මේ නිර්මානය කියවගෙන යද්දි මිනූ නංගියගේ කවිවල තිබුන ආත්මීය සුවඳ මගෙ නැහැයට ආයෙත් අලුතින් ඇතුල් වුනා කියල මට හිතෙනවා...
ඒ සුවඳ මේ හූයේ ඉන්න හැමෝටම අඩු වැඩි වශයෙන් දැනෙන බවට කිසිදු සැකයක් නෑ..
හිත පාරවගන්න වට්ටගන්න ඕනෙ තරම් කරුනු කාරනා ඇයට තියෙද්දීත් අවට සමාජයට ආදරය බෙදා දෙන්න, ඔවුන්ව හරි මතයෙන් දැනුවත් කරන්න ඒ පුංචිම පුංචි විප්ලවකාරිය කර පින්නාගෙන සිටි වගකීම් සමුදායට හා ඉන් නොනැවති එක කම්මුලකට වදිනා අතුල් පහර විඳ දරාගනිමින් අනිත් පස කම්මුලත් ඒ සඳහා දික්කරමින් තමා යන ගමනේ නිර්භයව නොසැලී කල සමාජ මෙහෙවරට මා අදත් මගේ හිස් වැස්ම ගලවා මෙලෙස ආචාර කරමි....
මිනූ නංගිට අප අතරට එන්නට..ඒ සමාජ මෙහෙවර නැවත අරඹන්නට ඉක්මනින්ම වරම් ලැබේවා!!
මෙලෙසින් මිනූ නංගියගේ නිර්මානයක් අපට කියවන්නට අවස්ථාව උදා කර දුන් කස්ස මල්ලියටත්, දිලක්ශිකා නංගීටත් මගේ ස්තුතිය....