මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
හදාගන්න කලින් වලක්වාගන්න.
විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
වත්මන් ලොකේ පැන්ඩමික් එකක් වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා කේස් මේවා.
ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
වකුගඩු නරක් වෙන්න ගත්තොත් සනීප කරන්න බෑ නේද මාමි? නරක් වෙන වේගෙ අඩුකරන්න විතරයි නේද පුලුවන්?