මචං මෙහෙමයි...ඕක කන්ෆර්ම්ඩ් බෙහෙතක් නෙවෙයි.
ඩෙංගු ස්ටේජස් 3ක් තියේ. ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ සහ ඩෙංගු රක්තපාත කම්පනය.
ඔය 3ටම ඕක ඔට්ටුද කියල පැහැදිලි නෑ.
අනික, ප්ලේට්ලට් 0 වෙලා ඕව නොගහ බේරුණු රෝගීන් ඉන්නවා. රක්තපාත සහ එම කම්පන තත්ත්වයට හේතු වෙන්නේ
1- ලේවල ඇත් වතුර කොටස ශරීර කුහර තුළට කාන්දු වීම (Acities-වෛද්‍ය විධයාවේ යෙදෙන වචනය “ඒසයිටිස්“)නිසා ලේ වල ගණතම වැඩිවීම
2-උක්ත 1 හි මුල් කොටස නිසා ශරීර අභ්‍යන්තර පටක වලට හානි වී රුධිර වහනයක් ඇරඹුන හොත් එය නතර කර ගත නොහැකි වීම(මේක තමා හිමොරෙජික් ශොක් කියන්නේ)
ඩෙංගු වගදී කරන්නේ ශිරීරයේ දියල පාලනය මගින් රක්තපාත තත්ත්වයන් ඒම මග හැරීම සහ පැමිණි රක්තපාත තත්ත්වයන් කළමනාකරණය කිරීමයි.
රක්තපාත කම්පන අවස්ථාවේදීයි රුධිරය හො රුදිර පට්ටිකා ලබා දිය යුත්තේ.....