Wadak naha ban katha karala
Trc eka nidi ban
දැන් ඕක සෑහේන කාලේක ඉදන් කරන Dialog එකේ කරන මරිසි වැඩක්.


ලංකාවේ වෙළෙඳ දැන්වීම් තියෙන වෙලාවට Dialog TV එකේ මැච් එක යන්නේ Ten Cricket හරහා වෙන දෙයක්ද නැත්තන් Dialog එකෙන් කරන මරිසි වැඩක්ද ???

ලංකාවට පිටරට ඇඩ් පෙන්නලා වැඩක් නෑනේ කොහොමත් ඒ හින්ද වෙන්න ඇති
අපි සල්ලි දීලා ගන්න ඩයලොග් ටීවී වගේ ඒවා වල මැච් පෙන්නද්දි ඒ ස්පෝට් චැනල් එක වෙනම ගෙවල ගත්ත කියමුකො. ඒ ස්පෝට් චැනල් එක අපි හිතමු ටෙන් ස්පෝට් කියල.. ඉතින් ටෙන් ස්පෝට් එක අපි මාසික ගාස්තුව ගෙවල අරගත්තම ටෙන් ස්පෝර්ට් එකේ යන ප්‍රෝග්‍රෑම් එකට අස්සේ ඩයලොග් එකට ඇඩ් දාන්න තියෙන නීතිමය අවසරය මොකක්ද? මම කියන්නේ ඕවරයක් ඉවර වෙලා අනිත් ඕවරේ යනකන් ඉන්දියන් ඇඩ් වෙනුවට අපේ ඇඩ් දැමීම නෙමෙයි, මැච් එක යන අතරතුරේ ස්ක්‍රීන් එකේ උඩින් කොටු කොටු ඇඩ් දැමීම... ගොඩක් වෙලාවට මැච් එක බලන අපිට ඒක ලොකු බාධාවක්.. ඇයි අපි සල්ලි දීලා ගන්න චැනල් වලට මෙහෙම කරන්නෙ ඒ අය?
ඕක මචං ගොඩක් වෙලාවට කරන්නේ ඒ අදාල නාලිකාවට මුදලක් ගෙවනවා ඔය ඇඩ්ස් යනවට..
ඩයලොග් එකෙන් හොරෙන් ඔබනවා නෙමෙයි..
ඒ නාලිකාවේ අවසරය පිට යන්නේ..
ඒ කියන්නේ ඒකත් ඒ නාලිකාවෙම පෙන්නන රූප රාමුවේම කොටසක්..
ඕකට ඩයලොග් එකට විරුද්ධව නඩුවක වත් දාන්න බෑ..
මොකද විකාශනය කරන්නේ ඒ අදාල නාලිකාව..
මගේ චැනල් එක දැම්මම ස්ක්‍රීන් එකේ පේන හැමදේටම වගකියන්න ඕනේ මම.. වෙන කවුරුවත් නෙමෙයි..
ඒකයි සිද්ධිය..
පොඩ්ඩක් තේරුනේ නැහැ .. ඉතින් ඉන්දියන් චැනල් (ස්ටාර් ස්පෝර්ට් වගේ) ලංකාවෙ ඇඩ් දාන්නෙ නැහැනෙ.. ඔරිජිනල් චැනල් එකේ යන්නේ ඉන්දියන් ඇඩ්.. ඩයලොග් එකෙන් බලද්දි ලංකාවෙ ඇඩ් යන්නෙ. ඔරිජිනල් චැනල් එකේ ඇඩ් නැහැ.. ඩයලොග් එක හරහා බලද්දි තමයි අර කොටු කොටු ඇඩ් වැටෙන්නෙ.. අනික චැනල් එකයි ඩයලොග් එකයි අතර ව්‍යාපාර ගිවිසුම්, චැනල් එකට ගෙවල ඒවා බලන අපිට අදාල වෙන්නෙ කොහොමද? ඩයලොග් එක ලාබෙ බලාගෙන මේ වගේ වැඩ කරනව කියල නෙමෙයිද කියන්නෙ?
ඉන්දියන් සමාගම් ඇඩ් වලට මුදලක් ගෙවන්නේ ඒ ඇඩ් එක ඉන්දියාව ඇතුලේ පෙන්නන්න විතරයි..
උන් හින්දියෙන් දාන ඇඩ් වෙන රටවලට වැඩක් නෑ කියල දන්න හින්ද උන් වෙන රටවල ටෙලිකාස්ට් කරනවට සල්ලි ගෙවන්නේ නෑ.. එතකොට උන්ට ඒ ඇඩ්ස් ෆ්‍රී පිට රටවලට පෙන්නන්න බෑනේ බං..
එ නිසා උන් කරන්නේ ලංකාවේ ඩයලොග් එක හරහා මෙහේ පෙන්නන්න ඇඩ්ස් එකතු කරගන්නවා..
එතකොට ඒකෙන් ගානක් ඩයලොග් එකට සහ කොටසක් අදාල චැනල් එකට යනවා..
නාලිකාවේ විකාශණය වෙන දේවල් සම්බන්ධව වගකීමක් ඩයලොග් එකට නෑ ..
ඩයලොග් එක වගකියන්නේ උන්ගේ "service" එකට විතරයි.. "content" එක ගැන උන් වගකියන්නේ නෑ..
මෙහෙම හිතපංකෝ උඹ රු 100ක් ගෙවනවා ස්ටාර් ස්පෝර්ට්ස් චැනල් එක බලන්න..
ඒ ගෙව්වට පස්සෙත් චැනල් එක උඹට පේන්නේ නැත්තං අන්න ඒක ඩයලොග් එකේ වරද. සල්ලි ගෙව්වනං උඹට චැනල් එක ලැබෙන්න ඕනේ.. එහෙම නැත්තං ඒක උන්ගේ service එකේ ෆෝල්ට් එකක්.. චැනල් එක උඹට දුන්නට පස්සේ එකේ විකාශනය වෙන දේවල් සම්බන්ධව ඩයලොග් එකට වගකීමක් නෑ..
ඒකේ මොන ඇඩ් ද ගියේ, ස්පෝර්ට්ස් කියල නම දාල ඕකේ ෆිල්ම් එකක් ටෙලිකාස්ට් උනත් උඹට ඩයලොග් එකට විරුද්ධව ඇක්ශන් ගන්න බෑ..
උඹ චැනල් එක ඉල්ලුවා උන් ඒක දුන්න.. ඒකේ පෙන්නන දේවල් ගැන උන්ට වගකීමක් නෑ.. එහෙමනං ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඔනේ අදාල නාලිකාවට.. ඒත් වැඩක් වෙන්නේ නෑ..