Download torrents via Direct links! no limits at all!!

madushanka224

Member
Feb 19, 2014
173
91
0
මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා.

Code:
http://dhiyatha.blogspot.com/2014/11/blog-post.html


මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න.


මෙම වෙබ් අඩවියේ මීට පෙර පළකල ලිපියක් හරහා ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කලහැකි ක්‍රම හයක් ඉදිරිපත් කලා. නමුත් මේ වනවිට එයින් කීපයක්ම ක්‍රියා කරන්නේ නැහැ. දැන් කියන්න යන්නේ ඒ සියල්ලම අමතක කරන්න කියලයි. ඔව් ඒ සියල්ලම අමතක කරන්න. මෙම විෂයෙහි දැවැන්ත පෙරලියක් සිදුකරමින් නවතම වෙබ් අඩවියක් කරලියට පැමිණ තිබෙනවා. මේ ලිපිය ලියන්නේ එම වෙබ් අඩවිය පිළිබඳ කරුණු දැක්වීමටයි.

වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. මේ වෙබ් අඩවියේ නම වන්නේ Hive. මෙය තවම පවතින්නේ Beta තත්වයේ. එනම් පරීක්ෂණ තත්වයේ. මෙහෙම කිව්වම බයවෙන්න එපා. Beta මට්ටම කියන්නේ අවසාන පරීක්ෂණ මට්ටම. මෙහිදී කරන්නේ පාරිභෝගිකයා වෙත පරිභෝජනය කිරීමට ඉඩ ලබාදී ගුණ දොස් විමසා බැලීමයි.


මෙම වෙබ් අඩවියේ ටොරන්ට් බාගත කිරීමට මෙන්ම නැරඹීමේ පහසුකමද සපයනවා කිසිම සීමාවක් නැතුව. Download වේගය UNLIMITED. මෙහෙම කිව්වට පොඩි පොඩි සීමා කීපයකුත් තියෙනවා.
එනම්,

එක් සතියක කාලයක් තුල මෙම වෙබ් අඩවියට Upload කලහැක්කේ 50GB දත්ත ප්‍රමාණයක් පමණයි.
20GB ට වඩා විශාල ෆයිල් Upload කල නොහැකියි.
එකම ටොරන්ට් ෆයීලයේ වීඩියෝ ෆයිල් එකකට වඩා වැඩි ගණනක් ඇත්නම් upload වන්නේ විශාලම වීඩියෝ ෆයිලය පමණයි.
එක් ටොරන්ට් ෆයිලයක් upload කිරීම සඳහා වෙන්කර ඇති කාලය පැය 4ක් පමණයි.

දැන් බලමු කොහොමද මේ වෙබ් අඩවියේ account එකක් හදාගන්නේ කියලා.

1.) මුලින්ම යන්න වෙබ් අඩවියට Hive.im

2.) පහළින් පෙන්නලා තියෙන ලින්ක් එක මත click කරන්න.


Capture1.PNG


3.) එවිට මතුවෙන popup එකෙහි පෙන්වා ඇති button එක click කරන්න.

Capture2.PNG


4.) ඉන්පසුව පහළින් පෙන්වා ඇති ස්ථාන දෙකට නම ඇතුළත් කරන්න. මුල් නම සහ දෙවන නම. ඉන්පසුව ඊට පහළින් ඇති create a new account button එක click කරන්න.

Capture3.PNG


5.) ඉන්පසුව පහළින් පෙන්වා ඇති ස්ථාන දෙකට ඔබගේ ඊමේල් ලිපිනය සහ මෙම වෙබ් අඩවිය සඳහා ඔබ භාවිතා කරන password එක ලබාදෙන්න. මෙහිදී නිවරද්‍යතාවය ගැන සැළකිලිමත් වන්න. මන්ද මෙහි ඊමේල් ලිපිනය සහ password එක නැවත වතාවක් පරීක්ෂා වන්නේ නැති බැවින්. ඉන් පසුව පහළින් ඇති රවුම් button එක කර අවශ්‍ය කරන profile picture එක තෝරන්න. ඉන් පසුව create account button එක click කරන්න.

Capture4.PNG


දැන් ඔබගේ account එක create කර අවසානයි. දැන් ඔබව මෙවැනි පිටුවකට යොමුවේවි.

Capture5.PNG



ටොරන්ට් ෆයිල් upload කරන ආකාරය.

1.) රතු පාටින් රවුම් කර ඇති button එක මත click කරන්න.

Capture6.PNG


2.) එවිට මෙවැනි පිටුවකට යොමුවේවි. මෙහි පෙන්වා ඇති ස්ථානයේ, ඔබට භාගත කරගැනීමට අවශ්‍ය ටොරන්ට් ෆයිලයේ magnet link එක paste කරන්න. (සැ.‍යු. :- .torrent ෆයිලය බාගත කෙරෙන ලින්ක් එක ලබාගන්නේ නැත. එඹවින් සෑම විටකම magnet link එක ලබාදෙන්න.) ඉන් පසු පහළින් ඇති කොළ පැහැති get link button එක click කරන්න.

Capture7.PNG


එවිට පහළින් මෙම ආකාරයෙන් ටොරන්ට් ෆයිලයේ බාගත කරගැනීමේ අවස්ථාව පෙන්වනවා.

Capture8.PNG


ටොරන්ට් ෆයිල බාගත කරගන්නා ආකාරය

1.) පහළින් පෙන්වා ඇති button එක click කරන්න.

Capture9.PNG


2.) එවිට යොමුවෙන පිටුවේ ඔබ upload කල ෆයිල මේ ආකාරයෙන් දකින්නට පුලුවන්. අවශ්‍ය ෆයිලය මත double click කරන්න.

Capture10.PNG


3.) පහළින් පෙන්වා ඇති download button එක click කිරීමෙන් අදාළ ෆයිලය බාගත කරගත හැකියි.

Capture11.PNG



විශේෂ කාරණාවක්

මෙම වෙබ් අඩවිය beta මට්ටමේදී සියලුම පහසුකම් නොමිලේ ලබා දෙනවා. නමුත් මෙම කාල සීමාවෙන් පසුව free users හට යම්කිසි සීමාවන් පැනවෙනවා. Download වේගය අඩාල කිරීමත් මීට ඇතුලත්. නමුත් මෙය මඟහරවා ගතහැකි ආකාරයක්ද ඔවුන් ලබාදී තිබෙනවා. එනම් 100 friends ඇතුලත් කරගැනීමයි. පහලින් පෙන්වා ඇති ස්ථානයේ username එක search කිරීම මගින් friends ලා add කරගත හැකියි.

Capture12.PNG


Capture14.PNG


Capture13.PNG



මගේ username එක pasan hive. කැමති අය ඉන්නවානම් මාවත් add කරන්න.
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මේක නම් කවුරු හරි දාල තිබ්බ මතකයි බන්.
    ඒ උනත් කමක් නෑ ඔන්න උබේ බ්ලොග් එකටත් ගිහින් බැලුව.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    dan oken tv series complete season ekak banna barida ,eka torrent eke episode 20 witara tiyana.???