මා වසර 10 කටත් වඩා Dialog දුරකතන ජාලයත් සමග සම්බන්ධ වී සිටින Dialog පාරිභෝගිකයෙක් වන අතර මා වාසය කරන ප්‍රදේශයේ බොහෝ පිරිසක් Dialog සම්බන්ධතාව ඇති අය වේ. තවද මාගේ මෙන්ම අන් හිතවතුන්ගේ දුරකතන අංක බොහෝ පිරිසක් අතරට එක් වී ඇති නිසාත්, Dialog පාරිභෝගික සේවයෙන් ලබා දෙන ආවරණ කලාප පොරොන්දු නිසාත් ඉමහත් අසරණව සිටින පිරිසෙන් එක් අයෙකි.
මෙය කියවන හිතවතුන් බලයි මේ මොකද මෙහෙම කියන්නෙ Dialog සේවාව ගැන කියල...
මා වෙසෙන ප්‍රදේශය තමයි සපුගස්කන්ද. පැහැදිලිව කිව්වොත් ටවුන්හෝල් Dialog කුළුනෙ ඉඳන් හරියටම ගුවන් දුර කිලෝමීටර් 11.8 යි.
මීට පෙර කිහිප වතාවක්ම Dialog පාරිභෝගික සේවයට පැමිණිලි කළ ද, මේ වන තුරු හරි හැටි පැහැදිලි දුරකතන සංඥා තත්වයක් මේ ප්‍රදේශයට ලබා දීමට මුළු රටම ආවරණය කරමින් 3G, 4G ගැන මහ ඉහලින් පුරාජේරු කතා කරන Dialog ආයතනයට නොහැකි වීම කණගාටුවට කරුණකි.
සෑම පැමිණිල්ලකදීම ඔවුන් පවසන්නේ මේ මාසයේ අන්තිමට මේ තත්වය හරිගස්සනවා.. කියා ය. නමුත් එසේ පවසාත් දැන් වසර ගණනක් ගෙවී ගොස් ඇතත් තත්වය තවමත් පෙර සේමය.
පිටතින් හදිසි දුරකතන පණිවුඩයක් ලබා දීමට උත්සහ කරන අයෙකුට ඒ වෙනුවෙන් මහත් වෙහෙසක් දරන්නට සිදු වෙන අතර එකම දේ කිහිප විටක් එකම දේ කීමට සිදුවීමෙන් පණිවිඩයේ ඇති වැදගත්කම ද නැතිවී ගොස් කේන්තියක් උපදින්නේ නිරායාසයෙනි... එමෙන්ම, පණිවිඩය ලබන තැනැත්තා ද දුරකතනය කනේ තබාගෙන පැහැදිලිව ඇසෙන තැනක් සොයා හතර අතේ දුවන්නට සිදුවීම ඉතා කණගාටුදායක ය.
මේ අයුරින් පීඩා විඳිමින් තවමත් Dialog සමග රැඳීසිටින ප්‍රදේශ වාසීන්ට ඉතා ඉක්මනින් නිසි විසඳුමක් ලැබී මෙම ප්‍රදේශයට ඉතා පැහැදිලි දුරකතන සංඥා තත්වයක් ලබා දීමට
Dialog ආයතනයට හැකි වේවා යි පතමි..