Dialog Axiata වොරන්ටි කතා..
ඩයලොග් එකෙන් පොඩි බේසික් ලෙවල් එකෙන් ටැබ් එකක් ගන්නවා 2025 ජූලි
වගකීම් කාලය දින 348ක්ද කොහෙද

Nexus Communications කියන අය තමයි ගෙන්වා බෙදාහැරීම් කරන්නේ.
ඩයලොග් රිසෙල් කරන එකක් තිබ්බේ (පස්සේ දැනගත්තේ)
දැන් ඕකේ Touch එක වැඩ නැතුව ගිහින් 2026 මාර්තු 17 ගාල්ලේ වක්වැල්ල පාරේ තියෙන ඩයලොග් එකට ගිහින් දෙනවා warranty තියෙන නිසා.
ඕකේ ඉන්න සුට්ටි කොල්ලො ඩයලොග් අයිතිකරු වෙලා ටිපිකල් ලංකාවේ වොරන්ටි claim කරන්න ගියාම කියන බනේ ගහනවා
Tab එක බෙන්ඩ් වෙලා කීවා
ලිව්වේ මෙහෙම එයා
“Touch is not working, Device is "sighl" bend”
Slightly කියලා වගේ ලියන්න ගිහින් කපල ලිව්වා


කෙලින්ම Bend.
දැන් tab එකේ නැම්මක් තියේ

(එහෙම නැම්මක් නෑ)
මාර්තු 17 බාර දුන්නේ.
කොළඹ රෙපයාර් සෙන්ටර් එකට යවනවා කිව්වා ( ඒ කියන්නේ Nexus customer care)
සති 2ක් වගේ යාවි කියලා කිව්වා.
සතියකට වගේ පස්සේ පොඩි කෝල් එකක් දෙනවා nexus එකට
ආවද කියලා බලන්න
(ඇවිත් නෑ දවස් 7ක් , ගාල්ලේ ඉඳන් කොළඹට)
ඔහොම ඉතින් ගෙවිලා යනවා, අපිටත් පොඩ්ඩක් අමතකයි.
ආයේ අප්‍රේල් මුල් සතියේ 4, 5 වගේ අහනවා Nexus එකෙන්
මොකද මාර්තු 31ට සති 2 හරි.
ඒත් උත්තරේ වෙන්නේ තාම Device එක එයාලට ඇවිත් නෑ..
දැන් දවස් 20ක් වගේ තාම ගාල්ලේ ඩයලොග් එකේ ඉඳන් කොළඹට ගිහින් නෑ කියලා කියන්නේ.
(පයින් අරන් ගියත් දවස් 7න් වගේ යනවා)
දැන් පොඩ්ඩක් කෙස්
Repair තියා, රෙප්‍යාර් කරන තැනට ගිහිල්ලත් නෑ


Nexus එකෙන් එක එක නම්බර් දෙනවා අහන්න කියලා ඩයලොග් එකේ අයගේ.
ඩයලොග් එකේ ඩයල් ඉන්න බලන්නම් ආයේ ගන්නම් කියනවා
ආයේ ගන්නේ නෑ
ඔන්න එක පාරක් කියනවා, වෙන කොහෙටද ගිහින් තියෙන්නේ tab එක, කුරියර් එකෙන් අරගෙනත් කියලා එතනින්


අප්‍රේල් 6 වගේ ඕක කියන්නේ..
වැඩේ හරියන්නේ නෑ, මුන් බෝලේ පාස් කරනෝ, customer care බට්ටෝ ටික ගාල්ලේ ඩයලොග් එකේ.
ඒපාර තමයි කතාව


6 අප්‍රේල් හවස් වෙද්දි email එකක් දානවා
Consumer Affairs Authority එකට සහ dialog customer care සහ තව ඩයලොග් එමේල් කිහිපයකට
4.15pm තියෙන්නේ යවපු වේලාව
මට 5.01pm April 6th කෝල් එකක් එනවා ඩයලොග් agent කෙනෙක්ගෙන් (පැය භාගයයි ගියේ)
එයා මේ ප්‍රශ්නෙ personally handle කරනවා, මගෙන් උන දේ අහගෙන, හෙට 7 අප්‍රේල් වෙද්දි backup unit එකක්.සෙට් කරලා 7 දවල් කෝල් එකක් දෙන්නම් කිව්වා, (මම විශ්වාස කෙරේ නෑ)
හැබැයි ඒ කොල්ලා 7 වෙනිදා දවල් වෙද්දි කෝල් කරලා backup unit එක හරි, අරන් යන්න කිව.
ඒ එක්කම CAA galle එකෙන් 7 වෙනිදාම මට කෝල් කරලා නඩුව පටන් ගන්නවා, මේ මාසේ අප්‍රේල් 24 කැදවීමට දින ලැබුනා ටික දවසකින්.
ඔය අතරේ අවුරුදු සීසන් එහෙම පහු වෙලා
19 කෝල් එකක් එනවා tab එක Ready, ගන්න පුළුවන්. කියලා, ඒපාර 20 ගිහින් අරන් අවා.. backup unit එක බාර දීලා..
CAA GALLE එකට ගිහින් update එකත් දීලා ආවේ.
ඔන්න ඔහොමයි එක email එකට
ඉබ්බා පිටේ කොළඹ ගිය tab එක highway එකේ ගෙදර ආවේ..
ගාල්ලේ ඩයලොග් මල්ලිලාට customer care කියලා උගන්වන්නේ corporate එකෙන්, warranty නොදී ඉන්න හැටි විතරයි මම හිතන්නේ.
CAA එකට මේ වගේ පොඩි වැඩ වලටත් අත දාන්න වෙන තරමට ලංකාවේ පාරිභෝගික සේවා හොදයි


