Dialog - Super Service

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මා වසර 10 කටත් වඩා Dialog දුරකතන ජාලයත් සමග සම්බන්ධ වී සිටින Dialog පාරිභෝගිකයෙක් වන අතර මා වාසය කරන ප්‍රදේශයේ බොහෝ පිරිසක් Dialog සම්බන්ධතාව ඇති අය වේ. තවද මාගේ මෙන්ම අන් හිතවතුන්ගේ දුරකතන අංක බොහෝ පිරිසක් අතරට එක් වී ඇති නිසාත්, Dialog පාරිභෝගික සේවයෙන් ලබා දෙන ආවරණ කලාප පොරොන්දු නිසාත් ඉමහත් අසරණව සිටින පිරිසෙන් එක් අයෙකි.

මෙය කියවන හිතවතුන් බලයි මේ මොකද මෙහෙම කියන්නෙ Dialog සේවාව ගැන කියල...

මා වෙසෙන ප්‍රදේශය තමයි සපුගස්කන්ද. පැහැදිලිව කිව්වොත් ටවුන්හෝල් Dialog කුළුනෙ ඉඳන් හරියටම ගුවන් දුර කිලෝමීටර් 11.8 යි.

මීට පෙර කිහිප වතාවක්ම Dialog පාරිභෝගික සේවයට පැමිණිලි කළ ද, මේ වන තුරු හරි හැටි පැහැදිලි දුරකතන සංඥා තත්වයක් මේ ප්‍රදේශයට ලබා දීමට මුළු රටම ආවරණය කරමින් 3G, 4G ගැන මහ ඉහලින් පුරාජේරු කතා කරන Dialog ආයතනයට නොහැකි වීම කණගාටුවට කරුණකි.


සෑම පැමිණිල්ලකදීම ඔවුන් පවසන්නේ මේ මාසයේ අන්තිමට මේ තත්වය හරිගස්සනවා.. කියා ය. නමුත් එසේ පවසාත් දැන් වසර ගණනක් ගෙවී ගොස් ඇතත් තත්වය තවමත් පෙර සේමය.:confused:

පිටතින් හදිසි දුරකතන පණිවුඩයක් ලබා දීමට උත්සහ කරන අයෙකුට ඒ වෙනුවෙන් මහත් වෙහෙසක් දරන්නට සිදු වෙන අතර එකම දේ කිහිප විටක් එකම දේ කීමට සිදුවීමෙන් පණිවිඩයේ ඇති වැදගත්කම ද නැතිවී ගොස් කේන්තියක් උපදින්නේ නිරායාසයෙනි... එමෙන්ම, පණිවිඩය ලබන තැනැත්තා ද දුරකතනය කනේ තබාගෙන පැහැදිලිව ඇසෙන තැනක් සොයා හතර අතේ දුවන්නට සිදුවීම ඉතා කණගාටුදායක ය.:frown:

මේ අයුරින් පීඩා විඳිමින් තවමත් Dialog සමග රැඳීසිටින ප්‍රදේශ වාසීන්ට ඉතා ඉක්මනින් නිසි විසඳුමක් ලැබී මෙම ප්‍රදේශයට ඉතා පැහැදිලි දුරකතන සංඥා තත්වයක් ලබා දීමට
Dialog ආයතනයට හැකි වේවා යි පතමි..
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    3g signal repeater ekek ganin.

    $_12.JPG
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    mchn unge page eke dammada ?

    math dakala thiyenw abn godak ewwonta ohoma un karanwa poyya bn karanne unge custa serve nam anthimai

    ඔව් බං. උන්ගෙ පේජ් එකේ දැම්ම එකේ කොපියක් තමා මේ දැම්මෙ
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    3g signal repeater ekek ganin.

    $_12.JPG

    Customer Care එකට මේ ප්‍රශ්ණෙ කිව්වම උන් කියන්නෙ “හරි සර්, අපි ඔය Problem එක ගැන දන්නව. අපේ ටවර් එකක් අලුතෙන් ඒ ළඟ හදනව, දැනටමත් වැඩ සෑහෙන්න ඉවරයි.. මේ මාසෙ අන්තිමට ඒක ON කලාම Coverage ප්‍රශ්ණෙ විසඳෙයි“ කියල. එ්ත් එහෙම කියලත් දැන් කොච්චර නං කල් ගියාද
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අපෝ ඕකුන් ගැන කියල වැඩක් නෑ. මම ඉන්නෙ ඇතුල් කොට්ටෙ, අපිටත් සෑහෙන කාලෙක ඉදන් ඔහොම ලෙඩක් තියෙනවා. කෝල් එකක් ගන්න ගෙදරින් එලියට යන්න ඕනෙ. අපේ ලොකු area එකක ඉන්න dialog පාවිච්චි කරන සෙට් එකක් මෙහෙම දුක් විදිනව. complaine කලා, කෑගැහුවා. අන්තිමට අලුත් tower එකක් හදන්න පොරොන්දු වුනා. කොහොමහරි කෑ ගහල ගහල ඉස්සර තිබ්බට වඩා පොඩි වෙනසක් කලා, එත් තාමත් call කරද්දි වැඩි පැහැදිලි බවක් නෑ. Line එක හිටි හැටියෙ cut වෙන්ව. වෙන package එකකට යන්න බෑ මොකද මෙ number එක පාවිච්චි කරන්නෙ 2004 වගෙ ඉදල. පාරි බොගික සේවා අධිකාරියට කියන්ව කියල area office එකට ගිහින් සද්දයක් දාන්න :D
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අපෝ ඕකුන් ගැන කියල වැඩක් නෑ. මම ඉන්නෙ ඇතුල් කොට්ටෙ, අපිටත් සෑහෙන කාලෙක ඉදන් ඔහොම ලෙඩක් තියෙනවා. කෝල් එකක් ගන්න ගෙදරින් එලියට යන්න ඕනෙ. අපේ ලොකු area එකක ඉන්න dialog පාවිච්චි කරන සෙට් එකක් මෙහෙම දුක් විදිනව. complaine කලා, කෑගැහුවා. අන්තිමට අලුත් tower එකක් හදන්න පොරොන්දු වුනා. කොහොමහරි කෑ ගහල ගහල ඉස්සර තිබ්බට වඩා පොඩි වෙනසක් කලා, එත් තාමත් call කරද්දි වැඩි පැහැදිලි බවක් නෑ. Line එක හිටි හැටියෙ cut වෙන්ව. වෙන package එකකට යන්න බෑ මොකද මෙ number එක පාවිච්චි කරන්නෙ 2004 වගෙ ඉදල. පාරි බොගික සේවා අධිකාරියට කියන්ව කියල area office එකට ගිහින් සද්දයක් දාන්න :D

    :yes::yes::yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන්. දැන් මම කියන්න යන දෙයින් උබ තරහා අරගන්න එපා. ඇයි බන් උබ නාහෙන් අඩන්නේ ඩයලොග් එක පස්සේ.. එක්කො වෙන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙයන් නැත්තම් සිග්නල් බූස්ටර් එකක් අරගනින්. නැතිනම් ගමම එකතුවෙලා ටවර් එකක් ඉල්ලපන්. පාරිබොගිකයො 250ක් ඉන්නවා නම් උන් ඉස්සර ගාමන්ට් වලටත් ටවර් දුන්නා.. නැ බැ කිය කිය ඉන්න එපා බන්. උන් කම්පැනි එකක්නේ. උන්ට බැදීමක් නැ උබලට දෙන්න ඔනේමයි කියලා.. එහෙනම් කොච්චර මිනිස්සු ඉන්නවද slt එකෙන් කනෙක්ශන් එකක් ගන්න බැරි. එහෙමයි කියලා උන් ටෙලිකොම් එකට පෙත්සම් ගහලා හරි යයිද?
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    siraawata. dialog magulema ellila inna un set ekak innawane mona unath :S

    මචං සමහර කට්ටිය කළාට මං හිතන්නෙ නෑ සැරින් සැරේ Phone No. එක මාරු කරන එක එච්චර හොඳ වැඩක් කියල..:oo:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචං සමහර කට්ටිය කළාට මං හිතන්නෙ නෑ සැරින් සැරේ Phone No. එක මාරු කරන එක එච්චර හොඳ වැඩක් කියල..:oo:

    kawda ubata saren sare maaru karanna kiwwe :S gewal hariyata hodata signal thiyena ekak aran use karahan digatama dialog dialog kiyala marila wadakuth na ane aiyo mage parana no eka kiyala wadakuth nahane use karanna signal naththam :baffled:
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    සුභ ආරංචියක්.. මම Site එකට දාපු Complain එකට උන් Reply කරල.. අපි මුහුණ දෙන ප්‍රශ්ණෙට කණගාටුව පල කරල.. ඉතාම ඉක්මනින් අපේ ප්‍රශ්ණෙට විසඳුමක් දෙනව කියල පොරොන්දු වුනා.. Complain No. එකකුත් දීල.. :)