~ Hellow Friends...!!! ~
අද මම ඔයාලව එකතු කරගන්නෙ මගෙ අලුත්ම වැඩේට..කාලෙකෙන් මුකුත් දාන්න බැරි වෙච්ච නිසා පුංචි පහේ වැඩක් පටන් ගන්න හිතුනා..
අපි බොහොම ආස කරන මාතෘකාවක් තමයි DJ Mixing, Remixing කියන්නෙ..අහන්න වගේම ඒවා නිර්මාණය කරන්නත් ගොඩක් දෙනා ආස කරනවා..ඒක කලාවක්..ගොඩක් ලස්සන වගේම බොහොම ප්‍රිය මනාප කලාවක්..තවත් විදිහකින් ගත්තම කනක් ඇහිල ඉන්න නැති කලාවක්..වැහැල පායනව වගේ කලාවක්..ඒ කොහොම වෙතත් ඒ කලාව බොහොම වටින කලාවක් විදිහට දුක නැතුව හදුන්නවන්න පුලුවන්..ඒකට මමනම් දකින ප්‍රධානම හේතුව තමයි ඒ තුල තියෙන විවෘත බව..ඕන කෙනෙක්ට ඒ සදහා උත්සහ කරන්න පුලුවන්..ඒ වගේම බොහො පිරිසකට සාර්ථක වෙන්නත් පුලුවන්..හැමෝටම අත් හදා බලල විශාල තෘප්තියක් ලබන්න වගේම ලබා දෙන්න පුලුවන්..
ඒ නිසා අද මං ලෑස්ති වෙන්නෙ ඒ පිලිබදව බොහොම සරලව අපේ යාලුවො හැම දෙනාවම දැනුවත් කරන්න..මගෙ ප්‍රධානම අරමුණ තමයි මේ පිලිබදව අවබෝධයක් නැති අපේ යාලුවො ඉන්නවනම් සරලව මේක ගැන එයාලට හදුන්වල දිල,නොදන්න කම නිසා ඔවුන් තුල සැග උන දක්ෂතා තියෙනවනම් ඒව එලියට ගන්න උදව් කරන එක..ඒ නිසා මේ පිලිබදව දැඩි අවබෝදයක්, දැනුමක් තියෙන අයගෙ සහයෝගය මං ගොඩක් බලාපොරොත්තු වෙනවා..
DJ MIX, REMIX කියන්නෙ මොකද්ද කියන එකනම් හැමෝම දන්නව ඇති කියල හිතනවා..මොකද අපේ කොල්ලො මෙච්චර කාලේකට රීමික්ස් කරපු එක ට්‍රැක් එකක් හරි අහල ඇති අනිවා..ඒ නිසා ඒ ගැන කියන්න අවශ්‍ය නෑ කියල හිතනවා..
පලමුවෙන්ම කියන්න ඕන දෙයක් තමා රීමික්ස් කරනවා කියන එක හිතන තරම් ලේසි නෑ..හිතන තරම් අමාරුත් නෑ..නමුත් බොහොම විනෝදකාමී වැඩක්..මේකට අත ගහන්න කලින් අපි කළ යුතු දෙයක් තමා අපි තුල තියෙන රසය, අපි තුල තියෙන හැකියාව අපි හරියටම හදුනාගැනීම..නැත්තම් මේක විකාරයක් වෙනවා..අනිත් අය කරන විදි කොපි කරන්නට යනවට වඩා තමන් තමන්ගෙ ක්‍රමය හදුනගෙන මේක කරන්න පටන්ගන්නවනම් බොහොම සාර්ථකත්වයක් තියෙනව වගේම මේක ගැන තියෙන ආශාව වැඩිවෙනවා..බොහොම ආසාවෙන් උනන්දුවෙන් කරොත් මියුසික් ගැන දැනුමක් නැතිව උනත් අපිට සාර්ථක නිර්මාණයක් කරන්න පුලුවන්..ඒත් සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක්නම් ගොඩක් ලස්සන විදිහට නිර්මාණ එලියට දාන්න පුලුවන්..ඒ වගේම බොහොම ඉවසීමෙන් සහ බොහොම සියුම්ව මේක සිද්ද කරනවනම් තමන්ගෙ නිර්මාණය වඩා සාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි..මේ පදනම් කාරණා ඔලුවෙ තියාගෙන තමා අපි මේ කටයුත්තට පියවර තියන්න ඕන..ඒ වගේම ඒ පිලිබදව හොද අවබෝධයක් තියෙන්න ඕන..අඩුම ගානෙ Basic ටික ගැනවත්..ඒ නිසා අපි අපේ විදිහට සින්දුවක් රීමික්ස් කරන්නෙ කොහොමද..අපි අපේම කියල අනන්‍යතාවයක් හදාගන්නෙ කොහොමද කියන ටික මම දැන් සරලව කියල දෙන්නම්..!!~~
හොදයි දැන් මම ඔයාලට කියන්න යන්නෙ අපිට මේ සදහා භාවිතා කරන්න පුලුවන් Software ගැන..DJ MIXING, REMIXING , MUSIC PRODUCTION , MASTERING කරන්න පුලුවන් සුපිරි ගණයේ සොෆ්ට්වෙයාර් කීපයක්ම තියෙනවා..නමුත් එක එක්කෙනාගෙ Choices එකිනෙකාට වෙනස්..කට්ටිය මේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්නෙත් හරියට අපි Anti Virus Softwares Use කරන්ව වගේ..එක එක්කෙනාට එක එක ඒවා හොදයි..එක එක ලේසියි..මට ලේසි එක අනිත් කෙනාට අමාරුයි..එයාට ලේසි එක මට මෙලෝ මගුලක තේරෙන්නෙ නෑ..අන්න ඒ වගේ..!!ඒ වගේම ඒ ඒ සොෆ්වෙයාර්ස් වලට ආවේණික ගුණාංග වෙන වෙනම ඒවගේ තියෙනවා..ඒකොහොම වෙතත් ඒ සදහා පාවිච්චි කරන සුපිරිම සොෆ්ට්වෙයාර් අතරින් කීපයක් තමා මේ...
1. Reason
බොහෝ දෙනෙක් පාවිච්චි කරන Professional Software එකක්..සුපිරි භාණ්ඩයක්..!! වැඩ බොහොමයි..ටිකක් අමාරුයි..
Torrent 2.5 GB
මේක 2GB උනාට හරිම එක 8 GB විතර තියෙනවා..ඒ නිසා DVD එකක් වගේ හොයල ගන්නවනම් වඩා හොදයි..!!
2. Steinberg Cubase 5.1
මේකත් දඩම දඩ සොෆ්ට්වෙයාර් එකක්.. Professional ගොඩ දෙනෙක් භාවිතා කරන software එකක්..කිව්වට මොකද මේකත් ටිකක් අමාරුයි...!!
4GB Torrent Download
මේකත් DVD එකක් හොයාගන්නවනම් හොදයි..!!
3. FL STUDIO
මේ සොෆ්වෙයාර් එකත් ගොඩාක් දෙකෙන් භාවිතා කරන වගේම ගොඩාක් දෙනෙක් ආස කරන සොෆ්වෙයාර් එකක්..මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්..හොද මාස්ට්‍රින් පැනල් එකකුත් තියෙනවා...චූට්ටක් විතර අමාරුයි..!! මම කියන්නෙ මේකෙන් හදන්න Try කරනවනම් හොදයි..!!
Mediafire Download - 262 MB
PART 1
PART 2
4. MAGIX Music Maker MX Production Suite 18
මේකත් රීමික්ස් කරන්න,මියුසික් Compose කරන්න හොද සොෆ්වෙයාර් එකක්..හැබැයි අපරාදෙ කියන්නෙ කිසිම අමාරුවක් නෑ..බොහෝම සරලයි..සරල උනාට අවශ්‍ය කරන වැඩ ටික ඔක්කොම වගේ තියෙනවා..අඩු පාඩුවක් කියන්න නෑ..දෙයියනේ කියල පලවෙනි පාරට Remix කරන්න හදන අය මේකෙන් වැඩේට බැස්සට කමක් නෑ..
Mediafire - 330 MB
PART 1
PART 2
5. SONY ACID PRO 7
මේකත් බොහොම සරල සොෆ්ට්වෙයාර් එකක්..මේකෙන් කරන්න පුලුවන් මගුලකුත් නෑ..බැරි මගුලකුත් නෑ..පටන් ගන්න අයට මේකත් හොදයි..!!
Mediafire - 144 MB
Download
ඔන්න ඔහොමයි යාලුවනේ රීමික්ස් කරන්න භාවිතා කරන සොෆ්ට්වයාර්ස් කතන්දරේ..තව ගොඩක් සොෆ්ට්වයාර්ස් තියෙනවා..ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය සහ වැඩියෙන්ම භාවිතා කරන ඒවා තමා මේ ඔයාලට Download කරගන්න පුලුවන් විදිහට දුන්නෙ..!! මේ සොෆ්ට්වෙයාර් ඔක්කොටොම අදාල Tutorials Videos අනන්තවත් Web sites වල You tube එකෙ එහෙම තියෙනවා.. ඒවත් ටිකක් Download කරල බලල තව ඉගෙන ගන්න..
ඔන්න එහනම් අපේ කොල්ලො ටික දැන් ලෑස්ති වෙමු තොවිල් නටන්න..ලොවෙත් නෑ ගස් යටත් නැතිවෙන්න ගේමට බහින්නයි තියෙන්නෙ..හැමෝම එහෙනම් DJ ලා වෙමු බාන්ඩ..තමන්ට පුලුවන් ට්‍රැක් එකක් තෝරගෙන කැත නැතුව අහන්න පුලුවන් හොද රීමික්ස් එකක් හදල දාන්න බලන්න මෙතන එහෙනම් අපි ඔක්කොටොම අහන්න...අවසාන වශයෙන් ඔයාලට පුංචි උපදෙස් ටිකක් දෙන්නම්..
හැම වෙලේම පුලුවන් තරම් වෙනස් දෙයක් කරන්න උත්සහ කරන්න..හැම නිර්මාණයක් තුලම හැමදාම අහන දේම නැතුව අලුත් දෙයක් දෙන්න උතසහ කරන්න..පුලුවන් තරම් Variations භාවිතා කරන්න නැත්තම් ටිකක් වෙලා අහන් යද්දි අහන එකාට එපා වෙනවා..තියෙන Sounds ඔක්කොම දමල ඔබන්නෙ නැතුව බොහොම සියුම් විදිහට Sounds Set කරන්න.. Master කරද්දි ගානට ලිමිට් තියාගෙන මාස්ටර් කරන්න...දරාගන්න බැරි තරම් සද්ද දාන්න එපා..බොහොම පරිස්සමින් මාස්ටර් කරන්න..සින්දුව දාපු ගමන් දඩ රීමික්ස් එකක් වගේ කියල දැනෙන විදිහට හදන්න...එහෙනම් මම ඔයාල හැමෝමට සුබ පතනවා..එලකිරි අපිව මායම් වෙන්න දෙන්න ඕන කොල්ලනේ එකෙන්ම...හරිනේ??
ඔන්න එහෙනම් අපෙ එලකිරි යාලුවො ඔක්කොටොමයි මේ කියන්නෙ..අද ඉදන් DJ & Remix , Composing ගැන Run වෙන ප්‍රධානම Thread එක තමා මේක..මේ Subject එක ගැන දන්න අයියලා ඔයලගෙ දැනුම බෙදාගන්න,ගුරු මුෂ්ටි එලියට දාන්න,Remix කරන්න භාවිතා කරන අනිත් සොෆ්ට්වෙයාර් ගැන විස්තර බෙදාගන්න, Sounds Beats.Loops,Samples හුවමාරු කරගන්න, දන්නෙ නැති අලුත් අයට ප්‍රශ්නයක් උනාම උදව් කරන්න වගේම දැන් නිර්මාණය වෙලා තියෙන තමන් අහපු ගින්දරම රීමික්ස් ට්‍රැක් Share කරන්න සහ ඔයාල නිර්මාණය කරන Remix Tracks officially මෙතන Launch කරන්න ඔය ගොල්ලො හැම දෙනාටම ආදරයෙන් ආරධනා කරනවා...!!
හැමෝටම ජයවේවා එහෙනම්..!!
~~ FROM DJ RAJ~~

1 වන පියවර - මේක තම වැදගත්ම දේ..අපි ඉස්සෙරලම කර යුතු දේ තමා තමන්ට ගැලපෙන, තමන්ට කරන්න පුලුවන් කියල හිතන Track එකක් තොරගන්න එක..අපි එකපාරට අමාරු ට්‍රැක් එක තොරගත්තම පටන් ගත්ත තැනම මේක අප්පිරිය වෙනවා..ඒ නිසා ඉස්සෙල්ලම හරි සින්දුව තොරගන්න..මේකෙදි කටහඩ විතරක් තියෙන සින්දුවක් නම් වඩා ලේසියි..එතකොට අපිට අපේ රිමීක්ස් එක වඩා ලස්සනට කරන්න පුලුවන්..
2 වන පියවර - ඊටපස්සෙ අපි කරන්න ඕන ඒ ට්‍රැක් එක හොදින් අහල ඒ ට්‍රැක් එක වෙනුවෙන් අපිට කරන්න පුලුවන් මොනාද කියන එක ඉස්සෙල්ල අපි හිතන එක..මෙතනට මෙහෙම කරන්න පුලුවන්..මෙතන මෙහෙම මියුසික් පාර්ට් එකක් දාන්න පුලුවන්..මෙතන හොදට කඩන්න පුලුවන්..මේකෙ කොතනද වෙනස් කරන්නෙ..මෙන්න මේ විදිහට තමන්ගෙ විදිහට හිතල තමන්ට සින්දුව වෙනුවෙන් දෙන්න පුලුවන් දායකත්වය කොහොමද කියන එක ඉස්සෙල්ලම හිතල ඉන්න ඕන..
3 වන පියවර - ඊටපස්සෙ කපන කොටන කෑලි ටික ගොඩක් මුලින්ම කරනවනම් හොදයි..ඊටපස්සෙ අපිට අවශ්‍ය මූලික බඩු බාන්ඩ ටික සෙට් කරගන්න ඕන..හොද ඩ්‍රම් බීට්ස්, ලූප්ස්, බේස් කෑලි, ස්පෙෂල් ඉෆෙක්ට් කෑලි..සාම්පල්ස් ඔය වගේ දේවල්..
4 වන පියවර - දැන් අපි කරන්න ඕන අපි මේ සදහා භාවිතා කරන සොෆ්ට්වෙයාර් එකේ තියෙන ස්වුන්ඩ්ස්, ඉෆෙක්ට්ස් මොනාද කියල පොඩ්ඩක් ඔබල කරල අත් හදා බලන එක..delay, phaser, chorus, flanger, filters and other eq, reverb, amplitude modulation, ring modulation, frequency modulation, timestretching, pitch shifting or correction, vocoding මෙන්න මේ වගේ දේවල්
5 වන පියවර- දැන් එහෙනම් ඔන්න දෙයියනේ කියල රීමික්‍ස් කරන්න පටාන් ගන්නයි යන්නෙ.. පලමුවෙන්ම අපි කරන්න ඕන අපි හදන්න යන ට්‍රැක් එකේ BPM (Beats Per Minutes- Tempo) සහ Time Signature එක (සාමන්යෙන් තියෙන්නෙ ගොඩක් 4/4 වගේ) අපි මේ සදහා භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක තුලින් Set කරගන්න එක..ඒ වගේ ම අපි තෝරගත්තෙ දැනටමත් MIX AND MASTER කරල තියෙන සින්දුවක් නම් ඊලගට කරන්න ඕන තමන්ට කැමති විදිහට ඒකේ ඔරිජිනල් බීට් එක හරි කටහඩ හරි යට යවන එහෙමත් නැතිනම් අඩු කරන එක..ඒක සමහර වෙලාවට 100% ක් සාර්ථකව කරන්න බෑ..ඒ සදහා අපිට Special Effects වගේම Equalizer එකෙනුත් Master Panel එකෙනුත් ඒ කාර්යය කරන්න පුලුවන්..දැන් අපේ තියෙන ලූප්ස්, බීට්ස් ඉම්පෝර්ට් කරගෙන වැඩේට බහින්න පුලුවන්..අපි සෙට් කරන ටෙම්පො එකෙන් පිට යන්නෙ නැතිව Time Correction හරියට තියලා අපිට පුලුවන් අපේ ලූප්ස් සහ බීට්ස් සෙට් කරන්න..මේකෙදි ඔරිජිනල් ට්‍රැක් එකේ බීට් එක වෙනස් කරල විතරක් හරි එහෙමත් නැත්තම් තැනින් තැන කපල කොටල ,විකල හපල, මිරිකල අපේම විදිහකට හදන්නත් පුලුවන්..මෙතනින් එහාට බලපාන්නෙ ඔයාලගෙ නිර්මාණාත්මක කම තමයි..තමන් ට හිතෙන තමන්ට කැමති විකාරයක් කරන්න පුලුවන්..ඒත් කරන හැම දෙයක්ම බොහොම සියුම්ව කරනවනම් තමයි ලස්සන..නැත්තම් ඉතින් හදපු එක අහන එකාට තමා විකාරයක් වෙන්නෙ...
6 වන පියවර - ඊටපස්සෙ අපේ බීට්ස්,බේස් කෑලි ගිටාර් කෑලි අරව මේවා ඔක්කොම දාල කපල කොටල අනුභව කරපු ට්‍රැක් එක දැන් අපිට පුලුවන් MASTER කරන්න..මේක තමා ඊලගට තියෙන ප්‍රධානම කාරණය..මේ පියවරේදි තමා අපිට හැම දෙයක්ම කරල හොද Out Put එකක් දෙන්න පුලුවන්..සරලව ගත්තහම මාස්ට්‍රින් තුලදි කරන්නෙ අපි එක් කරගත්ත ලූප්ස්, මියුසික් පාර්ට්ස් Out Put එකට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කිරීම,Stereo Channels මාරු කිරීම වගේ දේවල්,,ඊට අමතරව එක එක පාර්ට් එකට වෙන වෙනම Effects දාන්න පුලුවන් Mastering තුලදි..මාස්ට්‍රින් කියන්නෙ බොහොම සියුම් ව ටිකක් වෙලා අරන් කළයුතු වැඩක්..මේකෙදි ඔයාල මෙච්චර වෙලා කට්ට කාල සෙට් කරපු සින්දුව හදන්නත් පුලුවන්, චා කරගන්නත් පුලුවන්.. ඒ නිසා මේ පියවරේදි ඔයාල බොහොම සැලකිලිමත් වෙනවනම් හොදයි..
7 වන පියවර - අවසානේට ඔයාල MIX AND MASTER කරපු Project එක MP3 එකක් හරි Wav එකක් හරි විදිහට Export කරල තමන්ගෙ යාලුවන්ට, අපේ එලකිටි යාලුවන්ට අහන්න දෙන්න පුලුවන්..ඒ නිසා යාලුවො අතර බොහොම ජනප්‍රිය Artist කෙනෙක් වෙන්න ඔයාලට පුලුවන්.අපිව ඔයාලගෙ Fans ල කරගන්න පුලුවන්...ඒකයි මම කලිනුත් කිව්වෙ මේක ගොඩක් විවෘත කලාවක් කියල..

කීප් ඉට අප් බ්‍රෝ... +රෙප්