DIY මලකඩ අරිමු

Bowman

Well-known member
  • Feb 18, 2022
    218
    682
    93

    මේ සයිලන්සරේයි කන්නාඩියි මළකඩ ඇරලා සුද්ද කරේ තනිකර අපි බොන coca cola වලින්.

    සුද්ද කරේ මේ විදිහට.

    ලාවට අල්ලපු මලකඩ වලට (Soft Rust)

    ඉස්සෙල්ල කෑලි ටික coke වල ගොඩක් වෙලා දාල තියන්න. ඊට පස්සේ aluminum foil ටිකක් ගන්න. මේවා hardware වල හා supermarket වල තියෙනවා. දැන් aluminum foil ගුලි කරලා අතුල්ලලා මලකඩ යවන්න. ඊට පස්සේ උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න.

    පොඩි පොඩි මලකඩ තිත් පැල්ලම් වලට (Small Rust Spots)

    1. ඉස්සෙලම aluminum foil දෙකක් තුනක් එකට එකතු කරලා බෝලයක් හදාගන්න. හැබැයි ගොඩක් හයිය වෙන්න හදන්න එපා. අතුල්ලන්න පුලුවන් වෙන්න සහ අතට හොදට අහුවෙන්න ඕනේ. නැත්තම් අතුල්ලන්න අමාරුයි.

    2. දැන් කොප්පෙකට coke දාල foil බොලේ ඒකට දාල පොගල ගන්න. දැන් තිත් උඩ තදින් අතුල්ලන්න. පොඩි ප්‍රදේශයයි එකපාර කරන්නේ, අතින් cut & polish කරනවා වගේ තමයි. අගල් කීපයයි එකසැරේකට තිත් උඩ. coke අඩු වෙනකොට ආයේ පොගල ගන්න. එකම තැන තදින් අතුල්ලනකොට පැල්ලම් යනවා පෙනේවි. එතකොට තව ටිකක් අතුල්ලලා ඒවා යවල දාන්න.

    3. ඊට පස්සේ උණු වතුර පොගවපු පිරිසුදු රෙදි කෑල්ලකින් පිහිදලා දාන්න. නැතිනම් උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න. ඊට පස්සෙත් මලකඩ පැල්ලම් සම්පුර්ණයෙන්ම අයින් වෙලා නෑ වගේ පේනවා නම් ආයෙත් ඔය ඔක්කොම කරලා බලන්න.

    ලොකු මලකඩ පැල්ලම් (Larger Areas of Rust)

    මේකට steel wool ගන්න (කුස්සියේ පාවිච්චි කරන මලකඩ කාපු ඒවා ගන්න එපා අලුත් ඒවා කඩෙන් ගන්න. තව, වැලි කොල එහෙම ගන්න එපා ඒවා rough වැඩියි කැපෙනවා). දැන් මලකඩ උඩට coke දදා වූල් එකෙන් රවුමට අතුල්ලන්න.අතුල්ලනකොට බලාගෙන කරන්න හුරගන්න එපා. steel wire එක මලකඩ උඩ විතරයි අතුල්ලන්නේ, මලකඩ නැති හොද තැන්වල අතුල්ලන්න එපා කැපෙන්න පුලුවන්.

    ඊට පස්සේ කලින් වගේ පිරිසිදු කරගන්න.

    තද මලකඩ (Hard Rust)

    ඉස්සෙල්ලා කලින් වගේ (ලොකු මලකඩ පැල්ලම් - Larger Areas of Rust) වලට කරපු විදිහට කරන්න. ඊට පස්සේ අලුත් steel wool එකකට සබන් ගාල ඒකෙන් අතුල්ලන්න යනකම්. ඊට පස්සේ පිරිසුදු කරගන්න.

    හැබැයි හැම දේකම මලකඩ මෙහෙම යවන්න බෑ. නමුත් පුලුවන් ඒවා තමන්ම කරගන්න එකේ වාසි ගොඩයි. මොකද මේ අසිරි බර මෙසිරි ලකේ හරියට electroplating කරන තැන් ඇත්තෙම නෑ වගේ. වැඩේ ඉවරවෙලා හුලං වැදි වැදි අර හන්දියේ ඉදන් මේ හන්දියට එනකොට ආයේ අල්ලලා. හරියට කරන්න නම් කෑලි ටික රට යවන්න ඕනේ.

    Coca Cola.jpg
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,181
    1,409
    113
    මාත් ඉස්සර බෙන්ලියෙ සයිලන්සර්, රිම් මදින්නෙ කෝක් වලින්. ඊට පස්සෙ බ්‍රාසෝ පාරක් දැම්මම ආයෙ කණ්නාඩිය වගේ
    හරි හරි ඔයාට බෙන්ලියක් තියනවලු ඈ
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    218
    682
    93
    හරි හරි ඔයාට බෙන්ලියක් තියනවලු ඈ
    බෙන්ලිය සුපිරි බඩුවක් නේ

    😃😃

    ඔය වගේ වැඩ වලට කෝක් පාවිච්චි කරල නෑ. ඒ නිසා මේ ගැන මුකුත් දන්නෙ නෑ....
    මලකඩ යවනවාට අමතරව coke වල වෙනත් ප්රයෝජන ගොඩකුත් තියෙනවා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මම ඒවා නම් කරලා නෑ.

    පළිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරන්න
    මලකඩ කාපු කාසි සුද්ද කරන්න ගන්න
    කොමඩ් එක සුද්ද කරන්න
    කෑම උයද්දී අල්ලපු භාජන සුද්ද කරන්න
    To break Calcium carbonate CaCO3
    චුයින්ගම් කොන්ඩේ ඇලුනොත් ගලවගන්න
    ඩයි කරපු කොණ්ඩ වල පාට අඩු කරගන්න
    ජෙලිෆිෂ් කටු ඇනුනොත් ගලවගන්න
    ------ Post added on Aug 14, 2022 at 2:56 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,234
    8,134
    113
    30
    ෆින්ලන්ඩ්
    😃😃

    ඔය වගේ වැඩ වලට කෝක් පාවිච්චි කරල නෑ. ඒ නිසා මේ ගැන මුකුත් දන්නෙ නෑ....
    භාග්‍යා මිස් coke පාවිච්චි කරන්නේ මොන වගේ වැඩ වලට ද? භාග්‍යා මිස් ගේ දැනුම, අත් දැකීම් අපි කාටත් ජිවිතේ ජය ගන්න මහඟු අත් වැලක්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    6,315
    9,505
    113
    Kandy
    😃😃

    ඔය වගේ වැඩ වලට කෝක් පාවිච්චි කරල නෑ. ඒ නිසා මේ ගැන මුකුත් දන්නෙ නෑ....
    ඔයා කොක් වලට අසත

    බෙන්ලිය සුපිරි බඩුවක් නේ


    මලකඩ යවනවාට අමතරව coke වල වෙනත් ප්රයෝජන ගොඩකුත් තියෙනවා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මම ඒවා නම් කරලා නෑ.

    පළිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරන්න
    මලකඩ කාපු කාසි සුද්ද කරන්න ගන්න
    කොමඩ් එක සුද්ද කරන්න
    කෑම උයද්දී අල්ලපු භාජන සුද්ද කරන්න
    To break Calcium carbonate CaCO3
    චුයින්ගම් කොන්ඩේ ඇලුනොත් ගලවගන්න
    ඩයි කරපු කොණ්ඩ වල පාට අඩු කරගන්න
    ජෙලිෆිෂ් කටු ඇනුනොත් ගලවගන්න
    ------ Post added on Aug 14, 2022 at 2:56 PM
    වල් මරන්නත් කෝක් එක්ක වල් බෙහෙත් ද මොනවද දාලා ගහනවා කියලා අහලා තියේ.ඉස්සරම කෝක් වල කොකෙන් තිබුනලු
    ------ Post added on Aug 16, 2022 at 1:53 AM
     
    • Haha
    Reactions: PHBhagya

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    218
    682
    93
    nadu dala wandiyak gamu da wisa wikunanawa kiyala
    හූනෙක් වගේ ඇතුලේ හිටියොත් නම් පුලුවන් වෙයි. නැතිනම් බෑ.

    ගොඩ කාලෙකට කලින් ප්‍රසිද්ද බිස්කට් එකකට නඩුවක් ගියා අහල තියෙනවා. artificial ෆ්ලෙවර් එකක් දාල නමුත් පැකට් එකේ ඇත්ත පළතුරක පින්තූර දාල නියම ඒවා දානවා කිව්ව එකට. එකෙන් එයාල පරදුනාලු.

    මීට අවරුදු 3/4 කට කලින් තවත් ප්‍රසිද්ද engine cleaner එකකට නඩුවක් ගිය කතාවක් අහල තියෙනවා. engine cleaner එක ගහල එකෙන්ම විතරක් engine එක හෝදපුවම engine එක damage වෙලා. service station එක කිව්වා එයාල engine cleaner එකේ තියෙන උපදෙස් අනුව හරියට පාවිච්චි කලා මේක එයාලගේ අඩුපාඩුවක් නෙවේ කියල. වාහනේ අයිතිකාර මහත්මයා lawyer කෙනෙක් ලු. ඉතින් එයා නඩු දැම්මලු. ඊට පස්සේ ඔප්පු කලා engine cleaner එක නිසාම තමයි engine එක හානි වුනේ කියල. අන්තිමට engine cleaner කොම්පැනියට වාහනේ අලාබය ගෙවන්න සිදුවුනාලු. ඔය නඩු වාර්තා දැන් අවරුදු 2/3ක් වෙනකන් ඉන්ටෙර්නෙට් එකේ තිබ්බලු. දැන්නම් නෑලු හැබැයි.

    දැන් අවරුදු 3/4 කට කලින් price control checkersලා කියල ජාතියක් හිටියා. එළියේ කඩවල් වල import කරලා විකුණන්න තියෙන බඩු මෙයාල ඇවිල්ලා සිවිල් පිට සාමාන්‍ය මිනිස්සු වගේ ගන්නවා. ඊට පස්සේ manufacture/product date එක බලලා ඒක අදාළ කාලයේ විනිමය අනුපාත වලට අනුව වැඩි කරලා ගණන් සාදාරණද කියල බලනවා. එහෙම නෙවේ නම් කඩේට බඩු දාන තොග/importer ට නඩු හෝ දඩ ලොකු ගාණක. ඊට පස්සේ උන් එහෙමම වද වෙලා ගියා දැන් පේන්නවත් නෑල්ලු. ඕක හැම බඩුවකටම කරා නම් ලොකු ලොකු කොම්පැනි වලට සිකුරාදා plug එක 7800යි සදුදා 9800යි සෙන්සරේ 7000යි අද 15000 හෙට 28000 වගේ නල්ල මලේ ගණන් කියන ඒවා අඩු කරන්න තිබ්බ. දැන් මිනිස්සුම නේ ගෙවල් ඉස්සරහ මණ්ඩලෙන් දාල තියෙන ලයිට් කණු on/off කරන්නේ. හැබයි ඉස්සර ඕකට වෙනම සෙට් එකක් දාලා හිටියා board එකෙන්ම. දැන් නෑ වද වෙලාම ගියා. එයාල පුෂ් සියිකලේ ඇවිල්ලා පාරේ තියෙන ඔක්කොම ලයිට් හවසට දානවා උදේට නිවනවා. ඇත්තටම අපිට අයිති වැඩක් නෙවේනේ ඕක බැරි වෙලා ෂෝර්ට් වෙලා කරන්ට් වැදුනොත් වන්දි වත් ගන්න බැරි වෙයි.
     
    • Like
    Reactions: animation

    inspiron

    Well-known member
  • May 27, 2014
    22,997
    13,847
    113
    Nowhere
    දැන් මිනිස්සුම නේ ගෙවල් ඉස්සරහ මණ්ඩලෙන් දාල තියෙන ලයිට් කණු on/off කරන්නේ. හැබයි ඉස්සර ඕකට වෙනම සෙට් එකක් දාලා හිටියා board එකෙන්ම. දැන් නෑ වද වෙලාම ගියා. එයාල පුෂ් සියිකලේ ඇවිල්ලා පාරේ තියෙන ඔක්කොම ලයිට් හවසට දානවා උදේට නිවනවා. ඇත්තටම අපිට අයිති වැඩක් නෙවේනේ ඕක බැරි වෙලා ෂෝර්ට් වෙලා කරන්ට් වැදුනොත් වන්දි වත් ගන්න බැරි වෙයි.
    man hithan hitiye light daanne kanuwa laga minissu kiyala