DIJsගේ කතාව

DIJs

Member
Apr 6, 2015
44
9
0
3

එදා දවස එහෙම්ම ගෙවිල ගියා..DIJs පන්තියේ පාඩුවේ කව්රු එක්කවත් කතාවක් නැතුව දෙන ගනන් ටික හදල ගෙදර එනවා නැන්ද එක්ක,,,ඔහොම ටික කාලයක් ගියා..හැමදාම නැන්ද එක්ක හරි තාත්තා එක්ක හරි පන්තියට යන එක DIJsට අව්ල් වගේ දැන්..අනිත් හැමෝම තනියෙන් එන නිසා තනියෙන් යන තීරණේ කරා..එක ඉවරවෙන්නේ රෑ 8ට බැවින් එක්කං යන්න නම් එන එක නවත්තන බැරි උනා'..DAS කියන ළමය DIJs ගේ හොදම යාළුවා උනා..එය මාර්ගෙන් පන්තියේ අනිත් පිරිමි ලමයි ටික යාලුවෝ කරගන්න DIJs පියවර ගත්තා.එතනින් DIJsට තව හොදම යාලුවෙක් හම්බුනා,,,පන්තියේ හැමදාම මේ 2න්නා එකට ඉදන් වැඩ කරනවා =,,මහා ලොකු කතාවක් නැති උනත් මේ දෙන්න ගජ යාලුවෝ උනා...ඔහොම ටිකක් ගෙව්නා..මේ පන්තියේ හැමදාම පෝලිම් මාරු වේවි වැඩිවෙන්න ඕන කියල නිතියක් ගේනවා,,දැන් ගැනු ලමයි පොලිමක් දාල ඊට පස්සෙන් තම පිරිමි ළමයි පෝලිමයි ඔහොම ඔහොම මාරු කරනවා,,දවසක් ඔහොම යද්දී DIJs පන්තියට පරක්කු වෙලා ආවා..මෙයාගේ යාළුවා එදා ඉස්සරහම පෝලිමට ගිහින්,,DIJS එදා තනියෙන් අන්තිම පෝලිමේ හිටය...එත් මේකට යාළුවා මෙය එක්ක තරහ උනා...(අදටත් තරහයි මහා මිනිස්සු වෙලත්),,ඉතිං ඊලග සතියේ ඉදන් DIJsවෙන පෝලිමකට මාරු වෙන්න තීරණේ කරා.අලුතෙන් ගීයපු පෝලිමේ උස මහත කොල්ලෙක් ලග DIJs කලින් උනා සීන් එක කියල වාඩි උනා(ඒ කොල්ලව KAL කියමු)..ටිකක් කල් ඔහොම යද්දී KALට ඉස්සරහ පෝලිමේ ගෑනුළමයි ටික විහිලු කරන්න ගත්තා,,, ජීවිතේට හරියට කෙල්ලක් එක්ක කතා කරලා නැති DIJs වෙන සීන් එක පාඩුවේ බලන් උන්නා ටිකක් කල්...උ ඇති තරම් බයිට් වෙද්දී DIJs කරේ කෙල්ලෝ නැති වෙලාවට KAL ව බිටේ කරපු එක..එකෙන් උනේ KAL එක්ක තිබ්බ යාළුකම දවසින් දවස වැඩි උනා එක තමයි..KAL විහිලුකාරය උනත් DIJs වගේ ගති තිබුන උටත්...ඔය වගේ හැමදාම නොන්ඩි දොරේ ගලද්දී බලන් ඉන්න බැරිම තැන KAL ඉල්ලීමක් කරා DIJsට ඌත් සමග කෙල්ලොන්ව බිටේ කරන්න සහබාගි වෙන්න කියල,,,කොල්ලන්ව ඕන තරම් නොන්ඩි කරලා තිබුනත් කෙල්ලොන්ව ජීවිතේට නොන්ඩි කරන තියා වචනයක් කතා කරලා නැති DIJs ට මේකට හිත දුන්නේ නෑ..
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කෙටි කලක් තුළ රෙප් ලබාගැනීමට කරන කූට උපක්‍රමයකී. මෙය තවෙකුගේ FAKE එකක් වීමට පුළුවන. එල එල ඔන්න රෙප් දුන්නා:yes::yes:
    1405091803.jpeg
     
    Last edited:

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    කෙටි කලක් තුළ රෙප් ලබාගැනීමට කරන කූට උපක්‍රමයකී. මෙය තවෙකුගේ FAKE එකක් වීමට පුළුවන. එල එල ඔන්න රෙප් දුන්නා:yes::yes:
    රේප් නම් අවශ්‍ය නෑ මචං,,:D මං මගේ අතීතේ කිව්වේ,, එහෙම දෙයක් නම් නෙමේ
     

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    4

    KAL හැමදාම කිව්වත් පොඩ්ඩක් වචනයක් දාපන් කියල DIJs කවදාවත් කට හෙල්ලුවේ නෑ..KAL ගේ මුණ බලන් නොන්ඩි වෙද්දී හිනා වෙවී ඉන්න DIJs වගබලගත්තා..:) 10 වසරේ මුල් ටික ඔහොම ගෙවෙද්දී DIJs තාත්තාගේ රෙසරෙන් රැවූල කපනවා,,පලවෙනි දවසේ රැවුල කපල පන්ති ගිය හේතුව නිසා එදා හොදටම විහිළුවක් උනා,,,අනිත් උන්ට රැවුල නැද්ද කියල තමන්ගෙන්ම අහගෙන DIJs නිශ්ශබ්දව හිටියා.KAL උනත් එකට හිටියට එදා ටිකක් DIJsව නොන්ඩි කරා..:( ඊලග සතියේ DIJs අකමැත්තෙන් උනත් පන්ති ගියා වාර විභාගේ නිසා..එත් KAL එදත් නොන්ඩි වෙන නිසා DIJs ගේ සහය පැතුවා..යම්කිසි ප්‍රමානෙකට නොන්ඩියේ තරම අදුරන DIJs එදා සහයෝගේ දෙන්න තීරණේ කරා.මොකද තමන් විදපු ඒ නෝන්ඩිය තව එකෙක් විදිනවා බලන් ඉන්න බැරි නිසා.;) KAL සිංහයා වගේ කෙල්ලන්ට කතා කරලා දැන් මං තනියෙන් නෙමේ DIJs එක්ක ඉන්නේ දැන් මොකද කියන්නේ කියල අහපු ගමන් DIJs ඉස්සරහ ඉදපු කන්නාඩි දන කෙල්ලෙක් හැරිලා වතුර එකක් ඕනද ඇහුවා (කෙල්ලට MD කියමු)...:eek::eek::eek:
    DIJsට වහ බොන්න හිතුනි...:shocked::shocked::shocked: ඒ සමගම බිම බලාගත් DIJs නැවත ඔලුව ඉස්සුවේ පන්ති අවසානයේය...කාටත් කලින් KALට යානවා කියා DIJs පිම්මේ ඇවිදන් තාත්තගේ ලොරියට නැගල මාරු විය..;);)ඊලග අනති දවසේ KAL සමහ එකට වාඩි උන DIJs පාඩුවේ තමාගේ ගණන් හද හද ඉද්දි KAL සුපුරුදු විදියට පොර පිටියට ආරාදනා කරා.එත් ගණන් නොගෙන DIJs වැඩ කරන්න ගත්තා..අදත් අර කෙල්ල මුගේ ඉස්සරහ ඉදන් ඉන්නව කියල ඉවෙන් වගේ DIJs ට තේරුනා,,හොරෙන් බැලුව වැඩේ ඇත්ත,,මුණ දැකල පුරුදු උනත් කව්ද කියල නොදන්නා නිසා DIJS කල්පනා කරා,,,:shocked::shocked: වතුර එකක් දෙන්නද කියල අහපූ එකත් ඔය අතරේ ඔළුවට අපු නිසා 5 වසරේ විදපු නෝන්ඩිය ඔලුවට ආව,,මේ අර එදා කලන්තේ හැදුනම වතුර එක දුන්න කන්නාඩි දාන කෙල්ල නේද කියල ගොන් මොලේට මීටර්ගත උනා:shocked:...කරුමෙක මහත...දැන් කොහොමද කටක් ඇරලා වචනයක් දාන්නේ..තවත් ලජ්ජාවෙන් DIJs කටවහන් හිටිය..ඒ කෙල්ල පෝලිමේ අනිත් ළමයින්ට KAL නොන්ඩි කරන්න කියල අතින් කියනවා DIJs දකිනවා..කොහොම උනත් ආපහු වචයක් කියන්න කට අරින්න DIJsට කොහොමවත් බෑ,,:(:( ඔහොම ටිකක් කල් DIJs සද්දයක් නොකර හිටියා,,ඔය ගැනු ළමයිගේ හොද යාලුවෙක් තමා DAS,,දවසක් DASට DIJsගේ නොන්ඩි අතීතේ හෙළි කරලා අර කෙල්ල,,දැන් මොනවා කොරන්නද,,කමක් නෑ මිනිස්සුන්ට කලන්තේ හැදෙනවනේ කියල හිත හදාගත්තා,ඔය අතරේ DIJsව ගෙවල් ලග english ක්ලාස් එකකට යැව්වා,,MD මේ පන්තියෙත් පරණ සාමාජිකයෙක්,,මල කරුමේ දැන් මේකේ ඔලුව බේරන් ඉන්න හැටි ගැන DIJs කල්පනා කරා:shocked:. DIJs පන්තියට මද හරියෙන් ගියපු හේතුව නිසා නොට් හුගක් මගෑරිලා..ඒවා ඉල්ල ගන්න කෙනෙක් නැතුව DIJs කල්පනා කරා,,කොල්ලෝ මේකේ කිසිම වැඩක් කරන උන් නෙමේ,,උන්ගේ අකුරු කියවන්න බැරි නිසා පාඩුවේ විසදුමක් හොයන්න උනා. ඔය අතරේ ගණන් පන්තියේදී හිටි හැටියේම MD වෙසක් එකටවෙසක් කාඩ් බෙදුවා,,,පන්ති ඉවර වෙලා සෙරෙප්පු දාද්දි DIJs ගේ ලගටම ඇවිත් MD ආ මෙන්න ඔයාට කියල වෙසක් කාඩ් එකක් දුන්නා.:lol::lol: ලජ්ජාව නිසා ගන්නත් බැරි උනත් එහෙම දෙන දෙයක් එපා කියන බැරි කමට එදා DIJs වෙසක් කාඩ් එක ගත්තා,,,කියෙව්වෙවත් නැතුව අරන් බෑග් එකේ ගෙන අඩියට දෙකට ලොරියට නැග්ගා...
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ පට්ට කියාගෙන පල තොගේ ඇඩ්
    වැඩීනේ වෙළඳ දැන්වීම් බලන් ඉන්න ඕන අපි කතාවේ ඉතුරුව අහන්න බිජ්ජා :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉතුරුවත් දාල ඇඩ් වලට පස්සේ උට්ටි................ එල එල බන් :)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සාදර සම අනුග්‍රහය...
    Multilac™ weather-shield ආ.... ඉඩෝර නියං, පින්න හිරිකඩ, වතුර ගංවතුර ඕන එකකට ඔට්ටුයි.:yes:
    MULTILAC-PREMIUM-PAINTS.gif