“අසෙවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජා ච පූජනීයා නං
එතං මංගල මුත්තමං”
මේ ගාථාව මංගල සූත්‍රාගත ඉතා ප්‍රකට පළමු ගාථාවය. මෙහි ඇතුළත් මංගල කරුණු තුනකි. ඒවා නම් බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම මංගල කාරණා ලෙස නම් කළ හැකිය.
මෙහි බාලයන් ඇසුරු කිරීම පුද්ගලයාගේ දෙලොවම ජීවිත අවාසනාවන්ත වෙයි. එම නිසා මංගල කරුණක් ලෙස බාලයන් ඇසුරු නො කළ යුතුයි. බාල යනු වයසින් බාල නොවෙයි. බාල, පහත් ගති ගුණ වලින් හෙබි අයයි. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී බාල ලක්ෂණ මෙසේ හඳුන්වා ඇත.”නිතිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි, කතමානි නීති, බාලො දුච්චින්තීත චින්තී හොති, දුබ්භාසිත භාසී, දුක්කනකම්මකාරී” යන නිර්වචනයට අනුව නපුරු සිතිවිලි සිතන, නපුරු නරක වචන කතා කරන, සමාජයට අහිතකර කි‍්‍රයා කරන පුද්ගලයා බාලයායි. ඒ අනුව තිදොරින්ම සමාජ අහිතකර කි‍්‍රයා ඇති අය විසමාචාර වලින් යුක්ත බාලයා ඇසුරු නොකළ යුතුයි. එය පුද්ගලයාට සැප ලැබීමේ මංගල කරුණකි.
බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, ගා/බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි
බලගොඩ සිරිනිවාස හිමි
බලගොඩ සිරිනිවාස හිමි



...ඇයි මෙච්චර ගොන් ජෝක්ස් කරන්ණේ..ඕක පොඩි එකෙක් කරානම් අවුලක් නෑ...ඒත් ඔයා..
විපස්සනා 18 අවුරුද්දක් ප්‍රගුණ කරපු කෙනෙක් නේ
අටුල කියන්නේ විපස්සන කරලා මනස දියුණු කරපු සාධූ වරයෙක්
