බැංකු වල,
ඩොලරය, මිළදී ගැනීමේ මිළ, විකිණීමේ මිළ කියලනං දෙකක් තියෙනව...
ඔව් බං මම ඊයේ යුරෝ 32.86ක ගනු දෙනුවක් කලා කොම් බැන්ක් එකෙන්, එත්කොට සම්පුර්න කොස්ට් එක උනේ ගූගල් කරලා ගත්ත එකයි කොම් බැන්ක් එකේ තිබ්බ රේට් එකටයි 11000ක් වගේ ඒ උනාට ට්‍රන්සැක්සන් චෙක් කරලා බැලුවාම 15000ක් කැපිලා තිබ්බා, ඊට පස්සෙ මම කතා කලා බැන්කුවට, ඒ නංගි කීවා...
"අයියා බැන්කුවේ රේට් එක එකක්ය කාඩ් එකේ රේට් එක කියන්නේ තව එකක්ය, කාඩ් එකේ රේට් දාන්නේ අපි නෙමෙයිය.. ඒක දාන්නේ කාඩ් එක අදාල සමාගමය, ඒ ගොල්ලන්ගේ සයිට් එකෙන් බලාගන්නය"
ඕක ගැන කොහොද දැනුවත් කිරීමක් කරල තියෙන්නේ කියල ඇහුවම කියපී... එහෙම දැනුවත් කිරිමක් කරලා නෑ කියලා..... ඒත් ඒක එහෙම තම වෙන්නේ කියලා
කියලා කීවා... මාත් ඉතින් ඒ කීව සයිට් එකට ගිහින් ඒ කීව දේවල දාලා ( මොක්ද්ද "3% කොමිසන් එකක් ගන්නවාය" කියල කීවා) බැලුවා එතකොට යුරෝ එකේ ගාන උනේ 407ක් වගේ... ඉතින් මම ඒ නංගිට කීවා
"ඒත් නංගියේ ඔයැයිගේ බැන්කුවෙන් අරන් තියෙන විදියට යුරෝ එක 450ක්ය ඇයි ඒ කියලා"
එත්කොට මේකී කියපී
"හිටින්නකෝ අයියේ මම පරීක්ශා කරලා බලාලා කියන්නම්ය"
ඉතින් පරීක්ශා කරනකම් හිටියා....... ටික වෙලාවකට පස්සේ මෙකී පෝන් එක කට් කලා......