EAP,ETI ස්වර්නමහල්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    ජනතාවගේ රස වින්දනය නොතකා ටීවී එකේ යටින් අසූචි පටියක් දාල පැය 24 ම සල්ලි හම්බ කරද්දීවත් උඹලට හිතුනේ නැද්ද මුන් සල්ලි වලට අසාමාන්‍ය විදියට පෙරේතයි කියල? ඉස්සර වර්ල්ඩ් කප් එක පෙන්නපු හැටි මතකද? ඕවරේට බෝල 4 යි. ඕවරේ ඉවරවෙන්න කලින් ඇඩ්. පටන්ගෙන පලවෙනි බොලෙත් ඇඩ්. ඉතුරු ටිකත් ස්කෝ එක එහෙම නෑ වහලා ඇඩ්. හදිස්සියෙවත් බෝලයක් රීප්ලේ දැම්මොත් ඒ ඕවරේට බෝල 3 යි. මොකද රීප්ලේ බෝලේ 4 වෙනි එකට ගන්නවා. මතකද මුන් සල්ලි වලට කොච්චර පෙරේතද කියල.
    කවද හරි මිනිස්සුන්ගේ සල්ලි වලටත් අබ සරණයි කියන එක තේරුනේ නැද්ද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ජනතාවගේ රස වින්දනය නොතකා ටීවී එකේ යටින් අසූචි පටියක් දාල පැය 24 ම සල්ලි හම්බ කරද්දීවත් උඹලට හිතුනේ නැද්ද මුන් සල්ලි වලට අසාමාන්‍ය විදියට පෙරේතයි කියල? ඉස්සර වර්ල්ඩ් කප් එක පෙන්නපු හැටි මතකද? ඕවරේට බෝල 4 යි. ඕවරේ ඉවරවෙන්න කලින් ඇඩ්. පටන්ගෙන පලවෙනි බොලෙත් ඇඩ්. ඉතුරු ටිකත් ස්කෝ එක එහෙම නෑ වහලා ඇඩ්. හදිස්සියෙවත් බෝලයක් රීප්ලේ දැම්මොත් ඒ ඕවරේට බෝල 3 යි. මොකද රීප්ලේ බෝලේ 4 වෙනි එකට ගන්නවා. මතකද මුන් සල්ලි වලට කොච්චර පෙරේතද කියල.
    කවද හරි මිනිස්සුන්ගේ සල්ලි වලටත් අබ සරණයි කියන එක තේරුනේ නැද්ද?

    මෙ සීන් එක බොරුවක් කියලත් ස්වර්නවහිනියෙ ඇඩ් යනව දැන් :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    මෙ සීන් එක බොරුවක් කියලත් ස්වර්නවහිනියෙ ඇඩ් යනව දැන් :lol:
    තමන්ගේ නැති ප්‍රතිරූපයක් මවාපාන්න හදපු හැම කොම්පැනියම බංකොලොත් උනා. කොතලාවල යි සෝමා යි දෙන්නම කරේ ඒක. සෝමා කරපු සමාජ සේවයක් නෑ චැනල් එකෙන් උස්සල තිබ්බ ඇරෙන්න. කොතලාවලත් එහෙම්ම තමයි එයාත් මාධ්‍ය වලට පේන්න විතරයි කරේ.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    තමන්ගේ නැති ප්‍රතිරූපයක් මවාපාන්න හදපු හැම කොම්පැනියම බංකොලොත් උනා. කොතලාවල යි සෝමා යි දෙන්නම කරේ ඒක. සෝමා කරපු සමාජ සේවයක් නෑ චැනල් එකෙන් උස්සල තිබ්බ ඇරෙන්න. කොතලාවලත් එහෙම්ම තමයි එයාත් මාධ්‍ය වලට පේන්න විතරයි කරේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ සල්ලි දාල තියෙන මිනිස්සු ඔක්කොම දැන් දුවල ගිහින් ඕක වටකරලා අපේ සල්ලි දියව් කියල ඔෆිස් එක කුඩු කරලා යකා නටයිද දන්නේ නෑ :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකේ සල්ලි දාල තියෙන මිනිස්සු ඔක්කොම දැන් දුවල ගිහින් ඕක වටකරලා අපේ සල්ලි දියව් කියල ඔෆිස් එක කුඩු කරලා යකා නටයිද දන්නේ නෑ :P

    දන්නෙම නැතුව වහල දැම්මනම් තමා සැප :cool:
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    me wage ponsla hinda thma ara thel prashnedith boruwata loku hingyak athiwune.

    cheeththa dial ne :lol:

    ithin abilin wage rata gini thiya thiya hatara wate duwanawa
    :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් අසතුටුදායකයි. ජනතාව බිය විය යුතු නැහැ. කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්
    January, 2, 2018

    ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණයහිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාය හා ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවර කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද (02) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ එහි මුල් පියවර වශයෙන් විශ්‍රාහික හිටපු සහකාර මහ බැංකු අධිපතිවරයෙකු වන සේපාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මණ්ඩලයක් පත්කර එම ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු කරගෙන යාම සඳහා බාර කරනු ලබන බවයි. මෙම මණ්ඩලයට ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු හා නියෝජ්‍ය සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ද ඇතුළත් වේ.

    මේ සමාගම් දෙකේ සම්පූර්ණ වත්කම් නැති වීමේ ප්‍රශ්නයක් නැහැ. එදිනෙදා සමාගම් දෙක පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය සැපයීමේ අපහසුතාවයක් පමණයි තිබෙන්නේ. මෙය තාවකාලික ප්‍රශ්නයක්. තාවකාලික ප්‍රශ්නයක් නිසා මාස 06 ක කාලයක් අදාළ සමාගම්වලට කල් දීලා තියෙනවා මේක විසඳා ගන්න.“

    “ETI සමාගමේ දැනට තැන්පත්කරුවන් 33,000 ක් පමණ සිටිනවා. රුපියල් බිලියන 33.5 ක පමණ තැන්පතු තිබෙනවා. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සමාගමේ 90% ක අයිතිය තියෙන්නේ ETI සමාගමට. ස්වර්ණමහල් ෆිනෑන්ස් සමාගමේ දැනට තිබෙන්නේ රුපියල් බිලියන 2.4 ක පමණ තැන්පතු ප්‍රමාණයක්. තැන්පතුකරුවන් ආසන්න වශයෙන් 2,300 ක් පමණ සිටිනවා.“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    මේ අතර කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකරමින් එම තැන්පතු මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමටත්, තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදුකිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර තිබේ.

    තවද අද සිට මෙම ආයතන දෙක අධීක්ෂණය සඳහා මහ බැංකුවේ නිලධාරීන් 06 දෙනෙකු ද පත් කර තිබේ.

    මෙම ආයතනවල තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන සම්බන්ධව තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සහ එම ආයතනවල මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව මෙම ආයතන දෙකෙහි තැන්පත්කරුවන් වෙත දැනුම් දී සිටී.

    මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112-477258 හෝ 0112-477229 යන දුරකථන අංක මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැකිය.

    මහ බැංකුව විසින් ගෙන ඇති මෙම සියලු පියවර, මෙම ආයතනවල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ඒවා බව පැවසූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙය ජනතාවට කලබල විය යුතු තත්ත්වයක් නොවන බවත්, තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මහ බැංකුව පෙනී සිටින බවත් ය.

    http://biz.adaderana.lk/eti-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A-%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%85/
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Salli dene na bn. Ape Thathagei ammagei laksha 50k oke hira wela. Jivitha kalema pana nahagena marigena hamba karapuwa :(


    baya wenna epa ban seylan bank ekatat ohoma weddi central bank eka beragatta. ubalage salli hamba wei mcn