DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – කැමරාවට LOVE කරන ඔබට

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – කැමරාවට LOVE කරන ඔබට

    එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්‍රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D තාක්ෂණය යොදාගනිමින් ඡායාරූපයක් වඩාත් තාත්වික ඡායාරූප ගැනීමට මේ නව කැමරාවට හැකියාව ඇත.

    w640.jpg

    “ජීව මාන ඡායාරූප / Living Pictures” වල විශේෂත්වය වන්නේ ඡායාරූපය ගැනීමට පසුවත් විවිධ සංස්කරණ වලට ලක්කල හැකි වීමයි. මේ නව Lytro Illum කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී දිශා පිළිබඳ දත්ත, වර්ණ, වර්ණ තීව්‍රතාවය සහ ආලෝක කිරණ යොමුවීම පිළිබඳ දත්ත වැඩ ප්‍රමාණයක් ඡායාරූපය සමඟම සටහන් වන නිසා නරඹන්නන්ට ඡායාරූපයේ Focus Point එක වෙනස් කිරීම, Depth of Field වෙනස් කිරීම හා ත්‍රිමාණ ආකාරයෙන් නැරඹීම සිදු කළ හැකියි. මීට පෙර පැවති DSLR තාක්ෂණය හරහා ඡායාරූපය ගැනීමෙන් පසුව මේ වෙනස්කම් කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ අනුව මින් මතුවට නියමිත කාලය, ආලෝකය, දිශාව බලා ඡායාරූප ගැනීම වෙනුවට සම්පූර්ණ සිදුවීම capture කර පසුව සංස්කරණයට දැන් අවස්ථාව උදාවී ඇත.

    w640-1.jpg

    නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ කලාව වියැකී යන ලෙසකින්ද කෙනෙකු තර්ක කරන්නට පුළුවනි. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක කලාවත්, පළපුරුද්දත් එක් වූ විට මෙතෙක් නොවූ විරූ අපූරූ නිර්මාණ කළ හැකි වනු ඇති බවයි අපගේ මතය.

    Lytro Illum කැමරාව වෙළඳ පළට නිකුත්වන මිල Rs208,286.15 වන නමුත් මේ දිනවල ඔබට එය Rs195,260.13 කට pre order කල හැක.

    SOURCE
     
    dev0x0

    Member
    Jul 11, 2014
    50
    1
    0
    නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්.me kathawa nan aththa.apo dan habai kollai ballai hama ekama photo gannawa.dslr ekak gaththama hithan inne photographer kenek kiyala godak aya.dan thawa fb pages bara gaanak atawa gani photography kaarayo kiyala :lol: monawa kalath experience eka naththan me wage wada thamai wenne :lol:

    10357596_10152502085839314_4097245279909110297_n.jpg
     
    Last edited:

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    33
    Matara
    Elazzz

    නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්.me kathawa nan aththa.apo dan habai kollai ballai hama ekama photo gannawa.dslr ekak gaththama hithan inne photographer kenek kiyala godak aya.dan thawa fb pages bara gaanak atawa gani photography kaarayo kiyala :lol: monawa kalath experience eka naththan me wage wada thamai wenne :lol:

    10357596_10152502085839314_4097245279909110297_n.jpg

    සිරා කතාව මචං
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලුත් අලුත් දේවල් ඉස්සරහට එනවා නේද මචන්? කාලයක් යනකොට DSLR කැමරාත් අර පොලොරොයිඩ්, රෝල් දාන කැමරා වගේ වෙයි