Do you Believe this ?

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මම කිව්වේ මගේ අදහස නෙමෙයි මචන් මම හොයල ඉගෙන ගත්ත දෙයක් එත් මම එක විශ්වාස කරන්නේ නැ .. ;)
    හොල්මන් මම විශ්වාස කරන්නෙත් නැ බන් .. ඔය දේවල් පෙනිච්ච මිනිස්සු බලපන් උන්ගේ හිත හරිම දුර්වලයි.. සෙලවෙන මනස කියන එකද කොහොද හොල්මන් වෙලා තියෙන්නේ

    awlak ne thanks machan
    mama awrudu ganaka idan hariyata uttarayak hoyana prashnayak mang me thread eken ehuwe.
    but thama beri una ban...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බුදුදහමේ සදහන් වෙන්නේ , පුනර්භවයක් ගැන ඒ කියන්නේ නැවත උපතක් හිටිය කෙනත් නොවන වෙන කෙනෙකුත් නොවන කාරණාවක් , තේරුම් ගන්න අමාරු දෙයක්, එහෙම ඒවට මේ කථාවත් තව ඕන තරම් කාරණා තියෙනවා.
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් කාර් එකක් හැප්පිලා මැරුණා. මිනිහා මැරුනේ ලයිට් කනුව ඔලුවට කඩාගෙන වැටිලා හරියටම ඇහැ උඩ , දැන් ඒ අම්මටම ළමයෙක් හම්බුනා මාර කේස් එක කියන්නේ ඒ ළමයගේ අර මැරුණු අයියගේ ලයිට් කණුව වැදුනු තැන තිබ්බ කැලල තියනවත් එක්කම පොඩි එකාගේ ඒ ඇහැ පේන්නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
    උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
    එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.

    බුදුදහමේ සදහන් වෙන්නේ , පුනර්භවයක් ගැන ඒ කියන්නේ නැවත උපතක් හිටිය කෙනත් නොවන වෙන කෙනෙකුත් නොවන කාරණාවක් , තේරුම් ගන්න අමාරු දෙයක්, එහෙම ඒවට මේ කථාවත් තව ඕන තරම් කාරණා තියෙනවා.
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් කාර් එකක් හැප්පිලා මැරුණා. මිනිහා මැරුනේ ලයිට් කනුව ඔලුවට කඩාගෙන වැටිලා හරියටම ඇහැ උඩ , දැන් ඒ අම්මටම ළමයෙක් හම්බුනා මාර කේස් එක කියන්නේ ඒ ළමයගේ අර මැරුණු අයියගේ ලයිට් කණුව වැදුනු තැන තිබ්බ කැලල තියනවත් එක්කම පොඩි එකාගේ ඒ ඇහැ පේන්නෑ

    මේකෙ බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඉන්න උන් බුද්ධාගමෙ තියෙන basic ම concept වත් දන්නෙ නෑ ... ඒත් අල්ලහ්ගෙ ආගමේ තියෙන ඔක්කොම වැරදි දන්නව :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකෙ බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඉන්න උන් බුද්ධාගමෙ තියෙන basic ම concept වත් දන්නෙ නෑ ... ඒත් අල්ලහ්ගෙ ආගමේ තියෙන ඔක්කොම වැරදි දන්නව :baffled:

    :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ත්‍රෙඩ් එක හොඳම උදාහරණයක් එළකිරි නාමික බෞද්ධයො ගැන.
    99% නාමික බෞද්ධයො. කොටින්ම ජාතකය නිසා බෞදධ වෙච්ච අය.
    බුද්ධ ධර්මය ගැන කිසිම අවබෝධයක් නෑ. jවැස්සකට වත් පන්සළකට යන්නෙ නෑ. බණක් දහමක් අහන්නෙ නෑ.
    :no:
    So sad :(

    (බලු සේනා බත් බැලයො දැං ඇවිත් මට හම්බයා කියලා බනියි :rofl: )
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේකෙ බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඉන්න උන් බුද්ධාගමෙ තියෙන basic ම concept වත් දන්නෙ නෑ ... ඒත් අල්ලහ්ගෙ ආගමේ තියෙන ඔක්කොම වැරදි දන්නව :baffled:

    :rofl: සිරාවට

    මේ මචන් මට කියපන් එතකොට මෝහනයෙන් (hypnotism) කරන්න මොකක්ද කියලා
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ත්රිලක්ශනේ තියෙන්නේ මේ ජිවිතේ , අනිත්‍ය , දුඛ්ක , අනාත්ම කියල.
    ඒක හාමුදුරුවරු උගන්නනෙත් එහෙමයි, පොත් වල තියෙන්නෙත් එහෙමයි. ඔහොම එකක් නං ඇහුවේ අද
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=4XvNgPbjvnw#t=701

    ඔන්න බලපන් මේ thread එකේම post කරල තියෙන video එකේ මේ ස්වාමීන් වහන්සෙ කියනව අනිච්ච, දුක්ඛ, අනත්ත කියල.
    සොයුර තමන්ගෙ හිතේ තියෙන්නෙ හරි ම දේ යැයි මානයෙන් සිතාගෙන කටයුතු කරන්න එපා. සෑම දෙයක් ම හේතු ඵල දහමට බහා බලන්න. එවිට ඔබට තේරෙයි හරි දේ කියන්නෙ තමන්ගෙ හිතේ අල්ලගෙන ඉන්න දේ ද, ධර්මය ද කියන එක.

    අනිච්ච කියන වචනෙ තේරුම, කැමැත්ත වෙනස් වෙනව කියන එක.
    පටිච්ච සමුප්පාද ධර්මය කියන්නෙ
    පටි + ඉච්ච + සං + උප්පාද
    පටි කියන්නෙ බැඳීම
    ඉච්ච කියන්නෙ කැමැත්ත
    සං කියන්නෙ රාග ද්වේශ මෝහ
    උප්පාදනය කියන්නෙ ඉපදෙනව
    කැමැත්තට බැඳීමෙන් රාග ද්වේශ උප්පාද විම පහදල දීල පිලියම් යොදන හැටි කියල දීපු දහම තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නෙ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15653679 said:
    මේ ත්‍රෙඩ් එක හොඳම උදාහරණයක් එළකිරි නාමික බෞද්ධයො ගැන.
    99% නාමික බෞද්ධයො. කොටින්ම ජාතකය නිසා බෞදධ වෙච්ච අය.
    බුද්ධ ධර්මය ගැන කිසිම අවබෝධයක් නෑ. jවැස්සකට වත් පන්සළකට යන්නෙ නෑ. බණක් දහමක් අහන්නෙ නෑ.
    :no:
    So sad :(

    (බලු සේනා බත් බැලයො දැං ඇවිත් මට හම්බයා කියලා බනියි :rofl: )

    hehe :rofl:

    :rofl: සිරාවට

    මේ මචන් මට කියපන් එතකොට මෝහනයෙන් (hypnotism) කරන්න මොකක්ද කියලා

    මමනම් නොදනිමි ... දන්න කෙනෙක් පැහැදිළි කරයි :) ... interesting subject එකක් :yes:

    http://www.youtube.com/watch?feature=player_detailpage&v=4XvNgPbjvnw#t=701

    ඔන්න බලපන් මේ thread එකේම post කරල තියෙන video එකේ මේ ස්වාමීන් වහන්සෙ කියනව අනිච්ච, දුක්ඛ, අනත්ත කියල.
    සොයුර තමන්ගෙ හිතේ තියෙන්නෙ හරි ම දේ යැයි මානයෙන් සිතාගෙන කටයුතු කරන්න එපා. සෑම දෙයක් ම හේතු ඵල දහමට බහා බලන්න. එවිට ඔබට තේරෙයි හරි දේ කියන්නෙ තමන්ගෙ හිතේ අල්ලගෙන ඉන්න දේ ද, ධර්මය ද කියන එක.

    අනිච්ච කියන වචනෙ තේරුම, කැමැත්ත වෙනස් වෙනව කියන එක.
    පටිච්ච සමුප්පාද ධර්මය කියන්නෙ
    පටි + ඉච්ච + සං + උප්පාද
    පටි කියන්නෙ බැඳීම
    ඉච්ච කියන්නෙ කැමැත්ත
    සං කියන්නෙ රාග ද්වේශ මෝහ
    උප්පාදනය කියන්නෙ ඉපදෙනව
    කැමැත්තට බැඳීමෙන් රාග ද්වේශ උප්පාද විම පහදල දීල පිලියම් යොදන හැටි කියල දීපු දහම තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නෙ.

    එළ TFS :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :rofl: සිරාවට

    මේ මචන් මට කියපන් එතකොට මෝහනයෙන් (hypnotism) කරන්න මොකක්ද කියලා

    මෝහනයෙන් මන් දන්න විදියට මේකයි කරන්නේ මචන්.

    සරලවම කිව්වොත් අපේ යටි හිතට ව්‍යංගයෙන් තොරතුරු දීම තමයි මෝහනයෙන් කෙරෙන්නේ...

    උදාහරණයක් විදියට ගත්තොත්..

    ඔයා ටීවී වල දැකල ඇති. ගෑනු අය යක්ෂනියන් වගේ කොන්ඩේ කඩා දාගෙන මට අහවල් මැරුණු කෙනා, යක්ෂයා වැහුනු විදියට හැසිරෙනවා. මේ වගේ දේවල් වලදී ගම්වල අය කියන්නේ යක්ෂයා ගහලා, වැහිලා, නැත්නම් අහවල් මළගිය ප්‍රාණියා ආවේස වෙලා කියලා.. :rofl::P

    ඉතින් තොයිලයක් නටනවා. මේ තොවිලෙනුත් කෙරෙන්නේ.. ඔය බිලි එහෙම දීල, නටල, ගිණි පිබල අරව මේව කරල කට්ටඩියා කියනවා මේ ආතුරයගෙ ඇගෙන් යන්න තොට මොනවද ඕන කියල. එතකොට අර රෝගියාම යක්ෂයා වගේ කෑගහල කියනවා. මට අරක ඕන මේක ඕන කියල. ඉතින් ඒව දීල අයින් වෙයන් කිව්වම යකා යනව..:baffled: ලෙඩා සුවපත් වෙනව..

    ඇත්තටම මෙතනදී වැහෙන යක්ෂයෙක් නෑ. මේකයි මෙතනදි වෙන්නේ.. ලංකාවේ ගැමි පළාත්වල ළමයෙක් ඉපදුනවා පොඩි කාලේ ඉඳන් ඔලුවලට දාන විකාර තියෙනව නේ.. ඒවායින් ටිකක් තමයි ඔය කළු කුමාරයා, මහසෝනා වගේ උන්. ඉතින් දුර්වල හිත් තියෙන අයගෙ සිත් තුලට යටි හිතේම බලවේගයක් විදියට ඔය කියන මනස්ගාත ඇතුලු වෙනව.

    තොවිලෙන් වෙන්නෙත් ඇත්තටම මනෝවිද්‍යාණුකූල ප්‍රතිකාරයක් තමයි එහිදී කට්ටඩියා ව්‍යන්ගයෙන් අර රෝගාතුර උන අයගේ හිතේ තියෙන බලවේග අයින් කරන එක. :P

    මේ තොවිල කියන දේ එච්චර හොඳ දෙයක් නෙමේ.. මොකද ඕක බලන්න එන අයගෙනුත් දුර්වල හිත් තියෙන සහ ඔවැනි ගතානුගතික විෂ්වාස වැඩි අයට ඔය ලෙඩේ හැදෙන්න පුලුවන්. අනික තොවිල නටන්න් ලක්ෂගනන් නාස්ති කරන්නේ කුමකටද?

    ඔය වගේ රෝග පළපුරුදු මනෝවෛද්‍ය වරයෙක්ට විනාඩි කීපයක මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කරන්න පුලුවන්.....:D

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පැටියා;15653679 said:

    මේ ත්‍රෙඩ් එක හොඳම උදාහරණයක් එළකිරි නාමික බෞද්ධයො ගැන.
    99% නාමික බෞද්ධයො. කොටින්ම ජාතකය නිසා බෞදධ වෙච්ච අය.
    බුද්ධ ධර්මය ගැන කිසිම අවබෝධයක් නෑ. jවැස්සකට වත් පන්සළකට යන්නෙ නෑ. බණක් දහමක් අහන්නෙ නෑ.

    (බලු සේනා බත් බැලයො දැං ඇවිත් මට හම්බයා කියලා බනියි
    :rofl: )

    :rofl::yes:
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අහල තියෙනව නේද පුබ්බේ නිවාසානුස්සති ඤාණය?
    මේ ඤාණය ලැබෙන්නෙ කෙලෙස් දවා තවා දැමූ විට. ඒ කියන්නෙ ලොව්තුරා බුදුන්, පච්චේක බුදුන්, අරහත් බුදුන්, මාර්ග ඵල ලාභී උත්තමයන්, භාවනා ක්‍රම මඟින් කෙලෙස් යටපත් කරපු පුද්ගලයන්ට.

    මෙම ඤාණයෙන් හැකියාව තියෙනව මේ මොහොතේ ඉඳන් ඇත අතීත අවස්තාවල පුන පුනා භව බිහි වීම් පිලිබඳ ආවර්ජනය කරගන්න. ඒ කියන්නෙ කලින් මොන ආත්මයක හිටියද ඊට කලින් මොන ආත්මෙද ඊටත් කලින් මොන ආත්මෙද, මොනවද ඒ කාල වලදි කරපු කර්මයන්, ඒව ප්‍රතිවිපාක දුන් අයුරු සියල්ල දැකගන්න පුලුවන්. මට හිතෙන විදිහට මෝහනයෙනුත් කරන්නෙ කර්මජ කයේ තැන්පත් වෙලා තියෙන බීජ යම්කිසි ආයාසයකින් එලියට ලබා ගැනීමක්.
    පුබ්බේ කියන්නෙ පෙර භව, ආත්ම යන තේරුම
    හොයල බලන්න බුද්ධ දේශණාවෙ පුබ්බේ කියන වචනෙ කොච්චර තියෙනවද කියල. පිරිත් අහනකොට අහන්න කී සැරයක් ඔය වචනෙ කියනවද කියල.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෝහනයෙන් මන් දන්න විදියට මේකයි කරන්නේ මචන්.

    සරලවම කිව්වොත් අපේ යටි හිතට ව්‍යංගයෙන් තොරතුරු දීම තමයි මෝහනයෙන් කෙරෙන්නේ...

    උදාහරණයක් විදියට ගත්තොත්..

    ඔයා ටීවී වල දැකල ඇති. ගෑනු අය යක්ෂනියන් වගේ කොන්ඩේ කඩා දාගෙන මට අහවල් මැරුණු කෙනා, යක්ෂයා වැහුනු විදියට හැසිරෙනවා. මේ වගේ දේවල් වලදී ගම්වල අය කියන්නේ යක්ෂයා ගහලා, වැහිලා, නැත්නම් අහවල් මළගිය ප්‍රාණියා ආවේස වෙලා කියලා.. :rofl::P

    ඉතින් තොයිලයක් නටනවා. මේ තොවිලෙනුත් කෙරෙන්නේ.. ඔය බිලි එහෙම දීල, නටල, ගිණි පිබල අරව මේව කරල කට්ටඩියා කියනවා මේ ආතුරයගෙ ඇගෙන් යන්න තොට මොනවද ඕන කියල. එතකොට අර රෝගියාම යක්ෂයා වගේ කෑගහල කියනවා. මට අරක ඕන මේක ඕන කියල. ඉතින් ඒව දීල අයින් වෙයන් කිව්වම යකා යනව..:baffled: ලෙඩා සුවපත් වෙනව..

    ඇත්තටම මෙතනදී වැහෙන යක්ෂයෙක් නෑ. මේකයි මෙතනදි වෙන්නේ.. ලංකාවේ ගැමි පළාත්වල ළමයෙක් ඉපදුනවා පොඩි කාලේ ඉඳන් ඔලුවලට දාන විකාර තියෙනව නේ.. ඒවායින් ටිකක් තමයි ඔය කළු කුමාරයා, මහසෝනා වගේ උන්. ඉතින් දුර්වල හිත් තියෙන අයගෙ සිත් තුලට යටි හිතේම බලවේගයක් විදියට ඔය කියන මනස්ගාත ඇතුලු වෙනව.

    තොවිලෙන් වෙන්නෙත් ඇත්තටම මනෝවිද්‍යාණුකූල ප්‍රතිකාරයක් තමයි එහිදී කට්ටඩියා ව්‍යන්ගයෙන් අර රෝගාතුර උන අයගේ හිතේ තියෙන බලවේග අයින් කරන එක. :P

    මේ තොවිල කියන දේ එච්චර හොඳ දෙයක් නෙමේ.. මොකද ඕක බලන්න එන අයගෙනුත් දුර්වල හිත් තියෙන සහ ඔවැනි ගතානුගතික විෂ්වාස වැඩි අයට ඔය ලෙඩේ හැදෙන්න පුලුවන්. අනික තොවිල නටන්න් ලක්ෂගනන් නාස්ති කරන්නේ කුමකටද?

    ඔය වගේ රෝග පළපුරුදු මනෝවෛද්‍ය වරයෙක්ට විනාඩි කීපයක මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කරන්න පුලුවන්.....:D

    බය වෙනවා සහ මෝහනය කියන්නේ දෙකක් නේ බන් .
    උබ හරි ඔය දුර්වල හිත තියෙන එඋන්ට ඔහොම වෙනවා කියපු එක .. එත් බන් මෝහනය අපි ඕන එකෙක්ට කරගන්න පුළුවන් නේ ?
    එකෙන් වෙන්නේ මොකක්ද කියල no idea
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    With related to this thread, the following 2 mins video will explain why we do not remember our past but some of them :)

    http://www.youtube.com/watch?v=NO3ooMv8oWw

    3.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    11.gif

    A/L වලට බුද්ධාගම ඉගෙන ගන්න අය නම් මේව දන්නව ... ප්‍රසිද්දියට බණ කියන අය නම් ඉතින් තමන් කියන දේවල් අහවල් සූත්‍රයෙ තියෙනව කියල කියන්නෙ නෑ නෙ

    ඒ වචන දෙකම එකයි කියල බං මම හිතාගෙන හිටියෙ.. he he
    මෙතන ඉන්න අනිත් උන්ටත් ඒ කේස් එකම වෙන්න ඇති තියෙන්නෙ

    3.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

    Edit:
    පළවෙනි පිටුව විතරක් බලල කෑගහන අයට

    බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය
    http://www.elakiri.com/forum/showpost.php?p=15649136&postcount=76
    මෙයා කියල තියන දේ හරි. වචන දෙකක වෙනස තමයි කට්ටියට පැටලිලා තියෙන්නෙ. පුනුරුප්පත්තිය සහ පුනර්භවය කියන වචන දෙකේ තියෙන්නේ අර්ථ දෙකක්. ඒවායින් බුදුදහමේ කියන්නේ පුනර්භවයක් ගැන. පුනුරුප්පත්තිය සංකල්පයේදී කියන්නේ නොවෙනස්ව පවතින ආත්මයක් ගැන. බුදුදහමේ කියන අනිත්‍ය බව එක්ක පුනුරුප්පත්තිය කියන දේ ගැලපෙන්නේ නැහැ. අපිට වැඩිය ධර්මය ගැන දන්නා හාමුදුරුවරු දෙන්නෙක් මේ ගැන කියල තියන දේවල් පහලින් තියෙන්නේ.

    9k=
    මැදගොඩ අභයතිස්ස හිමි.

    ස්වාමින් වහන්ස, බුදු දහමේ මූලික ලක්ෂණය පිළිබඳ කතා කරන විට සබ්බේ සංඛාරා අනිච්චා (හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල අනිත්‍යයි) සබ්බේ සංඛාරා දුක්ඛා (දුක්ඛ) සබ්බේ ධම්මා අනත්තා (සියලු ධර්මතා අනාත්මයි) ලෙස දක්වා තිබෙනවා. මෙහිදී සංස්කාර හා සංස්කාර නොවන සියලු ධර්මතා අනාත්ම යැයි පැවසෙන නිසාදෝ ඇතැමෙක් බුදු දහම අනාත්මවාදයක් ලෙස අර්ථ දක්වනවා. එහෙත් හෑගොඩ ඛේමානන්ද වැනි පාණ්ඩිත්‍යයෙන් හෙබි යතිවරයන් ඊට වෙනස් මත ඉදිරිපත් කර තිබෙනවා.

    මෙතනදි මුලින්ම බුදුරජාණන් වහන්සේ අනාත්මවාදියෙක් යැයි හඳුනාගන්න වෙනවා. ධම්මපදයේ රහතන්වහන්සේ පිළිබඳ මෙ වැනි අදහසක් තිබෙනවා.

    “අත්තං නිරත්තං නහිතස්ස අත්ථි - යෙනතං වජ්ජුං නහිතස්ස අත්ථි
    සබ්බේ සු ධම්මේ සු සමූහතේ සු - සමූහතා වාද පථාපි සබ්බේ”

    ආත්මයක් හෝ අනාත්මයක් කියන දෙක ම රහතන්වහන්සේ සම්බන්ධයෙන් නැහැ. අප වාග් ව්‍යවහාරයෙන් ප්‍රකාශ කළ ද එය ද උන්වහන්සේ තුළ නැහැ. සියලු ධර්මයන් ප්‍රහාණය කළ උන්වහන්සේ වාද පථ (වචනයෙන් කියන දේ) ඉක්මවා ඇත.

    ඒ වගේ ම සච්චක සමඟ භාග්‍යවතුන් වහන්සේ කරන සාකච්ඡාවකදී සච්චක අසනවා ආත්මයක් තිබෙනවා ද නැද්ද යන වග. බුදුරජාණන්වහන්සේ විමසනවා ඔබ ආත්මය කියන්නේ කුමකට ද කියා. සච්චක කියනවා පංචස්කන්ධයට කියලා.

    භාග්‍යවතුන්වහන්සේ විමසනවා රූපය ආත්මය ද? වේදනාව ආත්මය ද? ආදී වශයෙන්. සච්චක කියනවා ඒ සියල්ල නෙවෙයි කියලා. එසේනම් එහි එකතුව ද යැයි විමසනවා. එයත් නොවෙයි කියන තැන ආත්මයක් කොයින් ද? අප අනාත්මය පිළිබඳ කතා කිරීමට නම් ආත්මය පිළිගන්න සිදු වෙනවා. මම කියනවානම් මෙතන ගිනි නැහැ කියල. මම පිළිගන්න ඕනැ මෙතන නැතත් ගිනි කියල දෙයක් තිබෙන බව. බුදු දහම ප්‍රතික්ෂේප කරන්නේ ආත්මය නෙවෙයි, ඒ සම්බන්ධ ප්‍රලාප හෙවත් ආත්මවාදය යි.

    ස්වාමින්වහන්ස, උච්ඡේදවාදීන් ද ආත්මය ප්‍රතික්ෂේප කරනවා. එහෙත් බුදුදහම උච්ඡේදවාදයට හෝ ආත්මය පිළිගන්නා ශාස්වතවාදයට හෝ අයත් වන්නේ නැහැ. එසේනම් බුදු දහම කෙබඳු වූවක් ද?

    ආත්මවාදී හින්දුන් මරණය දුටුවේ කැදැල්ලක් අතහැර වෙනත් කැදැල්ලකට යන කුරුල්ලකු සේ පුරාණ ශරීරය අතහැර අලුත් ශරීරයකට යාමක් ලෙසයි. උච්ඡේදවාදීන් පිළිගත්තේ ශරීරය අළු කළාට පසු නැවත පැමිණීමක් නැති බවයි, බුදු දහම ශාස්වතවාදී නොවෙන්නේ ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට අවිනශ්වර සදාකාලික ශක්තියක් වන ආත්මය කියන දේ බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරන නිසායි. සබ්බේ සංඛාරා අනිච්චා. එහෙම නම් නාම රූප දෙකම අනිත්‍යයි. සත්ත්වයා නිර්මාණය වී තිබෙන්නේ නාම රූප දෙකින්. එහෙම නම් ස්ථිර දෙයක් තිබෙන්න බැහැ.

    ථෙරවාදයට අනුව උත්පාද වය ධම්මිනෝ මිසක් උත්පාද තිථි භංග කියල තුනක් නැහැ. තිථි අවස්ථාව තිබෙනවානම් ආත්මයක් තියෙනවා කියන්න පුළුවන්. උත්පාද සහ වය, එනම් ඇතිවීම සහ වෙනස් වීම යන දෙක පමණයි ලෝකයේ තිබෙන්නේ. කෙනෙක්ට එක් ලක්ෂණයක සිට තවත් ලක්ෂණයකට යන්න බැහැ. යාම පටන් ගත්ත පුද්ගලයා නෙවෙයි යාම අවසන් කරන්නේ. ඒ වන විටත් ඔහු වෙනස් වෙලා. එතන සිදුවන්නේ දේශාන්තරෝත්පත්තියක්. එහෙත් එහෙම වුණා කියල උච්ඡේදවාදී කියන්නත් බැහැ. එහෙමනම් හේතුඵල න්‍යායෙන් පලක් නැති වෙනවා. අනිත්‍යයේ උගන්වන ක්ෂණභංගුර න්‍යාය (වහා වෙනස්වීම) නිසා ආත්මයක් නැහැ කියනවා වගේ ම හේතු පවතින තුරු ඵල පවතිනවා යන හේතුඵල න්‍යාය නිසා උච්ඡේදයත් නැති වෙනවා.

    ඔබ විමසන්නේ එසේනම් බුදු දහම කුමක් ද කියායි. බුදුරජාණන්වහන්සේ කච්ඡාන ගොත්තට දේශනා කරනවා මේ ලෝකයේ ඇත, නැත කියා අන්ත දෙකක් තියන බව මේ උභයාන්තය අල්ලාගත් සමාජයකට ශාස්වතවාදය හැරුණුකොට උගන්වන්න තිබෙන්නේ උච්ඡේදවාදය පමණයි. බුදු දහම උභයාන්තය අල්ලාගන්නේ නැහැ. එහි ඉගැන්වෙන්නේ යථාර්ථයයි. ඒ නිසා බුදුදහම ශාස්වත වාදයත් උච්ඡේදවාදයත් යන දෙකම නෙවෙයි. ඒ දෙක අතර වූ දහමකුත් නෙවෙයි. ඒ දෙකෙහි සම්මිශ්‍රණයකුත් නෙවෙයි. එය යථාභූත ඥානයයි.

    බෞද්ධ දර්ශනයට අනුව පුනර්භවය පිළිගැනෙනවා. මෙසේ භවයක් පාසා යන ආත්මයක් නැතිනම් කුසල අකුසල ආදී පුද්ගල අනන්‍යතාවය රැගෙන යන වාහකයා විඥානය යැයි කිව හැකි ද?

    මහා තන්හා සංඛය සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනවා විඥානය වෙනත් ප්‍රත්‍යයන්ගෙන් තොරව හට නොගන්නා බව. නලකලාප සූත්‍රයේ සඳහන් වෙනවා බට මිටි දෙකක් කෙළින් කර තැබීම සඳහා එකට හේත්තු කර තැබිය යුතුයි වගේ නාම රූප නිතර ම එකට තිබෙන බවත්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙන් විඤ්ඤාණ පමණක් වෙන් කරන්න බැහැ. පංචස්කන්ධයෙන් වියුක්ත අවස්ථාවක් සත්ත්වයාට තිබෙනවා කියන්නේ උච්ඡේදවාදයයි. මරණින් මතු වෙනස් නොවූ විඤ්ඤාණයක් ගමන් කරනවාත් නෙවෙයි. සමස්ත පංචස්කන්ධයම ශක්ති බවට පරිවර්තනය වී එයත් වෙනස් වෙමින් ගමන් කරනවා.

    නූතන මනෝවිද්‍යා පරීක්ෂණවලින් පවා සොයාගෙන තිබෙනවා සත්ත්වයාගේ පැරැණි සිත පමණක් නොවෙයි ගුණගුණ හා කායික ලක්ෂණත් ගමන් කරන බව. ඒ අනුව විඤ්ඤාණ ආදී නාමයන් පමණක් නොවෙයි රූපයත් ගමන් කරනවා.

    එහෙත් කය මිස සිත නැති බඹලොව පිළිබඳ දේශනා තිබෙනවා. එය රූපයෙන් නාමය වියුක්ත වීමක් නොවේ ද?

    බත් උයන විට ජලය වැඩි වුණොත් කැඳ කියනවා. නියම ප්‍රමාණයට ජලය තැබුවොත් බත් කියනවා. ඒත් මේ දෙකේම සහල් සහ ජලය තිබෙනවා. ඒ වගේ ම සිත නිරුද්ධ වූ අවස්ථාවක් පිළිබඳයි ඒ සඳහන් වන්නේ. ප්‍රභලතාව අනුවයි මිස වියුක්ත වීමක් මත නොවෙයි ඒ සඳහන කරන්නේ. කය පමණක් තිබෙනවානම් එය උච්ඡේද දෘෂ්ටියට අයත් වෙනවා. ඒක හරියට බිස්සේ තිබෙන වී වගේ. ක්ෂේත්‍රයට වැටුණොත් පමණයි පැළවෙන්නේ.

    ආත්මයක් කියා දෙයක් නැති නිසා අනාත්මයක් පිළිබඳ සාකච්ඡා කළ නොහැකි බව ඉහත සාකච්ඡා වුණා. එහෙත් දස සංයෝජනයේ එන සක්ඛාය දිට්ඨිය හා ආත්මය අතර සම්බන්ධයක් තිබෙනවා නොවේ ද?

    සක්ඛාය දිට්ඨියේ දී මෙය මගේ ය. මම ය. මේ මාගේ ආත්මය ය කියන ආත්මවාදී දෘෂ්ටිගතිකත්වයෙන් මිදීමක් මිසක් එමඟින් කෙලෙස් ප්‍රහාණය කිරීමක් කතා කරන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැති කරනවා කියන්නේ සදාකාලික ආත්මයක් කියන, මම ය, මාගේ ය කියන දෘෂ්ටිය නැති කිරීම පමණයි. එය වරක් පැළවෙන බීජයක් වගේ. සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයා තුළ සක්කාය දිට්ඨිය නැහැ. එහෙත් ඔහු තුළ බීජ ශක්තිය නැති වී නැහැ. කාම රාග, පටිඝ නැති වූ විට පමණයි කාමලෝක සම්බන්ධ පැවැත්මෙන් ඉවත් වන්නේ. එහෙත් රූප රාග අරුප රාග තියෙනවා. ලෝකය තිබෙන්නේ අවිද්‍යාව කියන කැණි මඩලට සම්බන්ධවයි. එය නැති කරන තුරු සසර පවතිනවා.

    2Q==
    හෑගොඩ විපස්‌සී හිමි.

    බුදුදහමේ පුනරුප්පත්තිය ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි. භව කියන වචනයේ ධාතුව තමයි භූ ධාතුව භූ ධාතුවෙහි අර්ථය වීමයි. එය කර්මයයි. කරන්නෙක්‌ නැහැ. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව කෙටි සූත්‍රයක්‌ සඳහන් වෙනවා.

    ඉමස්‌මි සති - ඉධං හෝති
    ඉමස්‌මිං අස්‌ති - ඉධ න හෝති
    මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ.

    පුනබ්භව යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක්‌ තිබේ. මොහොතක්‌ පාසා සත්වයාගේ ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා පැවතීම මෙහි එක්‌ අර්ථයකි. අනෙක්‌ අර්ථයෙන් කියවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනවද? නැද්ද? කියා සැකයක්‌ ඇති කරගෙන තිබෙනවා.

    එනිසා පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් මොහොතක්‌ පාසා සත්වයාගේ පැවැත්ම ඇතිවෙනව නැතිවෙනව, යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ තීන්දුව ලැබෙනවා.

    හින්දු ආදී ආගමිකයින්ගේ ඉගැන්වීම තුළ තියෙන්නේ ආත්මය නමින් ස්‌ථිරව දෙයක්‌ පවතින බවයි. පුද්ගලයා තුළ ස්‌ථිර වූ වෙනස්‌ නොවන සත් පදාර්ථයක්‌ ඇති බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයින් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි. මරණයේදි භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශ වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදුනොවන බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ.

    නමුත් බුදු දහමේදී පුනර්භවයක්‌ ගැන කතා කළත් ආත්මය ගමන් කරන බවක්‌ විශ්වාස කරන්නේ නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුප්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ පැරැණි වස්‌ත්‍ර ඉවත් කර අලුත් වස්‌ත්‍ර ඇද ගැනීමක්‌ ලෙසයි. මරණයේදී භෞතික ශරීරය විනාශවී ගූඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම ආත්මයේදී යළිත් භෞතික ශරීරයක්‌ ගොඩ නඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ගමන් කෙරෙන්නේ. මෙයයි ශාස්‌වත වාදය කියලා අදහස්‌ කරන්නේ.

    හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස්‌ කරන්නේ. මෙය බුදු දහමේදී ප්‍රතික්‌ෂේපකරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක්‌ සිටිනවා. නැවත කරනවා නම් කරන්නෙක්‌ සිටිය යුතුයි.

    නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස ප්‍රතික්‌ෂේප කරනවා. පුනර්භවයෙන් අදහස්‌ කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබ්භවයයි. මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්‌.

    http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar1105155
    http://www.divaina.com/2010/08/26/samadi01.html
     
    • Like
    Reactions: mldarshana