machan mul months wala selling limit tiyenne $500 neda
අලුත් එකවුන්ට් වලට මන් හිතන්නේ ලිමිටඩ්. මම පාවිච්චි කරන්නේ අයියගේ Ebay ස්ටෝර් එක. එයා එකේ බිස්නස් කරනවා අවුරුදු 12 ක ඉඳලා.
machan mul months wala selling limit tiyenne $500 neda
Higanada kiyala nam danne ne ban![]()


wenna athi ban godak kayiwaru gahana ewun data card daana higana hahtikare
මගේ Ebay වෙළඳාමේ ශුද්ද ලාභය
![]()
මේක මගේ පළමු වෙනි ත්‍රෙඩ් එක. යාලුවනේ මේ තමයි මගේ ඊබේ වෙළඳාමේ පළමු ශුද්ද ලාභය. සම්පුරණ ලාභය රුපියල් එක් ලක්ෂ පනස් හත්දහකට ආසන්නයි. ගොඩක් අය නෙට් එකේ කාලේ නාස්ති කර කර ඉන්නවා දැකලා තියනවා. ඉතින් මේ වගේ වැඩක් කරලා අදායමක් ලබා ගන්න පුළුවන්. ඒකයි මම මේක එළකිරි එකේ දාන්න හිතුවේ. මේ මගේ පෙබරවාරි 6 වෙනිදා සිට මාර්තු 10 දක්වා ලාබය. තවම මාසයයි පටන් අරන්. මම ඔන්ලයින් විකුනන්නේ බෑග් . ලේඩිස් පන්මලු හෑන්ඩ් බෑග්, පන්මලු ස්කූල් බෑග්ස්, මාර්කට් යන්න පාවිච්චි කරන බෑග් , ලැප්ටොප් බෑග්. ඔක්කොම ලංකාවේ ස්වදේශීය නිෂ්පාදන. සුද්දෝ මේවට ගොඩක් කැමතියි. වැඩිම කස්ටමර්ස් ල හම්බ උනේ ඇමරිකාවෙන් , ඊට පස්සේ යුරෝපෙන්. ලෝකේ අනෙක් රටවලිනුත් ඇනවුම් ලැබෙනවා. මට ගෘහස්ථ කර්මාන්තයක් විදිහට ලංකාවට අවේනික පන් මලු බෑග් හදන වසයසක ජෝඩුවක් හම්බ උණා. එයාලටත් මේකෙන් අදායමක් උපදිනවා. ලැප්ටොප් බෑග් නම් ගත්තේ පිට කොටුවෙන්. ඒවාට එච්චර ඉල්ලුමක් නැහැ. චීනයෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නිසා. මම පන් මලුවලින් ලැප්ටොප් බෑග්ස් හදව ගන්න බලා පොරොත්තු වෙනවා. මන් දැකලා තියනවා ගොඩක් අය ෆේස්බුක් එකේ එක එක දේශපාලුවන්ට . අන්තවාදීන්ට කඩේ යනවා. තමන්ගේ අතින් ඩේටා කපාගෙන එක එකාට කඩේ යන්න එපා. ඉතින් ඔයාලත් වටිනා කාලය නාස්ති කරගන්නේ නැතුව ප්‍රයෝජනවත් රටටත් ඇති වැඩ කරන්න. මේකෙන් අපේ රටට විදේශ විනිමය එනවා. මගේ වයස 22 . මම හිතනවා මගේ වයසේ ඉන්නේ අනෙක් යාලුවන්ට වඩා මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා. මේ වෙනකන් මම මගේ අධ්‍යාපනයට සල්ලි ඉල්ලා ගන්නේ ගෙදරින්. අපේ ගෙදර අයටත් ආර්ථික ගැටළු නැහැ.. අම්මයි තාත්තයි හොඳ රැකියවල යෙදෙනවා. එත් මිට පස්සේ SLIIT ගාස්තු මන් විසින්ම ගෙවා ගන්න පුළුවන් වෙයි. ඒක මට ලොකු ආඩම්බරයක්.
