මිතුරනි, මා පෙරේදා දින පල කරන ලද ත්‍රෙඩ් එකක් මගින් අලුත් මොනිටරයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ඔබ සැමගේ අදහස් දැනගැනීමට කැමති බවත් පැවසූවා ඔබ සැමට මතක ඇති. ඒ අනුව විෂය පිළිබඳ දැනුමැති එළකිරි සාමාජිකයන්ගේ අදහස් අනුව සළකා බලා මා විසින් DELL U2721DE Monitor එක මිලදී ගනු ලැබුවා. මේ සඳහා උපදෙස් ලබා දුන් සැමට ස්තූතියි. විශේෂයෙන්ම @BLACKLIST_MEMBER මහතාට.
පළමු කාරණය මීට ප්‍රථම අල්ට්‍රා එච්ඩී මොනිටර භාවිත කර තිබුණත් අඟල් 27 සාමාන්‍ය එච්ඩී මොනිටරවල පික්සෙල් පෙනෙන බවට ඇතැමුන් කළ ප්‍රකාශ මට ගැටළුවක් වූයේ නැහැ. නමුත් මට දැන් ඒ ප්‍රකාශය කළ අය අදහස් කළ දේ සත්‍ය කරුණක් බව හොඳින්ම වැටහෙනවා. මක් නිසා ද යත් මා පෙර භාවිතා කළ අඟල් 27 මොනිටර දෙකෙන් එකක් ඉවත් කර ඒ වෙනුවට DELL U2721DE Monitor එක කපල් කර භාවිතා කිරීමට පටන් ගැනීමත් සමග දෙකෙහි වෙනස හොඳ හැටි පෙනෙන්නට වූ නිසා.
වෙනදා නොදුටු පික්සෙල් දැන් මා දකිනවා. එය තරමක් අවුල් සහගත කාරණාවක්. ඊලඟ කාරණාව නම් මා විසින් භාවිතා කරනු ලබන ඇඩෝබි සීසී අප්ටුඩේට් ඇප් සමුදාය කවදාවත් නොමැති ලෙස ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන්නට වීම. මෙය මා හට විශ්වාස කළ නොහැකි කරුණක් වුණා. යම් පද්ධතියක කාර්යක්ෂමතාවය අකර්මන්‍ය කරන නොගැලපෙන කොටස් තිබිය හැකි නමුත්, මොනිටරයකින් එබඳු දෙයක් සිදුවිය හැකියැයි මා කවරදාකවත් සිතුවේ නැහැ.
කිසිඳු තාක්ෂණිකමය කරුණක් හැදෑරීමකින් තොරව ප්‍රකාශ කළත්, මට දැන් සිතෙනවා නවතම ඇඩෝබි මෘදුකාග නිර්මාණය කර ඇත්තේ අල්ට්‍රා එච්ඩී ඩිස්ප්ලේ ඉලක්ක කරගනිමින් වන්නට ඇතැයි කියා. එච්ඩී ඩිස්ප්ලේ අවුට්පුට් එකකට ස්කේල් ඩවුන් කරගෙන ක්‍රියාත්මක වීමේදී පරිගණකයට ස්ට්‍රෙස් වීමක් වන්නට ඇති කියා මට දැන් සිතෙනවා. නමුත් මේ ගැන විද්වත් තාක්ෂණික මතය ප්‍රකාශ කිරීම දැනුමැති එළකිරිසාමාජිකයන්ට භාරයි.
මෙහි මිල රුපියල් 108,000ක් ලෙස යුනිටි ප්ලාසාහි බාක්ලේස් ආයතනයේ වෙබ් අඩවියේ පල කර තිබුණා (02-12-2021). එනමුත් ඔවුන් මා හට එය රුපියල් 103,500/-ක මිලකට ලබා දුන්නා. ඒ සඳහා වසර තුනක සාමාන්‍ය වගකීමක් හිමි වෙන අතර, ඩෙඩ් පික්සෙල් 7කට වඩා වැඩි තත්ත්වයක් ඇති වුවහොත් එය සකස් කර දීමට ඔවුන් කටයුතු කරන බව බිල්පතෙහි සඳහන් වුණා. කෙසේ නමුත් මාගේ තෘප්තිය 100% බව සතුටින් සඳහන් කරන්නට කැමතියි. යම් ගැටළුවක් ඇති වුවහොත් අනාගතයේ මා ඒ ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්.
ස්තූතියි!

Code:
DELL, U2721DE, Monitor, Sri Lanka, Price, Review, 2K
Last edited: