උඹටත් සිංහල බෑ නේද? යකෝ ගේ අස්සේ ඉන්නේ නැතුව ගෙදරින් පලයන් කොහෙහරි..
දැන් උඹ අතේ 11,000 ද කොහෙද තියනවා කිවනේ..
ticket එකක් අරන් කෝච්චියේ නැගල කොහෙහරි පලයන්. ගිහින් අවිදපන් එහෙ. station එකට ඇවිත් නිදාගනින්.
සල්ලි ඉවර වෙනකන් ඇවිදලා ගෙදර වරෙන්. ඔලුව නිදහස් කරගනින් නිකන් එකම තැන හිර වෙලා ඉන්නේ නැතුව.
උඹ මැරුණා කියල කාටවත් දැනෙන්නේ නෑ. මේකේ එවුන් නම් උබ මැරුණා කියල දැනගන්නෙත් නැති වෙයි.
උඹ මේකේ live එකක් දීල මැරුණත් මේකේ ඉන්න එවුන් ගණන් ගන්නේ නෑ.
උන් shock වෙලා "අපරාදේ මම අනුරාධට මෙහෙම කිවේ" කියල දුක් වෙයි හරි කියල හිතනවානම් උඹට වැරදිලා..
උඹ මැරුණට පස්සේ ජාතික ශෝක දිනයක් තියල උඹට value එකක් දුන්නත් එක උඹට පේන්නේ නෑ.
කාටවත් පාඩම් උගන්නන්න ගොබ්බ වැඩ කරන්න යන්න එපා. දවසයි දෙකයි හැමෝටම අමතකයි.
නිකන් ගොන් වැඩ නොකර හිටපන්. උඹට උබේ අගයක් එන්න ජිවත් වෙයන්.
මැරෙන්නේ පොන්නයෝ. කොන්ද පණ තියන් කෙලින් හිටපන් පිරිමියෙක් වෙලා ඉපදුනා නම්.
මේ ටික හරි type කලේ උඹ වෙනම මානසික මට්ටමක ඉන්න හින්ද. අනිත් එකෙක්ට වඩා උඹ හිතන විදිය වෙනස් හින්ද..
මට මේකෙන් හම්බෙන දෙයක් නෑ.
උඹේ හිතේ ප්රශ්න වලට කාගෙන් හරි උදව් ගනින්. තනියම ඇවිදින්න පුරුදු වෙයන්. විකාර හිතෙන එක අඩු වෙයි.
ගෙදර ඉන්න එපා. ගෙදරින් ගිහින් පුළුවන් නම් තනියෙන් දෙයක් කරපන්. අන්න කරනවා නම් වැඩ.
උඹත් මේ ලෝකේ ඉන්න ඕනි.
අනික උඹට වඩා ප්රශ්න තියන මිනිස්සු තමයි මේ ලෝකේ ගොඩක් ඉන්නේ.