MRF හයියයි ඒ නිසා කල් පදින්න පුලුවන් අනිත්වට සාපේක්ශව. ඒත් සුව පහසුවත් එක්ක බලනව නම් උඩින්ම තියෙන්නෙ TVS ටයර්. ගාන වැඩී. ඊට පස්සෙ DSI හෝ CEAT තමා ලාබෙට තියෙන්නෙ.
මම එක පාරක් CEAT දැම්ම. 30,000 ක් වගේ දිව්වා. දැන් තියෙන්නෙ DSI එකක් ඒකත් 36,000ක් දුවල තියෙනව තව 4000-5000ක් දුවන්න පුලුවන් වෙයි. MRF හයිය වැඩි නිසා බයික් එක ගැස්සෙනව වැඩී. (සාපේක්ශව ). ඉස්සරහ ටයර් එකට එක පාරක් MRF දැම්ම. මට නම් එපා උනා.. පිටි පස්සෙ එකට නම් MRF දාල නෑ.
CEAT එකේ අලුත් ටයර් එකක් ඇවිත් තියෙනවා ට්‍රැක්ටර් රෝදෙ වගෙ වටේටම කට්ට තියෙනවා. මම හිතන් ඉන්නෙ ඒකක් දාන්න.
ගොඩක් දුවන්න නම් MRF
අඩු මුදලකට සදාරන දුරක් යන්න නම් DSI හෝ CEAT
ටිකක් වියදම් කරන්න පුලුවන් නම් TVS
හොදට වියදම් කරන්න පුලුවන් නම් වෙන හොද ඊවා තියෙනව,ඒව ගැන වැඩිය දන්නෙ නෑ