Dill-Scoop- Sri Lankan Cricket Team New Captain..

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    බොහෝදෙනෙක්ගේ කැමැත්ත ඔහුටය...
    කලකට පසු ලංකා කණ්ඩායමට තුන් ඉරියව්වෙන්ම දක්ෂ නායකයෙක්....
    ක්‍රිකට් කණ්ඩායම සවිමත් කිරීමට උපරිමය කරනවා-ඩිල්ෂාන්


    dilshan-askmeany.jpg





    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභිනව නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් නම්කර තිබේ. මුලින්ම ලංකා වර්ඩ්ස් වෙබ් අඩවිය ඔහුට උණුසුම් සුබ පැතුම් පිරිනමයි. සංගක්කාර හා මහේල හැරැණු කල වත්මන් ලංකා කණ්ඩායමේ අත්දැකීම් අතින් ජේෂ්ඨයා ඩිල්ෂාන්ය. එසේම නායකත්ව අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක් ලෙස මෙම නායකත්වය සදහා ඔහු සුදුස්සෙක් ලෙස නම්කල හැක.

    ඩිල්ෂාන් මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූයේ මැදපෙළ පිතිකරැවෙක් ලෙසය.පසුව දකුණත් පිටදග පන්දු යවන්නෙක් හා අති දක්ෂ පන්දු රකින්නෙක් ලෙස ඔහු ලංකා පිලට මහගු සේවයක් ඉටුකර ඇති ක්‍රීඩකයෙකි.ඔහුගේ අඩුපාඩුවකට ඇත්තේ ආවේගශීලී බව හා කලබලයයි.මෙය නිවැරදි කරගතහොත් ඩිල්ෂාන්ට විශිෂ්ට මට්ටමේ නායකයෙක් බවට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත.
    තිස්හතර හැවිරිදි ඔහු මේ දක්වා එක්දින තරග 203 කදී ලකුණු 5456 ක් ලබාගෙන ඇත්තේ ශතක 10ක් හා අර්ධ ශතක 22 ද සමගය.එක්දින තරගවලදී ඔහු කඩුලු 62ක් ලබාගෙන ඇත. එසේම ටෙස්ට් තරග 66කදී ලකුණු 3990 ක් ලබාගෙන ඇත්තේ ශතක 11 ක් හා අර්ධ ශතක 16ක් සමගය.එහිදී ඔහු කඩුලු 19ක් ලබාගෙන ඇත. එමෙන්ම ඔහු පන්දුවාර 20/20 තරග 32කදි ලකුණු 758 ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 5ක්ද සමගය.
    ඩිල්ෂාන් යනු වර්තමාන ආරම්භක පිතිකරැවා ලෙස විශාල මෙහෙවරක් කරන අතරම ඔහු විසින් ක්‍රිකට් ලොවට හදුන්වාදුන් ඩිල්-ස්කූප් පහර අදටත් ජනප්‍රිය ලෙසින් ක්‍රිකට් ලොව වැජඹෙන අතරම ඩිල්ෂාන්ට හිමිවූ නායකත්වය ඔහු හොදින් කරගෙන යාවි යයි අපි විශ්වාස කරමු.


    source