිබිය හැකි නමුත්, මොනිටරයකින් එබඳු දෙයක් සිදුවිය හැකියැයි මා කවරදාකවත් සිතුවේ නැහැ.

    කිසිඳු තාක්ෂණිකමය කරුණක් හැදෑරීමකින් තොරව ප්‍රකාශ කළත්, මට දැන් සිතෙනවා නවතම ඇඩෝබි මෘදුකාග නිර්මාණය කර ඇත්තේ අල්ට්‍රා එච්ඩී ඩිස්ප්ලේ ඉලක්ක කරගනිමින් වන්නට ඇතැයි කියා. එච්ඩී ඩිස්ප්ලේ අවුට්පුට් එකකට ස්කේල් ඩවුන් කරගෙන ක්‍රියාත්මක වීමේදී පරිගණකයට ස්ට්‍රෙස් වීමක් වන්නට ඇති කියා මට දැන් සිතෙනවා. නමුත් මේ ගැන විද්වත් තාක්ෂණික මතය ප්‍රකාශ කිරීම දැනුමැති එළකිරිසාමාජිකයන්ට භාරයි.

    මෙහි මිල රුපියල් 108,000ක් ලෙස යුනිටි ප්ලාසාහි බාක්ලේස් ආයතනයේ වෙබ් අඩවියේ පල කර තිබුණා (02-12-2021). එනමුත් ඔවුන් මා හට එය රුපියල් 103,500/-ක මිලකට ලබා දුන්නා. ඒ සඳහා වසර තුනක සාමාන්‍ය වගකීමක් හිමි වෙන අතර, ඩෙඩ් පික්සෙල් 7කට වඩා වැඩි තත්ත්වයක් ඇති වුවහොත් එය සකස් කර දීමට ඔවුන් කටයුතු කරන බව බිල්පතෙහි සඳහන් වුණා. කෙසේ නමුත් මාගේ තෘප්තිය 100% බව සතුටින් සඳහන් කරන්නට කැමතියි. යම් ගැටළුවක් ඇති වුවහොත් අනාගතයේ මා ඒ ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්.

    ස්තූතියි!

    t9NgNR5.jpg

    yUmEMYg.jpg

    Code:
    DELL, U2721DE, Monitor, Sri Lanka, Price, Review, 2K
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka

    4k ekakata yanna thibunaa 2560x1440 neda ooka.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මොනිටරේ ගත්තට පස්සෙ උඹ පෝං වෙලා වැඩී වගේ
    මට කීයක් හරි දියන්කො
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොනිටරේ ගත්තට පස්සෙ උඹ පෝං වෙලා වැඩී වගේ
    මට කීයක් හරි දියන්කො
    අඩෙ නැ. ලියන්න මහන්සි වෙන්න බැරි නිසා ලිඛිතව ලියුවා. ඒක නෙවෙ,
    මං වතාවක් උඹට කීයක්ද මංදා ට්‍රාන්සර් කරා මයෙ නම නොකිය,
    ආයි දාහං එකවුන්ට් නම්බර් එක පඩි වැටුනම සප් එකක් දෙන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අඩෙ නැ. ලියන්න මහන්සි වෙන්න බැරි නිසා ලිඛිතව ලියුවා. ඒක නෙවෙ,
    මං වතාවක් උඹට කීයක්ද මංදා ට්‍රාන්සර් කරා මයෙ නම නොකිය,
    ආයි දාහං එකවුන්ට් නම්බර් එක පඩි වැටුනම සප් එකක් දෙන්න.
    pm කරන්න විදියක් නෑනෙ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    4k ekakata yanna thibunaa 2560x1440 neda ooka.

    ෆෝකේ යනවා අලුත් සිස්ටම් එකක් එක්කම 2024 දී. එතකොට මේක පෝට්රේට් මොනිටර් එක කරලා ප්‍රයිමරිය කරනවා ෆෝකේ එක.

    4K මොනිටර්ස් වෙනම තියේද?
    තියෙනවා නේ.
    ------ Post added on Dec 4, 2021 at 7:44 PM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ela ela oke light off karana puluwanda
    කී කම්බිනේෂන් තියෙනව මචං ඕනේ නම් පුළුවන්.
    මම නම් ගත්තෙ චටපටස් ගාල වදින එකේ ගතියට
    ගේම් ගහන්නෙ නැහැ මම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    කී කම්බිනේෂන් තියෙනව මචං ඕනේ නම් පුළුවන්.
    මම නම් ගත්තෙ චටපටස් ගාල වදින එකේ ගතියට
    ගේම් ගහන්නෙ නැහැ මම.
    නෑ මචන් මමත් කෝඩින් තමා ගොඩක් කරන්නෙ. ලයිට් ඇහට කරදරයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ මචන් මමත් කෝඩින් තමා ගොඩක් කරන්නෙ. ලයිට් ඇහට කරදරයි.
    ඒක හරි. මමත් ආස නැහැ ආර්ජීබී කතාවට.
    ඒත් කීබෝඩ් එක ඒ හැටි අවුලක් නෑ.
    ඒත් දැන් හෙඩ් ෆෝන් එකක් ගත්තත් ලයිට් දාලා විකාරයක්.
    මාසයකට විතර කලින් ගත්තා MSI DS502 එකක් මේකෙම උන්ගෙන් අහල.
    ඒකෙ ලයිට් වහන්නත් බැහැ. ඔලුවෙ දාගත්තාම මට පේන්නේ නැති නිසා අවුලක් නෑ.
    සින්දුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න සවුන්ඩ් කොලිටි ෂේප්.