Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔

    අනේ කොලුවෝ,

    ඔය විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න එපා. ඔය කරන්නේ දැන දැන අන් අයව රවටන එකනේ. මෙතැන ඉන්න අයවත් ඒ විදිහේ රැවටීමක් කරන්න යොමු කරවනවා.

    මේ ලෝකේ මිනිස්සුන්ට ලාබ, පාඩු වෙනවා කියන එක සාමාන්‍යයි. තමන්ගේ ව්‍යාපාරයේ කීර්තියට කැලලක් වූ විට එය සකසාගන්න රැවටිලිකාර ක්‍රියා කරන්න එපා.

    හිතලා බලන්න ඔය විදිහට හැමෝම පුරුදු උනොත් මොකක් වේවි ද කියලා. තමන්ගේ ලාභය පිණිස හැමෝම අන් අයව රවටන්න හිතනවා, ක්‍රියා කරනවා. ඉතින් එහෙම උනාම අන් අයත් තමන්ව රවටනවා. ඒක තමන්ට පීඩාකාරී දෙයක්. අන් අය රැවටෙනකොට ඒක ඒ අයට පීඩාකාරී දෙයක්. ඉතින් ඔය ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ හැමෝම පීඩාවට පත්වෙන දේකට යොමුවීම.

    තමනුත් අන් අයට බොරු කියන්නේ නැතිව, අන් අයවත් බොරු කීමෙන් වැළැකී සිටීමට උනන්දු කරන එකනේ කළ යුත්තේ. ඒ විදිහට හැමෝම පුරුදු උනොත් හැමෝම පහසුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා.

    මේ ලෝකේ හැමෝම අන් අයව රවටන්නේ නැතුව ඉදීවි යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් තමන්ටත් අනුන්ටත් හොඳක් වෙන්න ඕනෑ නම් කරන්න වෙන්නේ අන් අයට බොරු කියන්නේත් නැතිව, අන් අයවත් බොරු කීමෙන් වැළකී සිටීමට යොමු කරවීම.

    මේ ලෝකේ මිනිස්සුන්ට ලාබ, පාඩු වෙනවා කියන එක සාමාන්‍යයි. කෙතරම් යහපත් ආකාරයට තමන්ගේ ව්‍යාපාරය කළත් අන් අයගේ අයහපත් ක්‍රියා නිසා පාඩු වෙනවා නම් එයත් අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහෙම පාඩු උනා කියලා තමන්ගේ ගුණයහපත්කම් ඉක්මවා කටයුතු කරන්න ගියාම ක්‍රමයෙන් ක්‍රමයෙන් තමනුත් පිරිහෙනවා, අන් අයවත් ඒ දිශාවට යොමු කළාම එය අන් අයගේ පිරිහීමටත් හේතු වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ප්‍රයෝජනයක් නැති දේවල්වල මහා වටිනාකමක් දකින පීඩාවට පත් කුණු මිනිසුන් පිරිසක්.

    ඔය විදිහට ක්‍රියා කිරීමෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඒක තමන්ටත් හොඳයි, අන් අයටත් හොඳයි.

    Skylark

    මචන් මෙහෙමයි මේක යම් තාක් දුරකට වැරදි බව පිලිගන්නවා හුගක් ඉබේ එකේ ඉන්න බයර්සලා ඕඩර් කරලා බඩු අවේ නැ කියලා රිපන්ඩ් ගන්නවා හුගක්ම ලංකවේ ඉන්දියාවේ උන් තමා මෙහෙම කරන්නේ මම දැනට පටන් අරගන මාස 3ක් වගේ වෙන්නේ ට්‍රැකින් තිබිලත් මුන් රිපන්ඩ් ගන්නවා ඉබේ එකේ උනුත් බ්යර්ට අදිනවා වැඩි මොකද අලුත් සෙලර් එකවුන්ට් එකක් නිසා දැන් ඉස්සර වගේ ඉබේ එක ඇතුලේ තමන්ට තැනක් හදාගන්න එක ලේසි නැ මම මුලින්ම ඉබේ සෙලින් කලේ 2011 වගේ මේ එකවුන්ට් එකෙන් නෙමේ වෙන එකකින් වෙන රටක විදියට හදපු එකට කෙල උනා ඩොලර් 600 ගානක් එක්කම පස්සේ මට එපා උනා ඉබේ එක අයෙත් පටන් අරගන බලන්න හිතුනේ මිට මාස 3කට වගේ කලින් ඔන්න මම කලේ ඩ්‍රොප්ශිහ්පින්ග් එකත් දැන් ලේසි නැ ඉස්සර වගේ මොකද මම සෙලින් ලිමිට් එක වැඩි කරගන්න ඉබේ කෝල් කරා එ වෙලේ අහපු පරශ්න වලට ඉබේ එපා උනා කොහොමහරි ගේමක් ගහලා සෙලින්ග් ලිමිට් එක ටිකක් වැඩි කරගත්තා එත් ලේසි නැ හුගක් ආවේ නැ කියලා කියනවා මම ඒ අයට කෙලින්ම රිපන්ඩ් කරනවා මොකද මට සල්ලි වලට වඩා එකවුන්ට් එක වටිනා නිසා අනිත් එක තමා අයිටම් එක ලැබුනත් ෆිඩ් බැක් එකක් දෙන්නේ හුගක් අය කලාතුරකින් සමහර අයට මම වැදලා වගේ දාගන්නේ ඉතින් එකයි එළකිරි එකේ අයගෙන් හෙල්ප් එකක් ඉල්ලුවේ මම එකවුන්ට් එක හදාගන්න තව දෙයක් ඉබේ එකේ ඉන්න හුගක් ලොකු සෙලර්ස්ලා මම මේ කරපු දේ කරනවා එයාලගේ ෆීඩ්බැක් හදගන්න මේක අලුත් දෙයක් නෙමේ​
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක වැඩිය කරන්න යන්න එපා බන්. උන් සස්පෙන්ඩ් කරනවා.
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    macho man order ekak damma. habai msg ekak ava Western Province valata delivery na kiyala. Passe mama request ekak damma. eka check karala accept karapan. then I'll leave a feedback :)
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    The seller has not specified shipping options to Sri Lanka.
    Please contact the seller and request a shipping method to your location.

    mehema err ekak enawa bn ee ai?

    upload center free