ඕස්ට්‍රේලියාවේ ආන්ඩුව හෑම බිස්නස් එකම කරන්න යන්නේ නෑ.
ඔව් ඒක හරි. ලංකාවෙ කරන්නෙත් නෑනෙ.
රටේ අවශ්‍යතාව අනුව තමා වෙන්නේ.
මෙච්චර කල් ලංකාවෙ එහෙම උනේ නෑ. දැන් වෙයි කියල හිතනවා.
ලන්කාවේ ෆයිබර් නෙට්වර්ක් එකක් ඩයලොග් සහා ටෙලෙකොම් දෙගොල්ලන්ට තියෙනවා.
නෑනෙ. මං හිතන්නෙ නෑ. ගම් වලට mobile data වත් හරියට නෑ. මෙච්චර පොඩි රටේ 2025 වෙනකන් ඒකවත් කරගන්න බැරිවෙච්ච එකේ මොන ෆයිබර්ද. ෆයිබර් රටෙන් 5% ක වත් coverage එකක් නැතුව ඇති. වැඩිය ඕන නෑ අඩුම ගානෙ රටේ පළාත් 9 ප්‍රධාන නගර ටිකවත් කවර් කරලා ඇති කියලා මං නං හිතන්නෙ නෑ.
ඒ හීන්දා ලන්කාවෙ නම් ආන්ඩුවෙන් ඕක කරන්න යන එක තේරුමක් නෑ වියදමත් එක්ක බලනකොට.
වියදමත් එක්ක බලනකොට වෙන කරන්නෙ කවුද? මෙහේ උනත් ඒක ආණ්ඩුවෙන් කරන්න ඇත්තෙ ප්‍රයිවට් ඒව කරන්නෙ නැති නිසානෙ.
ඒ වගේම ස්ටාර්ලින්ක් එක පාවිච්චි වෙන්නේ වෙනම වෑඩ වලට. ඈත පෑතිවල කෑම්ප් ගොඩක් දුවන්නේ ස්ටාර්ලින්ක් වලින්. ලන්කාවට ඔසී වලින් ගන්න හොද පාඩම් හුගක් තියෙනවා. දුප්පත් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් බලාගන්න විදිහ විතරක්ම බලලා ඉගෙන ගත්තා නම් ප්‍රශ්න ගොඩක් විසදෙනවා
හොඳම පාඩමක් තමයි බ්‍රෝ මං කිව්වෙ. NBN එක.
ලංකාවට ආවම එපා වීම පටන් ගන්නෙ මුලින්ම ඉන්ටනෙට් වලින් මට නං එයාපෝට් එකෙන් එලියට බහින්නත් කලින්ම.
හරියට ගිගා 150ක් ඩේට දෙන්න බැරි රටේ මොන ෆයිබර්ද.
අනික රට කියන්නෙ කොළඹ නෙවෙයි.

