Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාවේ ආන්ඩුව හෑම බිස්නස් එකම කරන්න යන්නේ නෑ.

    ඔව් ඒක හරි. ලංකාවෙ කරන්නෙත් නෑනෙ.

    රටේ අවශ්‍යතාව අනුව තමා වෙන්නේ.

    මෙච්චර කල් ලංකාවෙ එහෙම උනේ නෑ. දැන් වෙයි කියල හිතනවා.

    ලන්කාවේ ෆයිබර් නෙට්වර්ක් එකක් ඩයලොග් සහා ටෙලෙකොම් දෙගොල්ලන්ට තියෙනවා.

    නෑනෙ. මං හිතන්නෙ නෑ. ගම් වලට mobile data වත් හරියට නෑ. මෙච්චර පොඩි රටේ 2025 වෙනකන් ඒකවත් කරගන්න බැරිවෙච්ච එකේ මොන ෆයිබර්ද. ෆයිබර් රටෙන් 5% ක වත් coverage එකක් නැතුව ඇති. වැඩිය ඕන නෑ අඩුම ගානෙ රටේ පළාත් 9 ප්‍රධාන නගර ටිකවත් කවර් කරලා ඇති කියලා මං නං හිතන්නෙ නෑ.

    ඒ හීන්දා ලන්කාවෙ නම් ආන්ඩුවෙන් ඕක කරන්න යන එක තේරුමක් නෑ වියදමත් එක්ක බලනකොට.

    වියදමත් එක්ක බලනකොට වෙන කරන්නෙ කවුද? මෙහේ උනත් ඒක ආණ්ඩුවෙන් කරන්න ඇත්තෙ ප්‍රයිවට් ඒව කරන්නෙ නැති නිසානෙ.

    ඒ වගේම ස්ටාර්ලින්ක් එක පාවිච්චි වෙන්නේ වෙනම වෑඩ වලට. ඈත පෑතිවල කෑම්ප් ගොඩක් දුවන්නේ ස්ටාර්ලින්ක් වලින්. ලන්කාවට ඔසී වලින් ගන්න හොද පාඩම් හුගක් තියෙනවා. දුප්පත් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් බලාගන්න විදිහ විතරක්ම බලලා ඉගෙන ගත්තා නම් ප්‍රශ්න ගොඩක් විසදෙනවා

    හොඳම පාඩමක් තමයි බ්‍රෝ මං කිව්වෙ. NBN එක.
    ලංකාවට ආවම එපා වීම පටන් ගන්නෙ මුලින්ම ඉන්ටනෙට් වලින් මට නං එයාපෝට් එකෙන් එලියට බහින්නත් කලින්ම.
    හරියට ගිගා 150ක් ඩේට දෙන්න බැරි රටේ මොන ෆයිබර්ද.
    අනික රට කියන්නෙ කොළඹ නෙවෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් ඒක හරි. ලංකාවෙ කරන්නෙත් නෑනෙ.

    මෙච්චර කල් ලංකාවෙ එහෙම උනේ නෑ. දැන් වෙයි කියල හිතනවා.

    නෑනෙ. මං හිතන්නෙ නෑ. ගම් වලට mobile data වත් හරියට නෑ. මෙච්චර පොඩි රටේ 2025 වෙනකන් ඒකවත් කරගන්න බැරිවෙච්ච එකේ මොන ෆයිබර්ද. ෆයිබර් රටෙන් 5% ක වත් coverage එකක් නැතුව ඇති. වැඩිය ඕන නෑ අඩුම ගානෙ රටේ පළාත් 9 ප්‍රධාන නගර ටිකවත් කවර් කරලා ඇති කියලා මං නං හිතන්නෙ නෑ.

    වියදමත් එක්ක බලනකොට වෙන කරන්නෙ කවුද? මෙහේ උනත් ඒක ආණ්ඩුවෙන් කරන්න ඇත්තෙ ප්‍රයිවට් ඒව කරන්නෙ නැති නිසානෙ.

    හොඳම පාඩමක් තමයි බ්‍රෝ මං කිව්වෙ. NBN එක.
    ලංකාවට ආවම එපා වීම පටන් ගන්නෙ මුලින්ම ඉන්ටනෙට් වලින් මට නං එයාපෝට් එකෙන් එලියට බහින්නත් කලින්ම.
    හරියට ගිගා 150ක් ඩේට දෙන්න බැරි රටේ මොන ෆයිබර්ද.
    අනික රට කියන්නෙ කොළඹ නෙවෙයි.
    නෑ ලන්කාවේ හොද ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා. රටේ ආදායම අනුව මේ වගේ ෆයිබර් නෙට්වර්ක් එකක් දාන්න සහා ඒක නඩත්තු කරන්න ආණ්ඩුවට බෑ. ඒ වගේම ඒකෙන් එන වාසිය අඩුයි. ඒ හින්දා ලන්කාව වගේ රටක ආන්ඩුවකට ෆයිබර් නෙට්වර්ක් එකකට වියදම් කරනවා කියන්නේ ජෝක් එකක්. ලන්කාවේ මිනිස්සු අති බහුතරයකට දරන්න බෑරි වියදමක් තමා ඕක. අවශ්‍ය අයට ගන්න පුලුවන් හොද සම්බන්ධතා දෑන් තියෙනවා. ඒකයි මම කිව්වේ රටේ හෑටියට තමා අවශ්‍යතා තීරණය වෙන්න ඕනේ කියලා. මම ලන්කාවේ ඔය ඒරියා එකේ අවුරුදු 15 කට වෑඩිය වෑඩ කලා, මෙහෙත් වෑඩ කලා. මම හොදට දන්නවා ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වියදමයි ආදායමයි ගෑන. ලන්කාවේ ආණ්ඩුවට ඔය වගේ ප්‍රොජෙක්ට් එකකට සල්ලි නෑ. ඒ වගේම තනිකර සුදු අලියෙක් වෙන්නේ.

    ඔසී වල හෝම්බ්‍රෝඩ් බෑන්ඩ් හොද වුනාට මොබයිල් නෙට්වර්ක් එක නම් ලන්කාව තරම් හොද නෑ :yes:

    පේන විදිහට දෑන් ලන්කාවේ 100Mb unlimited connection එකක් රුපියල් 10000කට අඩුවෙන් ගන්න පුලුවන්. ඒ කියන්නේ ඕස්ට්‍රෙලියන් ඩොලර් 50 කට වගේ. සෑහෙන්න ලාභයි. ඔසී වල ඔය කනෙක්ශන් එකම ඩොලර් 100 වගේ වෙනවා
    ------ Post added on Aug 22, 2025 at 10:42 AM
     
    මං කියන්නෙ බ්‍රෝ ලංකාවෙ හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නෑ බහුතරයට. මටත් නෑ ලංකාවට ආවම. මං හිතන්නෙ නෑ අපේ ගෙවල් වලට ෆයිබර් ඇති කියලා. ලංකාවෙ ෆයිබර් වලින් කොච්චර කවර් කරලා තියෙනවද?

    මහනුවර, රත්නපුර, කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 30ක් ඇතුළත වත් කවර් කරලද? ගාල්ල, මාතර, තංගල්ලෙ ඉඳන් 30km කවර්ද?
    අඩුම 30km දුරට වත් නැත්තං ඒක හොඳ කවරේජ් එකක්ද? මං කියන්නෙ ෆයිබර්ද මොකක්ද කියල නෙවෙයි. හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් මිනිස්සුන්ගෙ ආදායමට දරන්න පුලුවන් මිලකට තියෙන්න ඕන.

    අන්න ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපි ඉන්නෙ ගොඩක්ම දුෂ්කර පැත්තකත් නෙවෙයි. අපිටත් එහෙම නං අපිට වඩා ඈත ඉන්න අය ගැන කවර කතාද. මෙච්චර දියුණු ලෝකෙ අච්චර පුංචි රටකට රට කවර් කරගන්න ඉන්ටනෙට් දෙන්න බැරි උනා කියන්නෙ රට කරපු කාලකණ්ණි හරිනං සියදිවි නසාගන්න ඕන ලොකු ටෝක් නොදී.

    පොත් වල එහෙම වෙන්න ඇති. හැබැයි ප්‍රායෝගික තත්වෙනං වෙනස්. මොකද ඕක මම අත්දැකීමෙන් කියන එකක්නෙ. ඒකට මම ටෙක්නිකල් දේවල් දැනන් ඉන්න ඕන නෑනෙ.

    ඕක ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඔයා එනව නං මං ඔට්ටුවක් දාලා ප්‍රායෝගික තත්වෙ පෙන්නන්නං අපි යූස් කරද්දි තියෙන හැටි ගැන රටවල් දෙකේම. ලංකිව කිව්වම මට කොළඹට ඇවිත් ෆයිබර් පෙන්නන්න නං එපා.

    ඒ දැන් නේ ඔහොම ඇඩ් එකක් වත් යන්නෙ. මම මේ අප්‍රේල් වලත් ලංකාවට ඇවිත් ගියා ඕව නමට වත් තිබුනෙ නෑ. ඔය unlimited කියන එකත් ලංකාවෙ බොරුවක්නෙ. 😹 එහෙම unlimited තිබුනෙ නෑනෙ ad වල විතරයි තිබුනෙ. මමත් ඇවිත් ගත්තා unlimited mobile data connection එකක්. ඒකෙ එක 500MB ක් හිත නිදහසේ කුණුහරුපයක් නොකිය පාවිච්චි කරන්න නං බැරි උනා. මේ Ausi වලදි මට එහෙම වෙන්නෙ නෑනෙ. Unlimited නං unlimited. Limited නං limited.

    අනික එහෙම ගනන් කම්පෙයි කරන්න බෑනෙ බ්‍රෝ. ඔසී වල අඩුම පඩිය ගන්න මිනිහෙක්ගෙ පැය 3ක පඩිය(75$) තමයි 100Mbps connection එකකට යන්නෙ අද. ලබන මාසෙ ඒක 500Mbps වෙනවනේ ඒ මිලටම. ලංකාවෙ මිනිහෙක්ගෙ පැය 3ක පඩියද රැපියල් 10 000 කියන්නෙ? පැය 3 පැත්තක තියන්න අඩුම දවසක පඩියද? නෑ. අන්න එහෙමනෙ කම්පෙයා කරන්න ඕන. අපිට රුපියල් 10 000 කන්වර්ට් කරලා 50$ කිව්වට වැඩක් නෑ ඒ රටේ හැටියටනෙ ගනන් තියෙන්න ඕන. මෙහේ ඕක 75$ වෙන්නෙත් ලංකාවෙ වගේ 10 ගණයක් විතර පඩිත් ගෙවලනේ එහෙනං.

    මං දන්නෙ නෑ ලංකාවෙ එක ඊට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියලා. මට ටෙක්නිකල් දේවල් කියන්න එපා මං කස්ටමර් කෙනෙක් විදියට අත්දැකීම කියන්නෙ.

    මං කිව්වෙ ඔට්ටුවක් දාන්න උනත් මං එනවා මං කියන දේවල් ඔප්පු කරන්න.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඔසී වල හෝම්බ්‍රෝඩ් බෑන්ඩ් හොද වුනාට මොබයිල් නෙට්වර්ක් එක නම් ලන්කාව තරම් හොද නෑ :yes:
    සිංහලු ලංකාවට බැන බැන හිටියට වෙන රටක ගිහිල්ලම බලන්න ඕන ගොඩක් දියනු රටවල මොබයිල් නෙට්වර්ක් කොහොමද කියලා
    ලංකාවෙ මොබයිල් නෙට්වර්ක් එක පට්ටම සිරා 99%ක් තැන් වලට ෆෝන් සිග්නල් තියනවා 85-95% තැන් වල අමාරුවෙන් හරි මොබයිල් කනෙක්ශන් වලින් ඉන්ටනෙට් යන්න පුලුවන්
    75%80%ක්ම තැන් වල 4G වැඩ
    උදාහරනයක් විදියට එයාපෝට් එකේ ඉඳන් මාතර-ගාල්ල පැත්තට හයිවේ එකේ එක දිගට යන්න පුලුවන් ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් වෙන්නෙ නැතිව. මහලොකු දියනු රටවල ඔහොම කිලෝමීටර් 200ක් ටවුන් වලින් එලියෙ ඉන්ටෙනට් නැති වෙන්නෙ නැතිව යන්න බැහැ.

    වෙන රවල ෆයිබර් කනෙක්ශන් හොඳයි පැකේජ් ලාබයි. ඉන්දියාව වගේ රටක තමයි අපිට වඩා අඩුවට මොබයිල් ඩේටා පැකේජ් තියෙන්නෙ හැබැයි QOS එක අපේ තං නැහැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මහනුවර, රත්නපුර, කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 30ක් ඇතුළත වත් කවර් කරලද? ගාල්ල, මාතර, තංගල්ලෙ ඉඳන් 30km කවර්ද?
    අඩුම 30km දුරට වත් නැත්තං ඒක හොඳ කවරේජ් එකක්ද? මං කියන්නෙ ෆයිබර්ද මොකක්ද කියල නෙවෙයි. හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් මිනිස්සුන්ගෙ ආදායමට දරන්න පුලුවන් මිලකට තියෙන්න ඕන.
    මාතර ටවුන් එකේ ඉඳන් 60KM විතර තැන් වලටත් ෆයිබර් තියනවා (හැබැයි මාතර ටවුන් එකේ ඉඳන් 60km රවුමක් ඇඳලා ඒක ඇතුලෙ හැමතැනම තියනවා කියන්න බැහැ)
    BTW ලංකාවෙ Infrastructure එක සුපිරි කියලා නෙමෙයි මම කියන්නෙ. අනික ලංකාවෙ fibre ස්පීඩ් එකවැඩිම මාතර.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මං කියන්නෙ බ්‍රෝ ලංකාවෙ හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නෑ බහුතරයට. මටත් නෑ ලංකාවට ආවම. මං හිතන්නෙ නෑ අපේ ගෙවල් වලට ෆයිබර් ඇති කියලා. ලංකාවෙ ෆයිබර් වලින් කොච්චර කවර් කරලා තියෙනවද?

    මහනුවර, රත්නපුර, කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 30ක් ඇතුළත වත් කවර් කරලද?
    ගාල්ල, මාතර, තංගල්ලෙ ඉඳන් 30km කවර්ද?
    අඩුම 30km දුරට වත් නැත්තං ඒක හොඳ කවරේජ් එකක්ද? මං කියන්නෙ ෆයිබර්ද මොකක්ද කියල නෙවෙයි. හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් මිනිස්සුන්ගෙ ආදායමට දරන්න පුලුවන් මිලකට.

    අන්න ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපි ඉන්නෙ ගොඩක්ම දුෂ්කර පැත්තකත් නෙවෙයි. අපිටත් එහෙම නං අපිට වඩා ඈත ඉන්න අය ගැන කවර කතාද. මෙච්චර දියුණු ලෝකෙ අච්චර පුංචි රටකට රට කවර් කරගන්න ඉන්ටනෙට් දෙන්න බැරි උනා කියන්නෙ රට කරපු කාලකණ්ණි හරිනං සියදිවි නසාගන්න ඕන ලොකු ටෝක් නොදී.

    පොත් වල එහෙම වෙන්න ඇති. හැබැයි ප්‍රායෝගික තත්වෙනං වෙනස්. මොකද ඕක මම අත්දැකීමෙන් කියන එකක්නෙ. ඒකට මම ටෙක්නිකල් දේවල් දැනන් ඉන්න ඕන නෑනෙ.

    ඕක ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඔයා එනව නං මං ඔට්ටුවක් දාලා ප්‍රායෝගික තත්වෙ පෙන්නන්නං අපි යූස් කරද්දි තියෙන හැටි ගැන රටවල් දෙකේම. ලංකිව කිව්වම මට කොළඹට ඇවිත් ෆයිබර් පෙන්නන්න නං එපා.

    ඒ දැන් නේ ඔහොම ඇඩ් එකක් වත් යන්නෙ. මම මේ අප්‍රේල් වලත් ලංකාවට ඇවිත් ගියා ඕව නමට වත් තිබුනෙ නෑ. ඔය unlimited කියන එකත් ලංකාවෙ බොරුවක්නෙ. 😹 එහෙම unlimited තිබුනෙ නෑනෙ ad වල විතරයි තිබුනෙ. මමත් ඇවිත් ගත්තා unlimited mobile data connection එකක්. ඒකෙ එක 500MB ක් හිත නිදහසේ කුණුහරුපයක් නොකිය පාවිච්චි කරන්න නං බැරි උනා. මේ Ausi වලදි මට එහෙම වෙන්නෙ නෑනෙ. Unlimited නං unlimited. Limited නං limited.

    මං දන්නෙ නෑ ලංකාවෙ එක ඊට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියලා. මට ටෙක්නිකල් දේවල් කියන්න එපා මං කස්ටමර් කෙනෙක් විදියට අත්දැකීම කියන්නෙ.
    හොද සම්බන්ධතාවයක් දෙන්න ෆයිබර්ම අවශ්ය නෑ. ප්‍රශ්ණේ තියෙන්නේ ලන්කාවේ මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හෑකියාව. ඔය මම රුපියල් 10000 කියන පෑකෙජ් එක ගන්න පුලුවන් මිනිස්සු කීයද ඉන්නේ? මම දෑක්කා ලන්කාවෙ පවුල් වලින් 71% වගේ අස්වෑසුම ඉල්ලලා කියලා. ඉතින් හරි ආදායමක් නෑතිව සමාගම් වලට ඉන්වෙස්ට් කරන්න අමාරුයි. ලන්කාවේ ආන්ඩුව ගත්තොත් ෆයිබර් දානවාට වඩා හුගාක් ලොකු ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. ලන්කාව වගේ රටක හෑම ගෙදරකටම ෆයිබර් අදිනවාට වඩා ලාබෙට 4G හරි 5G හරි පාවිච්චි කරලා හොද සම්බන්ධයක් දෙන්න පුලුවන්. ලන්කාවේ ඩයලොග් වගේ සමාගම් වල ඉන්න ඉන්ජිනේරුවෝ තියෙන පහසුකම් වලින්ම නෙට්වර්ක් එක සෑහෙන්න optimize කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ලන්කාවේ මොබයිල් නෙට්වර්ක් එක හොදයි කියලා. උන්ට බිල තවත් වෑඩි කරලා වෑඩි ආදායමක් ගත්තොත් වෑඩිපුර 5G සයිට් දාලා පට්ට සර්විස් එකක් දෙන්න පුලුවන් වෙයි. හෑබෑයි මාර වියදමක් දරන්න වෙනවා. ඒවා තමා ලන්කාව වගේ රටවල් වල තියෙන ප්‍රශ්ණේ. ෆයිබර් දාන්න යන වෙලාවේ ආණ්ඩුවට පුලුවන් ඉස්කෝල රෝහල් ටික දියුණු කරන්න

    උඹ ගත්ත අන්ලිමිටඩ් එක වෑඩ කලේ නෑත්නම් ඒ සමාගමට කතා කරන්න ඈති නේද? උන් මොනවාද කිව්වේ. ලන්කාවේ ඉන්නකම් මම පාවිච්චි කලේ ලිමිටඩ් සර්විස්. මම මගේ පාවිච්චි දෑනගෙන හිටියා. කිසිම වෙලාවක අවුලක් වෙලා නෑ.

    මාතර ටවුන් එකේ ඉඳන් 60KM විතර තැන් වලටත් ෆයිබර් තියනවා (හැබැයි මාතර ටවුන් එකේ ඉඳන් 60km රවුමක් ඇඳලා ඒක ඇතුලෙ හැමතැනම තියනවා කියන්න බැහැ)
    BTW ලංකාවෙ Infrastructure එක සුපිරි කියලා නෙමෙයි මම කියන්නෙ. අනික ලංකාවෙ fibre ස්පීඩ් එකවැඩිම මාතර.
    නෑ මචන් ලන්කාවේ infra සුපිරි කියන්න පුලුවන්. ගෙවල් වලට ෆයිබර් කෙනෙක්ශන් දෙන එකම නෙමේ නේ infra කියන්නේ. අදාල බෙදාහරින ස්ථාන සම්බන්ද කරන එක තමා වඩා වෑදගත්. ඒක ලන්කාවේ වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ලන්කාවේ ෆයිබර් නෙට්වර්ක් එක සෑහෙන හොදයි. කරන්න ඕනේ එතනින් එහාට wireless කෙනෙක්ශන් එක වෑඩි කරන එක. ඒකට ඉතින් ආදායමත් වෑඩි වෙන්න ඕනේ
    ------ Post added on Aug 22, 2025 at 11:15 AM

    සිංහලු ලංකාවට බැන බැන හිටියට වෙන රටක ගිහිල්ලම බලන්න ඕන ගොඩක් දියනු රටවල මොබයිල් නෙට්වර්ක් කොහොමද කියලා
    ලංකාවෙ මොබයිල් නෙට්වර්ක් එක පට්ටම සිරා 99%ක් තැන් වලට ෆෝන් සිග්නල් තියනවා 85-95% තැන් වල අමාරුවෙන් හරි මොබයිල් කනෙක්ශන් වලින් ඉන්ටනෙට් යන්න පුලුවන්
    75%80%ක්ම තැන් වල 4G වැඩ
    උදාහරනයක් විදියට එයාපෝට් එකේ ඉඳන් මාතර-ගාල්ල පැත්තට හයිවේ එකේ එක දිගට යන්න පුලුවන් ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් වෙන්නෙ නැතිව. මහලොකු දියනු රටවල ඔහොම කිලෝමීටර් 200ක් ටවුන් වලින් එලියෙ ඉන්ටෙනට් නැති වෙන්නෙ නැතිව යන්න බැහැ.

    වෙන රවල ෆයිබර් කනෙක්ශන් හොඳයි පැකේජ් ලාබයි. ඉන්දියාව වගේ රටක තමයි අපිට වඩා අඩුවට මොබයිල් ඩේටා පැකේජ් තියෙන්නෙ හැබැයි QOS එක අපේ තං නැහැ.
    ලන්කාවේ තරම් මෙහේ මොබයිල් කනෙක්ශන් මම හොද නෑ කියලා කියන්නේ ඕන්න ඔය කියන දේවල් හින්දා. මෙහේ මිනිස්සු ඒවා අවුලක් නෑ කියලා ඉන්නවා. ලන්කාවේ නම් එක පාරක් දෙපාරක් කෝල් එක කනෙක්ට් වුනේ නෑත්නම් කස්ටමර් කෙයා කතා කරලා බනිනවා නේ සල්ලි අරන් සර්විස් එක දෙන්නේ නෑ කියලා. මෙහෙ එවුන් එහෙම නෑ බන්
    ------ Post added on Aug 22, 2025 at 11:17 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    හොද සම්බන්ධතාවයක් දෙන්න ෆයිබර්ම අවශ්ය නෑ.

    මමත් ඕක කිව්වනේ බ්‍රෝ. මං කිව්වෙ ඉන්ටනෙට් නැති එක.

    ප්‍රශ්ණේ තියෙන්නේ ලන්කාවේ මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හෑකියාව. ඔය මම රුපියල් 10000 කියන පෑකෙජ් එක ගන්න පුලුවන් මිනිස්සු කීයද ඉන්නේ? මම දෑක්කා ලන්කාවෙ පවුල් වලින් 71% වගේ අස්වෑසුම ඉල්ලලා කියලා. ඉතින් හරි ආදායමක් නෑතිව සමාගම් වලට ඉන්වෙස්ට් කරන්න අමාරුයි. ලන්කාවේ ආන්ඩුව ගත්තොත් ෆයිබර් දානවාට වඩා හුගාක් ලොකු ප්‍රශ්ණ තියෙනවා විසදගන්න.

    ඒක හරි. ඒක තමයි මමත් කියන්නෙ. 10000 කියන එක මෙහෙට සාපේක්ෂව බැලුවමත් සාධාරණ ගානක් නෙවෙයි.

    ලන්කාව වගේ රටක හෑම ගෙදරකටම ෆයිබර් අදිනවාට වඩා ලාබෙට 4G හරි 5G හරි පාවිච්චි කරලා හොද සම්බන්ධයක් දෙන්න පුලුවන්.

    ඕක තමයි වෙන්න ඕන. ඉතින් ඕක උනේ නෑනෙ මෙච්චර කල්. ඒකනෙ මම කියන්නෙ සමාගම් කරන්නෙ නැත්තං ආණ්ඩුවෙන් හරි දෙයක් කරන්න ඕන කියලා.

    ලන්කාවේ ඩයලොග් වගේ සමාගම් වල ඉන්න ඉන්ජිනේරුවෝ තියෙන පහසුකම් වලින්ම නෙට්වර්ක් එක සෑහෙන්න optimize කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ලන්කාවේ මොබයිල් නෙට්වර්ක් එක හොදයි කියලා. උන්ට බිල තවත් වෑඩි කරලා වෑඩි ආදායමක් ගත්තොත් වෑඩිපුර 5G සයිට් දාලා පට්ට සර්විස් එකක් දෙන්න පුලුවන් වෙයි. හෑබෑයි මාර වියදමක් දරන්න වෙනවා. ඒවා තමා ලන්කාව වගේ රටවල් වල තියෙන ප්‍රශ්ණේ. ෆයිබර් දාන්න යන වෙලාවේ ආණ්ඩුවට පුලුවන් ඉස්කෝල රෝහල් ටික දියුණු කරන්න

    කස්ටමර් කෙනෙක් හැටියට ලංකාවෙ ඉන්ටනෙට් හරි නෑ මට.
    ඒක මම ප්‍රායෝගිකව අත්විඳින දෙයක්. මං කතා කරන්නෙ ඒක.

    උඹ ගත්ත අන්ලිමිටඩ් එක වෑඩ කලේ නෑත්නම් ඒ සමාගමට කතා කරන්න ඈති නේද? උන් මොනවාද කිව්වේ. ලන්කාවේ ඉන්නකම් මම පාවිච්චි කලේ ලිමිටඩ් සර්විස්. මම මගේ පාවිච්චි දෑනගෙන හිටියා. කිසිම වෙලාවක අවුලක් වෙලා නෑ.

    ඒ ගැන කතා කරලා වැඩක් නෑ බ්‍රෝ. මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් පැයකට වඩා නාස්ති කරලා කතා කරලා ඔය පැකේජ් එක ගත්තෙත්. ලංකාවෙ ඒව සතපහකට ෂුවර් නැති නිසා මම ගිහින් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි “මේ unlimited එකෙන් මට මේ වගේ සිග්නල් තියෙන තැනක 4k videos ඕන තරමක් බලන්න පුලුවන්ද? “ කියන එක. උන්ගෙ උත්තරේ “ඔව්” කියන එක. මට ඒත් ෂුවර් නැති නිසා දෙපාරක් ඇහුවා. උන් කියන්නෙ ඔව් කියලා. හැබැයි ඒක අරන් ආවට පස්සෙ එක video එකක් බලාගන්නත් බෑ හරියට. ඉතින් මූණට මූණ කතා කරලත් හරි දෙයක් වෙන්නෙ නැති බොරුව තියෙන තැනක කස්ටමර් කෙයාර් මොනවද.

    මට තියෙන්නෙ Mobitel. Broadband නෙවෙයි මේ නම් කිව්වෙ mobile data ගැන. Dialog ගන්න කියන්න එපා ඒකෙත් අවුල් තියෙනවා. මම සිම් එකක් අරන් ටෙස්ට් කරලත් බැලුවා. වැඩක් නෑ වෙනසක් නෑ ඒකෙ තව අතුරු කතාත් තියෙනවා.එකක් සට දීල තියෙන්නෙ ළඟදි කලින් කෙනෙක් පාවිච්චි කරපු සිම් එකක්. ඒකට google account එකක් වත් හදන්න දුන්නෙ නෑ limit එක පැනල හරි ඒ වගේ එකක් ආවා. ඒ අස්සෙ තව දෙමළ මනුස්සයෙකුගෙ වතුර බිලක් එනවා හැම මාසෙම. ඉතින් හිතන්න ලංකාවෙ කෙරුවාව. ගිය මාසෙ ඩිස්කනෙක්ට් කරපුවා මේ මාසෙ මට දීලද කොහෙද. කවදාවත් මට Ausi වලදි ඔහොම වෙලා නෑ. මගේ අවුරුදු තුනකට විතර කලින් ඩිස්කනෙක්ට් වෙච්ච number එකක් තියෙනවා අදටත් කාටවත් දීල නෑ.

    සමහර තැන්වල Dialog වලටත් සිග්නල් මදි. මම මේ ඉන්න අවුරුදු ගානටම මගේ පරණ connection එක තියන් ඉන්නෙ number එක වෙනස් නොකර. ඔය මුලු කාලෙම number portability කයිය දිදී හිටියා රට බංකොළොත් කරන එක ඇර ඒකත් කරවන්න බැරි උනා. ඔය කිසි ප්‍රශ්නයක් මට මෙහෙදි වෙලා නෑ. ඔන්න මගේ අත්දැකීම.

    නෑ මචන් ලන්කාවේ infra සුපිරි කියන්න පුලුවන්. ගෙවල් වලට ෆයිබර් කෙනෙක්ශන් දෙන එකම නෙමේ නේ infra කියන්නේ. අදාල බෙදාහරින ස්ථාන සම්බන්ද කරන එක තමා වඩා වෑදගත්. ඒක ලන්කාවේ වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ලන්කාවේ ෆයිබර් නෙට්වර්ක් එක සෑහෙන හොදයි. කරන්න ඕනේ එතනින් එහාට wireless කෙනෙක්ශන් එක වෑඩි කරන එක. ඒකට ඉතින් ආදායමත් වෑඩි වෙන්න ඕනේ
    ------ Post added on Aug 22, 2025 at 11:15 AM

    ලන්කාවේ තරම් මෙහේ මොබයිල් කනෙක්ශන් මම හොද නෑ කියලා කියන්නේ ඕන්න ඔය කියන දේවල් හින්දා. මෙහේ මිනිස්සු ඒවා අවුලක් නෑ කියලා ඉන්නවා. ලන්කාවේ නම් එක පාරක් දෙපාරක් කෝල් එක කනෙක්ට් වුනේ නෑත්නම් කස්ටමර් කෙයා කතා කරලා බනිනවා නේ සල්ලි අරන් සර්විස් එක දෙන්නේ නෑ කියලා. මෙහෙ එවුන් එහෙම නෑ බන්
    ------ Post added on Aug 22, 2025 at 11:17 AM

    ලංකාවෙ කස්ටමර් කෙයා කතා කරාම ස්පීඩ් නැති එක, ඩෙිට අන්ලිමිටඩ් කියල තිබිලත් වීඩ්යෝ එකක් බලාගන්න බැරි එක හදන්නෙ නෑනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    මාතර ටවුන් එකේ ඉඳන් 60KM විතර තැන් වලටත් ෆයිබර් තියනවා (හැබැයි මාතර ටවුන් එකේ ඉඳන් 60km රවුමක් ඇඳලා ඒක ඇතුලෙ හැමතැනම තියනවා කියන්න බැහැ)
    BTW ලංකාවෙ Infrastructure එක සුපිරි කියලා නෙමෙයි මම කියන්නෙ. අනික ලංකාවෙ fibre ස්පීඩ් එකවැඩිම මාතර.

    එහෙමද?
    එහෙනං හොඳයි. මාතර ටවුන් එකේ ඉඳන් 10km රවුමක හැම තැනටම වගේ තියෙනවද? නැත්තං ඒක ප්‍රශ්නයක් හැබැයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙමද?
    එහෙනං හොඳයි. මාතර ටවුන් එකේ ඉඳන් 10km රවුමක හැම තැනටම වගේ තියෙනවද? නැත්තං ඒක ප්‍රශ්නයක් හැබැයි.
    අපෝ තියනවා
    මම දැන් ඉන්නෙත් ඒ වගේ දුරකින් (12km වගේ) ෆයිබර් තියනවා මෙහෙ හැමතැනම
    SLT එවුන්ගෙ අර SEA කේබල් එකකට කනෙක්ට් වෙන තැනක් මාතර පැත්තෙ තියන්නෙ ඒක නිසා මෙහෙට ෆයිබර් හොඳට තියනවා ස්පීඩ් එක 300+ එනවා ස්පීඩ් කැප් කරපු නැති පැකේජ් තියනවා නං (කොලඹට වඩා මාතර ෆයිබර් ස්පීඩ් එක වැඩියි)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මමත් ඕක කිව්වනේ බ්‍රෝ. මං කිව්වෙ ඉන්ටනෙට් නැති එක.

    ඒක හරි. ඒක තමයි මමත් කියන්නෙ. 10000 කියන එක මෙහෙට සාපේක්ෂව බැලුවමත් සාධාරණ ගානක් නෙවෙයි.

    ඕක තමයි වෙන්න ඕන. ඉතින් ඕක උනේ නෑනෙ මෙච්චර කල්. ඒකනෙ මම කියන්නෙ සමාගම් කරන්නෙ නැත්තං ආණ්ඩුවෙන් හරි දෙයක් කරන්න ඕන කියලා.

    කස්ටමර් කෙනෙක් හැටියට ලංකාවෙ ඉන්ටනෙට් හරි නෑ මට.
    ඒක මම ප්‍රායෝගිකව අත්විඳින දෙයක්. මං කතා කරන්නෙ ඒක.

    ඒ ගැන කතා කරලා වැඩක් නෑ බ්‍රෝ. මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් පැයකට වඩා නාස්ති කරලා කතා කරලා ඔය පැකේජ් එක ගත්තෙත්. ලංකාවෙ ඒව සතපහකට ෂුවර් නැති නිසා මම ගිහින් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි “මේ unlimited එකෙන් මට මේ වගේ සිග්නල් තියෙන තැනක 4k videos ඕන තරමක් බලන්න පුලුවන්ද? “ කියන එක. උන්ගෙ උත්තරේ “ඔව්” කියන එක. මට ඒත් ෂුවර් නැති නිසා දෙපාරක් ඇහුවා. උන් කියන්නෙ ඔව් කියලා. හැබැයි ඒක අරන් ආවට පස්සෙ එක video එකක් බලාගන්නත් බෑ හරියට. ඉතින් මූණට මූණ කතා කරලත් හරි දෙයක් වෙන්නෙ නැති බොරුව තියෙන තැනක කස්ටමර් කෙයාර් මොනවද.

    මට තියෙන්නෙ Mobitel. Broadband නෙවෙයි මේ නම් කිව්වෙ mobile data ගැන. Dialog ගන්න කියන්න එපා ඒකෙත් අවුල් තියෙනවා. මම සිම් එකක් අරන් ටෙස්ට් කරලත් බැලුවා. වැඩක් නෑ වෙනසක් නෑ ඒකෙ තව අතුරු කතාත් තියෙනවා.එකක් සට දීල තියෙන්නෙ ළඟදි කලින් කෙනෙක් පාවිච්චි කරපු සිම් එකක්. ඒකට google account එකක් වත් හදන්න දුන්නෙ නෑ limit එක පැනල හරි ඒ වගේ එකක් ආවා. ඒ අස්සෙ තව දෙමළ මනුස්සයෙකුගෙ වතුර බිලක් එනවා හැම මාසෙම. ඉතින් හිතන්න ලංකාවෙ කෙරුවාව. ගිය මාසෙ ඩිස්කනෙක්ට් කරපුවා මේ මාසෙ මට දීලද කොහෙද. කවදාවත් මට Ausi වලදි ඔහොම වෙලා නෑ. මගේ අවුරුදු තුනකට විතර කලින් ඩිස්කනෙක්ට් වෙච්ච number එකක් තියෙනවා අදටත් කාටවත් දීල නෑ.

    සමහර තැන්වල Dialog වලටත් සිග්නල් මදි. මම මේ ඉන්න අවුරුදු ගානටම මගේ පරණ connection එක තියන් ඉන්නෙ number එක වෙනස් නොකර. ඔය මුලු කාලෙම number portability කයිය දිදී හිටියා රට බංකොළොත් කරන එක ඇර ඒකත් කරවන්න බැරි උනා. ඔය කිසි ප්‍රශ්නයක් මට මෙහෙදි වෙලා නෑ. ඔන්න මගේ අත්දැකීම.

    ලංකාවෙ කස්ටමර් කෙයා කතා කරාම ස්පීඩ් නැති එක, ඩෙිට අන්ලිමිටඩ් කියල තිබිලත් වීඩ්යෝ එකක් බලාගන්න බැරි එක හදන්නෙ නෑනෙ.
    වීඩියෝ බලන්න බෑරි වෙන එකයි අන්ලිමිටඩ් එකයි දෙකක්. බොහෝ දුරට සිග්නල් ප්‍රශ්ණයක් හෝ යුසර්ස්ලා ගාන වෑඩි ප්‍රශ්ණයක් වෙන්න ඕනේ. මම අනිත් එවුන් ගෑන දන්නේ නෑ ඩයලොග් නම් එහෙම ප්‍රශ්න ආපු හුගක් පෑතිවල කවරේජ් වෑඩි කලා තව බෑන්ඩ් එකක් දාලා. අපි චෙක් කරන හින්දා තේරෙනවා ඔසී එක්ක බලනකොට ලන්කාවේ මොබයිල් කවරෙජ් එකයි කොලිටි එකයි හොදයි කියලා. කස්ටමර් කෙයා නම් කොහෙත් එකයි.
     
    • Wow
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    වීඩියෝ බලන්න බෑරි වෙන එකයි අන්ලිමිටඩ් එකයි දෙකක්. බොහෝ දුරට සිග්නල් ප්‍රශ්ණයක් හෝ යුසර්ස්ලා ගාන වෑඩි ප්‍රශ්ණයක් වෙන්න ඕනේ. මම අනිත් එවුන් ගෑන දන්නේ නෑ ඩයලොග් නම් එහෙම ප්‍රශ්න ආපු හුගක් පෑතිවල කවරේජ් වෑඩි කලා තව බෑන්ඩ් එකක් දාලා. අපි චෙක් කරන හින්දා තේරෙනවා ඔසී එක්ක බලනකොට ලන්කාවේ මොබයිල් කවරෙජ් එකයි කොලිටි එකයි හොදයි කියලා. කස්ටමර් කෙයා නම් කොහෙත් එකයි.

    4G signal පෙන්නද්දිත් විඩියෝ එකක් බලන්න බැරි නං මොකක්ද ඒකෙන් ඇති වැඩේ?

    මට නං ඒ කොලිටියෙන් කිසිම වැඩක් නෑ. ඒකට කොලිටි කනෙක්ෂන් එකක් කියන්නෙ නෑ මම නං
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    රටේ ආදායම අනුව මේ වගේ ෆයිබර් නෙට්වර්ක් එකක් දාන්න සහා ඒක නඩත්තු කරන්න ආණ්ඩුවට බෑ
    roads, railway maintain karanna pulwaun nam, fiber backbone danna bari ai.
     
    • Like
    Reactions: Yin And Yang

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    roads, railway maintain karanna pulwaun nam, fiber backbone danna bari ai.
    roads railways walata wena options na ha machan. fiber network kiyana eka essential na oya service eka denna. dan tiyena fiber network eka hodatama ati hoda service ekak denna.
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,228
    113
    Kotahena
    Starlink තියෙන්න ඕන නෑ කියල නෑනෙ.
    ඒක වෙනම එකක්. වෙළඳපොළ තරඟෙ තියෙන්න ඒව තියෙන්න ඕන.
    එහෙනම් මොකද startlink එක්ක ඔච්චර තරහ
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    අපෝ තියනවා
    මම දැන් ඉන්නෙත් ඒ වගේ දුරකින් (12km වගේ) ෆයිබර් තියනවා මෙහෙ හැමතැනම
    SLT එවුන්ගෙ අර SEA කේබල් එකකට කනෙක්ට් වෙන තැනක් මාතර පැත්තෙ තියන්නෙ ඒක නිසා මෙහෙට ෆයිබර් හොඳට තියනවා ස්පීඩ් එක 300+ එනවා ස්පීඩ් කැප් කරපු නැති පැකේජ් තියනවා නං (කොලඹට වඩා මාතර ෆයිබර් ස්පීඩ් එක වැඩියි)
    එහෙම මාතර ස්පීඩ් වෙන්නෙ නෑ කේබල් එක මෙහෙන් connect වුනත්. මාතරින් කනෙක්ට් වෙන ඩයලොග්,slt කේබල් 2ම මුලින් colombo වලට connect වෙන්නෙ. අනිත් පැතිවල traffic colombo through තමා කේබල් 2ට route වෙන්නේ. ස්පීඩ් වෙනසක් එන්න හේතුව traffic එක. උන්ගේ DP එකකින් 1Gbps වගේ traffic එකක් විතරයි මේ වෙද්දී handle කරන්න පුළුවන්. 300Mbps කියන්නේ per user maximum එක. traffic අඩු නම් ඔය ගාණම යනවා.
     
    • Wow
    Reactions: Yin And Yang

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    Dialog Fibre’s speed-based unlimited packages are subject to Fair Usage Policy. The packages are as follows :

    • 50 Mbps Unlimited – 500GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 100 Mbps Unlimited – 1000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 200 Mbps Unlimited – 2000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.

    වේසාවෝ තාම හැදිලා නෑ. Same shit but a different asshole.
    If you remove the word ‘unlimited’ from these nothing will change 😂 That’s how meaningless the term unlimited for local ISPs
     
    • Like
    Reactions: Yin And Yang

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    හැම හුත්තටම පාරට බහින උඹලගේ පකේ සමිති එක්ක පුළුවන් ඕව කරන්න. උන්ගේ කම්පැනි එකෙන් උන්ට බලයක් නැති ඒ කම්පැණි එකේම subsidiary එකකට asset transfer කළත් නාහෙන් අඬන උන් කරයි ප*ක්:ROFLMAO:
    Siraa kathaawa :lol:
     
    • Like
    Reactions: Kavindu1221

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම මාතර ස්පීඩ් වෙන්නෙ නෑ කේබල් එක මෙහෙන් connect වුනත්. මාතරින් කනෙක්ට් වෙන ඩයලොග්,slt කේබල් 2ම මුලින් colombo වලට connect වෙන්නෙ. අනිත් පැතිවල traffic colombo through තමා කේබල් 2ට route වෙන්නේ. ස්පීඩ් වෙනසක් එන්න හේතුව traffic එක. උන්ගේ DP එකකින් 1Gbps වගේ traffic එකක් විතරයි මේ වෙද්දී handle කරන්න පුළුවන්. 300Mbps කියන්නේ per user maximum එක. traffic අඩු නම් ඔය ගාණම යනවා.
    may be
    but මෙහෙ ඕනම වෙලාවක 300Mbps එනවා (කේබල් එකෙන් or 5GHz එකට කනෙක්ට් උනාම). සමහරවිට ලෝඩ් එක අඩු නිසා වෙනාන ඇති.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    මං කියන්නෙ බ්‍රෝ ලංකාවෙ හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නෑ බහුතරයට. මටත් නෑ ලංකාවට ආවම. මං හිතන්නෙ නෑ අපේ ගෙවල් වලට ෆයිබර් ඇති කියලා. ලංකාවෙ ෆයිබර් වලින් කොච්චර කවර් කරලා තියෙනවද?

    මහනුවර, රත්නපුර, කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 30ක් ඇතුළත වත් කවර් කරලද? ගාල්ල, මාතර, තංගල්ලෙ ඉඳන් 30km කවර්ද?
    අඩුම 30km දුරට වත් නැත්තං ඒක හොඳ කවරේජ් එකක්ද? මං කියන්නෙ ෆයිබර්ද මොකක්ද කියල නෙවෙයි. හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් මිනිස්සුන්ගෙ ආදායමට දරන්න පුලුවන් මිලකට තියෙන්න ඕන.

    අන්න ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපි ඉන්නෙ ගොඩක්ම දුෂ්කර පැත්තකත් නෙවෙයි. අපිටත් එහෙම නං අපිට වඩා ඈත ඉන්න අය ගැන කවර කතාද. මෙච්චර දියුණු ලෝකෙ අච්චර පුංචි රටකට රට කවර් කරගන්න ඉන්ටනෙට් දෙන්න බැරි උනා කියන්නෙ රට කරපු කාලකණ්ණි හරිනං සියදිවි නසාගන්න ඕන ලොකු ටෝක් නොදී.

    පොත් වල එහෙම වෙන්න ඇති. හැබැයි ප්‍රායෝගික තත්වෙනං වෙනස්. මොකද ඕක මම අත්දැකීමෙන් කියන එකක්නෙ. ඒකට මම ටෙක්නිකල් දේවල් දැනන් ඉන්න ඕන නෑනෙ.

    ඕක ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඔයා එනව නං මං ඔට්ටුවක් දාලා ප්‍රායෝගික තත්වෙ පෙන්නන්නං අපි යූස් කරද්දි තියෙන හැටි ගැන රටවල් දෙකේම. ලංකිව කිව්වම මට කොළඹට ඇවිත් ෆයිබර් පෙන්නන්න නං එපා.

    ඒ දැන් නේ ඔහොම ඇඩ් එකක් වත් යන්නෙ. මම මේ අප්‍රේල් වලත් ලංකාවට ඇවිත් ගියා ඕව නමට වත් තිබුනෙ නෑ. ඔය unlimited කියන එකත් ලංකාවෙ බොරුවක්නෙ. 😹 එහෙම unlimited තිබුනෙ නෑනෙ ad වල විතරයි තිබුනෙ. මමත් ඇවිත් ගත්තා unlimited mobile data connection එකක්. ඒකෙ එක 500MB ක් හිත නිදහසේ කුණුහරුපයක් නොකිය පාවිච්චි කරන්න නං බැරි උනා. මේ Ausi වලදි මට එහෙම වෙන්නෙ නෑනෙ. Unlimited නං unlimited. Limited නං limited.

    අනික එහෙම ගනන් කම්පෙයි කරන්න බෑනෙ බ්‍රෝ. ඔසී වල අඩුම පඩිය ගන්න මිනිහෙක්ගෙ පැය 3ක පඩිය(75$) තමයි 100Mbps connection එකකට යන්නෙ අද. ලබන මාසෙ ඒක 500Mbps වෙනවනේ ඒ මිලටම. ලංකාවෙ මිනිහෙක්ගෙ පැය 3ක පඩියද රැපියල් 10 000 කියන්නෙ? පැය 3 පැත්තක තියන්න අඩුම දවසක පඩියද? නෑ. අන්න එහෙමනෙ කම්පෙයා කරන්න ඕන. අපිට රුපියල් 10 000 කන්වර්ට් කරලා 50$ කිව්වට වැඩක් නෑ ඒ රටේ හැටියටනෙ ගනන් තියෙන්න ඕන. මෙහේ ඕක 75$ වෙන්නෙත් ලංකාවෙ වගේ 10 ගණයක් විතර පඩිත් ගෙවලනේ එහෙනං.

    මං දන්නෙ නෑ ලංකාවෙ එක ඊට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියලා. මට ටෙක්නිකල් දේවල් කියන්න එපා මං කස්ටමර් කෙනෙක් විදියට අත්දැකීම කියන්නෙ.

    මං කිව්වෙ ඔට්ටුවක් දාන්න උනත් මං එනවා මං කියන දේවල් ඔප්පු කරන්න.
    SLT Fibre එකෙ නොදකින පැත්ත තමා Mobile Tower Connectivity. ප්‍රධාන නගරවලින් ටිකක් එහාට Fibre තියෙනවානම් තියෙන්නෙ මෙන්න මේ හෙතුව නිසා. Dialog අයගේ Fibre Network (දැනටත් සමහර පැති වල තිබ්බත් උන් Consumer Level එකට තාම ගියෙ නෑ, Tower Connectivity වලට විතරයි පාවිච්චි කරන්නෙ) එක මං දන්න තරමින් SLT එක තරම් ලොකුවට වයාප්ත වෙලා නෑ. Almost හැම Provider කෙනෙක්ම Tower එකට Fibre තියෙනවානම් එකෙන් Connectivity එක ගන්නවා. ඒක Microwave Dish Align කරනවට වඩා ලාභ නිසා.