EbSynth - Transform Video by Painting Over a Single Frame

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    අද මං කියන්න යන්නේ ඕනෙම වීඩියෝ එකක, එක frame එකකට යොදන effect එකක් හරි,සිද්ධ කරන මොනවාහරි වෙනස්කමක් භාවිතා කරලා ඒ effect එක මුලු වීඩියෝ එකටම apply කරන්න පුලුවන් පොඩි software එකක් ගැන. මේ software එකට කියන්නේ EbSynth කියලා ,මේකෙ තාම තියෙන්නේ beta version එකක්.මොකද තාම මේ software එක තියෙන්නේ තාමත් ආරම්භක අවස්ථාවේ නිසයි.මුලින්ම කරන්න ඕනෙ තමන්ට වෙනස්කම් කරන්න අවශ්‍ය වීඩියෝ එකේ PNG sequence එකක් ගන්න එක . Adobe After Effects පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්.







    Ebsynth interface
    EFuDz5kW4AIQH3p.jpg




    ඊට පස්සේ කරන්න ඕනෙ ඒ PNG sequence එකෙන් එක frame එකක් තෝරගෙන illustrator හරි photoshop හරි වගේ software එකක් පාවිච්චි කරලා ඒ frame එක තමන්ට කැමති විදිහට වෙනස් කරන එක.මේ frame එක තෝරගනිද්දි අපිට ඒ වීඩියෝ එකේ වෙනස් කරගන්න ඕන person, object ,background එකේ වැඩි ප්‍රදේශයක් හොදින් නිරාවරණය, ඒ කියන්නේ වැඩි හරියක් දර්ශනය වෙන frame එකක් තෝර ගන්න එක .එතකොට තමයි video effect එක මුලු වීඩියෝ එකටම හොදින් ම යොදන්න EbSynth එකට වඩා පහසු වෙන්නේ.
    තව දෙයක් තමයි මේ modify කරපු frame එකයි PNG sequence එකයි වෙන වෙන ම folders , 2ක තියන එක. EbSynth එකෙන් කරන්නේ මේ එක frame එකේ තියන effect එක PNG sequence එකේ තියෙන එක හැම image එකකට ම යොදන එක. මේ software එකෙන් වීඩියෝ එකක් ඇනිමේෂන් එකකට හැරවීම , De aging , motion paintings වගේ තව බොහෝමයක් වැඩවලට යොදාගන්න පුලුවන්. පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන් මේ වැඩේ කරන විදිහ ගැන සවිස්තර ව දක්වලා තියෙනවා




    මේ තියෙන්නේ මේ software එක devolop කරන කට්ටියගේ offical youtube channel එක.මේකට ගියොත් මේ software එක භාවිතා කරලා කරන්න පුලුවන් දේ ගැන tutorials බොහෝමයක් බලන්නත් පුලුවන්:yes:

    https://www.youtube.com/channel/UCcYK15gnJhpuIrQ0er9wRUA/videos



    Official website : https://ebsynth.com/



    මේ තියෙන්නේ මං එහෙම වෙනස් කරපු වීඩියෝ එකක screenshots ටිකක්.Al Pacino ගේ interview එකක Pacino ව පොඩ්ඩක් de age කළා :) .කලබලේ කරපු එකක් වුනාට හොද final result එකක් ලැබුනා.

    Al Pacino Breaks Down How He Became Jimmy Hoffa in 'The Irishman'.mp4_20210408_194654.881.jpg
    000_2.mp4_20210408_194213.697.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    PNG sequence gannai ayeth video ekak karannai ona ne
    tool ekak hoya ganna ona
    oya tutorial eke thiyenawa karana widiha. api wenas karapu image eke thiyana details frame by frame mulu image sequence ekatama dena eka thamai oya software eken karanne. e image sequences tika premere pro eken video format ekata harawaganna puluwan.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    oya tutorial eke thiyenawa karana widiha. api wenas karapu image eke thiyana details frame by frame mulu image sequence ekatama dena eka thamai oya software eken karanne. e image sequences tika premere pro eken video format ekata harawaganna puluwan.
    කරන හැටි තේරුනා මචන්
    විඩියෝ එක ඉමේජ් කරන්න පොඩි ටූල් එකක් හොයන ගමන් ඉන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind